
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාරිමාර්ග ව්‍යාපෘතිවලදී කඳු විදින්න මිලදී ගත් යන්ත්‍ර ප්‍රයෝජනයට නොගැනීමෙන් රුපියල් කෝටි හත්සීයක මුදලක් චීනයට නිකරුණේ ගෙවීමට සිදුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය
මේ එක සිද්ධියක් විතරයි. මෙහෙම තමයි මුදල් නාස්ති කරලා තියෙන්නේ. ලොකු පාඩුවක්.
ගිය අවුරුද්දේ උතුරු පළාත් ඇළට රුපියල් කෝටි 3200ක් වෙන්කරලා තියෙනවා. උමගේ වැඩ අවසන් කළා. එච්චර මුදලක් වෙන් කරලත් වැඩ අවසන් නැහැ. සල්ලි නැතුව මේක නතර වෙලා තිබුණා. අපි මේ ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd