ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 50 දෙනකු පමණ ඉදිරිපත් වෙතැයි ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය පවසයි. මෙම ගොල්ෆ් තරගවලිය මේ මස 19 සිට 21 දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්වීමට නියමිතය. ‘ප‍්‍රීමා සන්රයිස් බ්‍රෙඞ්’ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය 18න් පහළ බාලක බාලිකාවන් සඳහා විවෘත වන අතර වයස් සීමා අනුව කාණ්ඩ 4 කින් පැවැත්වේ. ප‍්‍රධාන තරගාවලිය, අවුරුදු 15-17 (රන්), අවුරුදු 11-14 (රිදී) සහ අවුරුදු 10න් පහළ (ලෝකඩ) වශයෙන් කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙයි. තරගාවලයේ සමස්ත ශූරතාව දිනාගන්නා ක‍්‍රීඩකයා 2012 ශ‍්‍රී ලංකා ගොල්ෆ් කනිෂ්ඨ ක‍්‍රීඩකයා ලෙස නම් කිරීමට නියමිතය. මිතුන් පෙරේරා, බිනුප විජේසිංහ, ලලිත් කුමාර, තිස්ස චන්ද්‍රදාස හා ධනික ද සිල්වා වැනි කී‍්‍රඩකයින් මේ වන විට ජාතික මට්ටමේ පසුවන්නේ මෙම තරඟාවලියෙන් ලබාගත් පන්නරය උපයෝගී කරගෙන බවද අද (11 වැනිදා) සවස පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ආනා පුංචිහේවා මහතා ප‍්‍රකාශකර සිටියේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට 50 ක් එති