බටහිර ඉන්දීය කොදෙව් පිල බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට කොදෙව්වෝ සමත් වූහ. කොදෙව් පිල කුල්නාහිදී අද (25 වැනිදා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීය. බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 සහ දෙවැනි ඉනිම  ඕවර 70.1 කදී සියලූ දෙනා දැවී 287 (තමීම් ඉක්බාල් 28, ශකීබ් අල් හසන් 97, නසීර් හොසේන් 94, ටිනෝ බෙස්ට් 40/6) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 200.3 කදී කඩුලූ 9 ට 648 සහ දෙවැනි ඉනිම  ඕවර 4.4 කදී කිසිවකු නොදැවී 30 (ක‍්‍රිස් ගේල් නොදැවී 20)