කුරුණෑගල හා කොළඹ කොටුව අතර නව කාර්යාල දුම්රියක් සිකුරාදා (23) සිට ධාවන කරන බව දුම්රිය සේවය කියයි. කුරුණෑගලින් උදේ 6.25ට පිටත්වන මෙම දුම්රිය උදේ 8.38ට කොටුවට ළඟාවන අතර යළි සවස 4.40ට කෙටුවෙන් පිටත් වී සවස 6.45ට කුරුණෑගලට ළඟා වීමට නියමිතය. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම හා දුම්රිය සමාන්‍යාධිකාරී බී.ඒ.ආරියරත්න යන මහත්වරු මංගල ගමනට එක් වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි වෙලාවට වැඩ කරනවානම් එච්චරයි (ස)
රොෂාන් කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත. (නි)
පුද්ගලික අංශයේ අයට කාර් තියෙනවනේ. අපි ඒවායේ යන්නම්. නේද රොෂාන්? (නි)
මට පෙන්නේ මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට වැඩට යන්න දාගත්ත දුම්රියක් වගේ (ස)
අහිංසක මිනිස්සු උදේට විදින දුක දැක්කාම පව් කියලා හිතෙනවා (දී)
මිනිස්සු ගැන හිතලා වැඩක් කරලා
නුවරට කවදාවත් කාර්යයාල දුම්රියක් නෑ. හැමදාම කුඩම්මාගේ සැලකිලි (ස)
නම තමයි අවුල. කුරුණෑගලින් දුම්රියක් දැම්මා කිව්වානම් හරි.(ස)
වැඩේ නම් පංකාදු පහයි
ඕකෙන් පුද්ගලික අංශයේ සේවකයින්ට වැඩක් නැහැනේ. (නි)
මිනිස්සුන්ට හරිම සතුටුයි (දී)
කාලෝචිත වැඩක්
නියම වැඩක් (දී)
වචනින් කියන්න බැරි තරම් හොද වැඩක්
මිනිස්සුන්ට හොද සේවාවක්
එතකොට මේ සවස 4.40ට කොටුවෙන් පොල්ගහවෙලට ගිය කෝච්චියද කුරුණෑගලට දික්කරලා තියෙන්නේ? (නි)
වැඩේ හොදයි... ඒත් ටයිම් එක තමා අවුල්....රොෂාන්ගේ කතාව හරි ..(ස)
එහෙනම් 9ට වැඩ පටන්ගන්න පුලුවන්නේ. (නි)
ජනතා සේවය අකුරටම කරයි එහෙනම්. (නි)
කරපු වැඩේ හොදයි. නමුත් ඇතුගල්පුර කිව්වා වගේ අපේ කාර්යාල පටන්ගන්නේ 8.30 ට. අනික මේ හැම කාර්යාලයක්ම කොටුවේ දුම්රියපොළේ නෙවයිනේ තියෙන්නේ. කාර්යාල ඉවරවෙන්නේ 5 ට. අපිට කෝච්චියට එන්නත් විනාඩි 20 ක් අඩුම තරමේ යනවා. මේ වේලාවන් ගැනත් හොයල තමා නේද මෙව්වා දාන්න ඕනෑ. අනික නුවර ඉන්ටර්සිටි එක යන වෙලාව බලන්න. 3.35... කාර්යාල සේවකයෙක්ට ජීවිතේට මේකේ නුවර යන්න බැහැනේ. මේ කරන වැඩ වලින් පුද්ගලික අංශයේ වැඩකරන කට්ටියට කිසි සෙතක් නැහැ. (නි)
ඔය දුම්රියට දාන නම මොකක්ද? (නි)
ඕකෙන් තියෙන දුම්රියත් පමාවෙයිද දන්නෙ නැහැ? (නි)
මේක වෙන ස්ටේෂන් වල නවත්වන්නේ නැද්ද? (නි)
බොහොම හොද දෙයක්. (නි)
දැන් ඉතිං කන්තෝරුවට දොළහට ගියත් කමක් නැහැ. කෝච්චිය පරක්කුයි කියලා කියන්න පුලුවන්නේ. (නි)
රජයේ සහ පෞද්ගලික කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා මෙම දුම්රිය ධාවනයට කටයුතු යෙදු බව කිවුවත්, අනේ මන්දා.......? (නි)
එතකොට දැන් කීයටද කාර්යාල පටන් ගන්නේ? (නි)
බස් සේවාව දියුණු කරන්න බැරිනම් දුම්රිය සේවාවවත් දියුණු කරන්න බලමුද? (නි)
හරියටම කියන වෙලාවට එනවද? (නි)
වැඩේ නම් හොදයි. හැබැයි කොච්චර කල් තියෙයිද දන්නෙ නැහැ. (නි)
ඔන්න ඕවා තමයි ඇමතිතුමෝ කරන්න ඕනෑ වැඩ. (නි)
ඔය කියන වෙලාවටම ධාවනය වෙනවා නම් කොච්චර හොදද? (නි)
මේ රටේ කවදාද සැළසුම් කරලා වැඩක් කළේ? (නි)
නුවරටත් එක්කම දැම්මොත් හොඳයි (ස)