බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (16 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 244 ක් රැුස්කරමින් ලකුණු 215 ක් ඉදිරියෙන් සිටියේය. බංග්ලාදේශ පිල ලකුණු 556 ක් රැුස්කරමින් පළමු ඉනිමේදී ලකුණු 29 කින් පෙරමුණ ගැනීමට සමත්විය. කොදෙව් පිලේ 22 හැවිරිදි ආරම්භක පිතිකරු කිරාන් පවෙල් දෙවැනි ඉනිමේදී ලකුණු 110 ක් රැුස්කරමින් ඉනිම දෙකේදීම ශතක රැුස්කිරීමට සමත් විය. පවෙල් පළමු ඉනිමේදී ලකුණු 117 ක් රැුස් කළේය. බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම  ඕවර 144 කදී කඩුලූ 4 ට 527 (කිරාන් පවෙල් 117, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 203, දිනේෂ් රැම්ඞීන් නොදැවී 126, සොහග් ගෂී 145/3) සහ දෙවැනි ඉනිම  ඕවර 64.5 කදී කඩුලූ 6 ට 244 (ක‍්‍රිස් ගේල් 19, කිරාන් පවෙල් 110, ඩැරන් බ‍්‍රා්වෝ 76, ඩැරන් සැමී නොදැවී 15, සොහග් ගෂී 63/2, රුබෙල් හොසේන් 35/2, ශකීබ් අල් හසන් 56/2) බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 148.3 කදී සියලූ දෙනා දැවී 556 (තමීම් ඉක්බාල් 72, නයීම් ස්ලාම් 108, ශකීබ් අල් හසන් 89, නසීර් හොසේන් 96, මහ්මුදුල්ලා 62, රවී රාම්පෝල් 118/3, ඩැරන් සැමි 83/2, සුනිල් නරේන් 148/3)