බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී ඊයේ (10) පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 18 කින් ජය ලැබීමට සමත් වූහ.
මෙහිදී කොදෙව් පිල වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ මාලන් සැමුවෙල්ස් පන්දු 43 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
බංග්ලාදේශය වෙනුවෙන් තමීම් ඉක්බාල් (නොදැවී 88) සහ මහ්මුදුල්ලා (නොදැවී 64) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 132 ක නොබිඳු සම්බන්ධතාවක් පැවැත්වුව ද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 197
(ඞ්වේන් ස්මිත් 24, මාලන් සැමුවෙල්ස් නොදැවී 85, ඩැරන් බ්‍රෝවෝ 41, කිරන් පොලාඞ් 15, ලිඞ්ලි සීමන්ස් නොදැවී 18, රුබෙල් හොසේන් 63/2)
බංග්ලාදේශ පිල ඕවර 20 කදී කඩුලූ 1 ට 179
(තමීම් ඉක්බාල් නොදැවී 88, එනමුල් හක් 22, මහ්මුදුල්ලා නොදැවී 64)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd