ඉන්දියාවේ මුම්බායිහිදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා 30 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. කණ්ඩායමේ නායිකාව වශයෙන් ශශිකලා සිරිවර්ධන නම්කර තිබේ.
මෙම සංචිතයට පසුගියදා අවසන් වූ අන්තර් සමාජ කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ නවක ක‍්‍රීඩිකාවෝ රැසක් ඇතුළත්ව සිටිති.
පුහුණුවීම්වලට නොපැමිණීම නිසා විස්සයි20 කාන්තා ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමිවූ ශ්‍රී ලංකාවේ දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස ‘සියැට්’ සම්මාන ලැබූ දඟ පන්දු යවන ෂෙරීනා රවිකුමාර් මෙම සංචිතයට ඇතුළත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතය:
ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොළවත්ත, චමනි සෙනෙවිරත්න, ෂෙරීනා රවිකුමාර්, මධුරි සමුදිකා, ප‍්‍රසාදිනි වීරක්කොඩි, ඩිලානි මනෝදර, ඒෂානි ලොකුසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි, යශෝධා මෙන්ඩිස්, දීපිකා රසාංගිකා, චමරි අතපත්තු, උදේශිකා ප‍්‍රබෝදනි, චන්දිමා ගුණරත්න, ලසන්ති මධුෂානි, චමරි පොල්ගම්පොල, ඕෂදී රණසිංහ, දර්ශනි ධර්මසිරි, ඉනෝකා රණවීර, රංගිකා ප‍්‍රනාන්දු, අමා කාංචනා, නිපුනි හංසිකා, අචිනි කුලසූරිය, කාංචනා වීරක්කොඩි, නිලක්‍ෂි ද සිල්වා, රොෂිනි පෙරේරා, සඳුනි අබේවික‍්‍රම, පූජානි ලියනගේ, මධුෂිකා මෙත්තානන්ද සහ සුගන්දිකා කුමාරි
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
11නේ අවශ්‍ය (දී)
30ම එක්කගෙන යනවද (දී)
ඉතිරි අය මොකටද යන්නේ (ස)
ගිහිල්ලා දෙන්න ඇට්ටි හැලෙන්නම. (නි)