බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 564 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. මාලන් සැමුවෙල්ස් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 455 කදී හතරේ පහර 31 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 260 ක් රැුස්කිරීමට සමත් විය. බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 (නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා 76, අබුල් හසන් 113, ෆිඩෙල් එඞ්වඞ්ස් 90/6, ඩැරන් සැමී 74/3) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 172 කදී කඩුලූ 4 ට 564 (ක‍්‍රිස් ගේල් 25, ඩැරන් බ්‍රෝවෝ 127, මාලන් සැමුවෙල්ස් 260, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 109, සොහග් ගෂි 143/2, රුබෙල් හොසේන් 75/2)