කොළඹ වරායට වසරකට නැව් බඩු ප‍්‍රවාහනය කරන කන්ටේනර හෙවත් බහාලූම් ලක්‍ෂ 10ක් 15ත් ගොඩබායි. බොහෝ විට බඩු ඉවත් කළ පසු අපනයනය කෙරෙන බඩු යැවීමේදී පාවිච්චි කරයි. එසේ නමුත් ඇමෙරිකාව වැනි රටවල නම් වසරකට හුවමාරු වන නැව් බඩු පෙට්ටි ප‍්‍රමාණය ලක්ෂ 250කි. මේ නිසාම මෙම පෙට්ටිවලින් බොහොමයක් නැවත භාවිතයට නොගෙන බඩු ගබඩාවල දිරාපත්වීමට අතැර ඇත. යුරෝපා රටවල වැඩිවෙමින් පවතින නිවාස හිඟයට දැන් මේ බහාලූම් පිළියමකි. දරාගත හැකි මිලකට නව නිවාස සැපයීමේ ප‍්‍රශ්නයට පිළිතුරක් හැටියට ගොඩනැගිලි කර්මාන්තයට සම්බන්ධ සමාගම් කිහිපයක් එවැනි කන්ටේනර්වලින් ගෙවල් හදයි. විශේෂයෙන් මුල් වරට නව නිවසක් මිලදී ගන්නා තරුණ පවුල්වල අය අතර ඉතාමත් ජනප‍්‍රිය වී ඇති මෙම නිවාස සියලූ සැප පහසුකමකින්ම යුක්තය.
මෙවැනි නිවාස ඇමෙරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ හා ජර්මනියේ දැන් ජනප‍්‍රිය වී ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පවත්තම කොහොමද
ලාබයි නම් එච්චරයි
යකඩ, සිමෙන්ති, ලී වලට යන වියදම ගැන බැලුවහම මේ වැඩේ හොදයි. (නි)
ලාබෙට පහසුවයි
ශීත රටවලට හොද වුණාට ලංකාවෙ ඕවා හැදුවොත් තැම්බිලා මැරෙන්නයි වෙන්නේ. (නි)
ලංකාවෙත් හදමු අලුත් පාර්ලිමේන්තුවක් සහ උසාවියක්. (නි)
ඒ වැඩෙත් හොදයි
මේක ඔයාලට අලුත් දෙයක් වුණාට අපි නම් දැනුත් ඉන්නේ මේ ගෙවල් වල තමයි. මේවායේ හොද ආරක්ෂාවක් තියෙනවා. (නි)
හොඳ අදහස (ස)
අපේ රටට ඕක හරියන්නෙ නැහැ. ඒසී වලට බිල් ගෙවන්න අපේ මිනිස්සුන්ට කොහේද සල්ලි තියෙන්නේ? (නි)
කවුරුත් ගණන් ගත්තෙ නැති මේ පෙට්ටි දැන් ඉතිං ගණන් යයි. හැබැයි මේ ක්‍රමය ලංකාවට ගැළපෙන්නෙමත් නැතුවා නොවේ. (නි)
මෙවැනි ගෙවල් පිරිසිදුව තබාගන්න පුලුවන් වුණත් ඒසී එක නම් ඕනෑමයි. (නි)
ෂා මරුනේ. :) (නි)
ඇයි ලංකාවෙත් පෙට්ටි කඩ තියෙන්නේ ඕනෑතරම්. (නි)
කොරියාවෙත් අපේ කොල්ලෝ හුගක් ඉන්නේ කන්ටේනර් ගෙවල් වල තමයි. (නි)
ලාබෙට ගෙවල්
කාලෝචිත නිවාස සැලසුමක් (දී)
ජනසෙවන ව්‍යාපෘතියට නව අදහසක් මේකෙන් එක්කරන්න බැරිද? (නි)
අදහස නම් හොදයි. (නි)
ඇත්තටම හොද ක්‍රමයක්. නිකං මුඩුක්කු ගෙවල් හදාගෙන නගරයක අවලස්සන කරනවාට වඩා මේවගේ ඉවතලන බහාලුම් ප්‍රයෝජනයට ගැනීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි. (නි)
අකුනු වෑදෙනවද දන්නෙ නැහැ. කල් පැවැත්ම කොහොමද? ලස්සන ගෙවල් ටිකක් නම් තියෙනවා. ලංකාවට ගැළපෙන විදියට හදන්න ඕනෑ. (නි)
මේ කන්ටේනර් ගෙවල් වලට අකුණු එහෙම වදින්නේ නැද්ද? (නි)
ඇත්තටම හොද වැඩක්. මේ ගෙවල් හරිම ලස්සනයි. (නි)
ඇයි පරණ ගුවන් යානාත් මේ වැඩේට යොදාගන්න පුලුවන්නේ. (නි)
යූරෝපයට ඒ සී ප්‍රශ්නයක් නොවේ. ලංකාවට නම් ගැළපෙන්නේ නැහැ. නමුත් කර්මාන්ත ශාලා වැනි දේවලට හොඳයි. ඉවතලන දේවල් ඵලදායි ලෙස යොදාගැනීම යුරෝපයේ ඉතා ඉහළින්ම සිදුවේ. අපට කුණු කරදරයක් වුණාට ඒ උදවියට ඒක සම්පතක්. අපිත් දකින හැමදෙයකම නරක පැත්තම නොබලා එහි හොඳ පැත්ත දැකීමට පුරුදු වුණොත් අපටත් දියුණුවිය හැක. පාරේ වැටි උන් මී කුණක් විකුණා පෝසතකු වූ අයකු ගැන අප ජාතක කතා වලින් අසා තිබුණද අප මේ කිසිම දෙයක් අපේ ජීවිත වලට එකතු කර නොගන්නේ ඇයි? ලංකාදීපය මෙවැනි දේ පෙන්නා දීම ගැන ඔවුනට ස්තුති කරමි. (නි)
කීයක් වෙනවාද? කොහෙද ගන්න තියෙන්නේ..?