දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනා ගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි එහි නිළධරයෝ කියති. වැලිපැන්න නවුත්තුඩුවේ කඩා වැටුණු මහා කන්දේ පස් ඉවත් කිරීම අදත් සිදු වෙයි. කන්දේ ඉහළ කොටසක් අනතුරු දායක ලෙස ඇති හෙයින් භූ විද්‍යාඥයන්ගේ උපදෙස් ගැනීමට අධිකාරිය බලාපොරොත්තු වෙයි. මංතිරු වෙන් කෙරෙන යකඩ වැට තවමත් සවිකර නැත. කන්ද කඩාවටුණු මීටර් 200ක දුර වාහන පැදවිමේ දී වේගය අඩුකරන්නැයි එහි ගමනාගමන හා නඩත්තු අධ්‍යක්ෂ පී.කේ. රණතුංග මහතා වාහන හිමියන්ගෙන් ඉල්ලායි. වාහන හිමියන්ගේ පහසුව තකා එම ප්‍රදේශයේ, අධිවේගී මාර්ග සේවකයෝ යොදවනු ලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මුට්ටිය ගන්න එලුවගේ බෙල්ල කැපුවා වගෙයි. (නි)
මේ අධිවේගෙයි, කුකුළේගමයි හින්දා අපි තවමත් ගංවතුරින් පීඩා විදිනවා. (නි)
අයියෝ සල්ලි
හොද 1000ක් කළත් එක වැරදක් ඇති අපේ අයට උඩ පැන පැන බනින්න.. ඝෘණාත්මක අදහස් ඇති මිනිසුන්..!(නු)
ඇත්ත
මෙහෙමත් බයෙන් පාරක යන්න පුලුවන්ද
අයියෝ සල්ලි
දිලංක .බිමල් . මෝඩ කතා කියන්න එපා
මෙවැනි අවස්ථාවක වේග පාලනයක් තිබිය යුතුයි.
වේගය අඩු කළා නම් කන්ද තියෙයි වාහන උඩ. (නි)
ඇත්ත ඇත්ත
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ...ගරහාලා අධිවේගය හැදුවයි අපි දුර දිග .......නොසිතාලා පහත් බිම්ද ගොඩ කෙරුවා හැමටම ....ඔරවාලා ඔං බොලේ ගන් වතුරෙන් අද ඇත. ..කෙලවිලා (නු)
කොහොමත් නම විතරයි අධිවේගී.. ගමන හෙමින්..!(නු)
අයියෝ සල්ලි කතාව ඇත්ත
දිලංක මේවා මොනවද...... වෙන දියුණු රටවල ගංවතුරට පාරවල් ගැලවිලා ගිහිල්ලා තියෙන්නෙ... මේවා කාගෙවත් වරදක් නෙමෙයි. ස්වභාවික විපත්. (ස)
පාර හදන්න කලිනුයි ඔය ගැන හිතන්න තිබුණේ . දැන් දුක් ගැනවිලි කිව්වට වැඩක් නෑ .'කුම්බලාමාළු කෑවනම් විදවපන් බළලෝ ' (ස)
මේ වගේ අධිවේගී මාර්ගයක් මම නම් දැක්කමයි..