IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කන්ටේනර ගෙයක් ලාබෙට

කොළඹ වරායට වසරකට නැව් බඩු ප‍්‍රවාහනය කරන කන්ටේනර හෙවත් බහාලූම් ලක්‍ෂ 10ක් 15ත් ගොඩබායි. බොහෝ විට බඩු ඉවත් කළ පසු අපනයනය කෙරෙන බඩු යැවීමේදී පාවිච්චි කරයි. එසේ නමුත් ඇමෙරිකාව වැනි රටවල නම් වසරකට හුවමාරු වන නැව් බඩු පෙට්ටි ප‍්‍රමාණය ලක්ෂ 250කි. මේ නිසාම මෙම පෙට්ටිවලින් බොහොමයක් නැවත භාවිතයට නොගෙන බඩු ගබඩාවල දිරාපත්වීමට අතැර ඇත. යුරෝපා රටවල වැඩිවෙමින් පවතින නිවාස හිඟයට දැන් මේ බහාලූම් පිළියමකි. දරාගත හැකි මිලකට නව නිවාස සැපයීමේ ප‍්‍රශ්නයට පිළිතුරක් හැටියට ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සමාගම් කිහිපයක් එවැනි කන්ටේනර්වලින් ගෙවල් හදයි. විශේෂයෙන් මුල් වරට නව නිවසක් මිලදී ගන්නා තරුණ පවුල්වල අය අතර ඉතාමත් ජනප‍්‍රිය වී ඇති මෙම නිවාස සියලූ සැප පහසුකමකින්ම යුක්තය. මෙවැනි නිවාස ඇමෙරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ හා ජර්මනියේ දැන් ජනප‍්‍රිය වී ඇත. ඇමෙරිකාවේ නැව් කන්ටේනර් 35ක් යොදා ගොඩනගා ඇති කාර්යාල සංකීර්ණයක්. ලන්ඩන් නුවර කන්ටේනර සංකීර්ණයක් නෙදර්ලන්තයේ අලංකාර නිවසක් විදුලිබලය සූර්යතාපයෙනි  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර කාමර හතරක නිවසක් කැලිෆෝනියාවේ සුන්දර පෙට්ටි නිවසක් අධිවේගී මාර්ගයක නැවතුම්පොළ බොජුන්හලක් කොළඹ වරායේ කන්ටේනර පැටවූ නැවක් කොළඹ වරායේ කන්ටේනර ගොඩබායි  



අදහස් (26)

කන්ටේනර ගෙයක් ලාබෙට

අමිල Sunday, 25 November 2012 12:00 PM

කල්පවත්තම කොහොමද

:       0       7

හේරත් Sunday, 25 November 2012 12:03 PM

ලාබයි නම් එච්චරයි

:       0       0

අජිත් Sunday, 25 November 2012 12:12 PM

යකඩ, සිමෙන්ති, ලී වලට යන වියදම ගැන බැලුවහම මේ වැඩේ හොදයි. (නි)

:       0       0

සුනිල් Sunday, 25 November 2012 12:19 PM

ලාබෙට පහසුවයි

:       0       0

විෂ් Monday, 26 November 2012 12:39 AM

ශීත රටවලට හොද වුණාට ලංකාවෙ ඕවා හැදුවොත් තැම්බිලා මැරෙන්නයි වෙන්නේ. (නි)

:       0       0

හේරත් Sunday, 25 November 2012 12:42 PM

ලංකාවෙත් හදමු අලුත් පාර්ලිමේන්තුවක් සහ උසාවියක්. (නි)

:       1       0

දුලිප් Sunday, 25 November 2012 12:44 PM

ඒ වැඩෙත් හොදයි

:       0       0

සිල්වා Sunday, 25 November 2012 12:37 PM

මේක ඔයාලට අලුත් දෙයක් වුණාට අපි නම් දැනුත් ඉන්නේ මේ ගෙවල් වල තමයි. මේවායේ හොද ආරක්ෂාවක් තියෙනවා. (නි)

:       0       0

දාබරේ Sunday, 25 November 2012 12:50 PM

හොඳ අදහස (ස)

:       0       0

සමන් Monday, 26 November 2012 02:24 AM

අපේ රටට ඕක හරියන්නෙ නැහැ. ඒසී වලට බිල් ගෙවන්න අපේ මිනිස්සුන්ට කොහේද සල්ලි තියෙන්නේ? (නි)

:       0       0

යෝනුස් Sunday, 25 November 2012 01:06 PM

කවුරුත් ගණන් ගත්තෙ නැති මේ පෙට්ටි දැන් ඉතිං ගණන් යයි. හැබැයි මේ ක්‍රමය ලංකාවට ගැළපෙන්නෙමත් නැතුවා නොවේ. (නි)

:       0       1

චන්ද්‍රසිරි Sunday, 25 November 2012 01:34 PM

මෙවැනි ගෙවල් පිරිසිදුව තබාගන්න පුලුවන් වුණත් ඒසී එක නම් ඕනෑමයි. (නි)

:       0       0

චානක Sunday, 25 November 2012 01:48 PM

ෂා මරුනේ. :) (නි)

:       0       0

චන්දන Monday, 26 November 2012 06:23 AM

ඇයි ලංකාවෙත් පෙට්ටි කඩ තියෙන්නේ ඕනෑතරම්. (නි)

:       0       0

උදිත් Sunday, 25 November 2012 02:17 PM

කොරියාවෙත් අපේ කොල්ලෝ හුගක් ඉන්නේ කන්ටේනර් ගෙවල් වල තමයි. (නි)

:       0       0

හිහාල් Sunday, 25 November 2012 02:17 PM

ලාබෙට ගෙවල්

:       0       0

අජිත් Saturday, 01 December 2012 02:20 AM

කාලෝචිත නිවාස සැලසුමක් (දී)

:       0       0

ෂිරාශ් Sunday, 25 November 2012 02:45 PM

ජනසෙවන ව්‍යාපෘතියට නව අදහසක් මේකෙන් එක්කරන්න බැරිද? (නි)

:       0       0

ඉරේෂ් Sunday, 25 November 2012 03:33 PM

අදහස නම් හොදයි. (නි)

:       0       0

ශ්‍රීනාත් Sunday, 25 November 2012 05:37 PM

ඇත්තටම හොද ක්‍රමයක්. නිකං මුඩුක්කු ගෙවල් හදාගෙන නගරයක අවලස්සන කරනවාට වඩා මේවගේ ඉවතලන බහාලුම් ප්‍රයෝජනයට ගැනීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 21 February 2013 03:48 PM

අකුනු වෑදෙනවද දන්නෙ නැහැ. කල් පැවැත්ම කොහොමද? ලස්සන ගෙවල් ටිකක් නම් තියෙනවා. ලංකාවට ගැළපෙන විදියට හදන්න ඕනෑ. (නි) …

:       0       0

රෝසා Sunday, 25 November 2012 08:16 PM

මේ කන්ටේනර් ගෙවල් වලට අකුණු එහෙම වදින්නේ නැද්ද? (නි)

:       0       0

රණතුංග Sunday, 25 November 2012 08:36 PM

ඇත්තටම හොද වැඩක්. මේ ගෙවල් හරිම ලස්සනයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 25 November 2012 08:52 PM

ඇයි පරණ ගුවන් යානාත් මේ වැඩේට යොදාගන්න පුලුවන්නේ. (නි)

:       0       0

ලලිත් Sunday, 25 November 2012 09:35 PM

යූරෝපයට ඒ සී ප්‍රශ්නයක් නොවේ. ලංකාවට නම් ගැළපෙන්නේ නැහැ. නමුත් කර්මාන්ත ශාලා වැනි දේවලට හොඳයි. ඉවතලන දේවල් ඵලදායි ලෙස යොදාගැනීම යුරෝපයේ ඉතා ඉහළින්ම සිදුවේ. අපට කුණු කරදරයක් වුණාට ඒ උදවියට ඒක සම්පතක්. අපිත් දකින හැමදෙයකම නරක පැත්තම නොබලා එහි හොඳ පැත්ත දැකීමට පුරුදු වුණොත් අපටත් දියුණුවිය හැක. පාරේ වැටි උන් මී කුණක් විකුණා පෝසතකු වූ අයකු ගැන අප ජාතක කතා වලින් අසා තිබුණද අප මේ කිසිම දෙයක් අපේ ජීවිත වලට එකතු කර නොගන්නේ ඇයි? ලංකාදීපය මෙවැනි දේ පෙන්නා දීම ගැන ඔවුනට ස්තුති කරමි. (නි)

:       0       0

K.sampath Friday, 05 March 2021 01:33 AM

කීයක් වෙනවාද? කොහෙද ගන්න තියෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site