IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


කිත්රුවන් - අෂාන් විශිෂ්ට පිතිහරඹයක

කිත්රුවන් විතානගේ (නොදැවී 157) සහ අෂාන් ප‍්‍රියංජන් (83) පැවැත්වූ අගනා සම්බන්ධතාව නිසා සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 398 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට යොවුන් පිතිකරු කිත්රුවන් විතානගේ පන්දු 157 කදී හතරෙ පහර 17ක් සහ හයේ 2 ක් සමගින් නොදැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ කඩුලූ 4 ක් ලකුණු 104 කට බිද වැටී තිබියදී කිත්රුවන් විතානගේ සහ අෂාන් ප‍්‍රියංජන් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 159 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

අෂාන් ප‍්‍රියංජන් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 117 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 83 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිලේ නායක ඇන්ජලෝ පෙරේරා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

උදාර ජයසුන්දර මුඵ ලකුණු 52 කදී දැවී ගිය අතර ඉදිරි පෙළ පිතිකරුවන් හතර දෙනා විශාල ඉනිම ගොඩනැගීමට අපොහොසත්වීමෙන් ලකුණු 104 කට කඩුලූ හතරක් බිද වැටීමෙන් යම්තරමක අසීරු තත්ත්වයකට පත්විය.

බංග්ලාදේශ 21 හැවිරිදි පිට දග පන්දුයවන ක‍්‍රීඩක සොහග් ගෂි දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 103 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

අද (04) තරගයේ දෙවැනි දිනයයි. 

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවර්ධන පිල

අෂේන් සිල්වා  ඇ. ජවුරුල් ස්ලාම් ප. රුබෙල් හොසේන්    29
උදාර ජයසුන්දර  ප. සොහග් ගෂි    20
ෂෙහාන් ජයසූරිය  ඇ. මහ්මුදුල්ලා ප. එලියස් සනී     26
ඇන්ජලෝ පෙරේරා  ස්ටම්ප් මුෂ්ෆිකුර් රහීම් ප. සොහග් ගෂි    15
කිත්රුවන් විතානගේ  නොදැවී     157
අෂාන් ප‍්‍රියංජන්  ඇ. ජවුරුල් ස්ලාම් ප. සොහග් ගෂි     83
නිරෝෂන් දික්වැල්ල  ඇ. මර්ෂල් අයුබ් ප. සොහග් ගෂි    14
ඉෂාර ජයරත්න  ක. මූ. කළා ප. සොහග් ගෂි    5
දුලංජන් මෙන්ඩිස්  ක. මූ. කළා ප. මහ්මුදුල්ලා     6
ළහිරු ගමගේ  ක. මූ. කළා ප. එලියස් සනී    18
අතිරේක    25
එකතුව  ඕවර 89.5 කදී කඩුලූ 9 ක් දැවී     398

පන්දුවට පහර දීමට සිටින පිතිකරු: කසුන් මධුසංඛ

කඩුලූ වැටීම:
1-52(ජයසුන්දර), 2-83(සිල්වා), 3-104(පෙරේරා), 4-104(ජයසූරිය), 5-263(ප‍්‍රියංජන්), 6-295(දික්වැල්ල), 7-301(ජයරත්න), 8-320(මෙන්ඩිස්), 9-398(ගමගේ)

පන්දු යැවීම:
අබුල් හසන්: 6.0.29.0, රුබෙල් හොසේන්: 17.1.71.1, සොහග් ගෂි: 30.5.103.5, මහ්මුදුල්ලා: 10.0.35.1, එලියස් සනී: 16.5.1.74.2, මොමිනුල් හක්: 3.0.19.0, මොහොමඞ් අෂ්රෆුල්: 3.0.23.0, නසීර් හොසේන්: 4.0.33.0

බංග්ලාදේශ පිල:
මුෂ්ෆිකුර් රහිම්, එනමුල් හක්, මොහොමඞ් අෂ්රාෆුල්, ජහුරුල් ස්ලාම්, මහ්මුදුල්ලා, නසීර් හොසේන්, මොමිනුල් හක්, සොහග් ගෂි, එලියස් සනී, රුබෙල් හොසේන්, අබුල් හසන්

(ඡයාරූප: ශාන්ත රත්නායක)

අෂාන් ප‍්‍රියංජන්ගේ ඉනිමෙන්..

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

කිත්රුවන්ගෙන් ශතකයක්...

 



අදහස් (0)

කිත්රුවන් - අෂාන් විශිෂ්ට පිතිහරඹයක

චානක Monday, 04 March 2013 09:09 AM

කොළඹ 07 රාජකීය විද්‍යාලයේ කොල්ලෙක්... ජය වේවා ! (ස)

:       0       0

දිල්රුක්-දෝහා Sunday, 03 March 2013 10:21 PM

ඔබ දෙදෙනාටම උනුසුම් සුභ පැතුම්. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

සිල්වා Monday, 04 March 2013 12:05 AM

නවකයින්ට තැන දෙන්න ඕනේ තමයි. පලපුරුදු අය නැතිව ගමන යාම ටිකක් අවිනිෂ්චිතයි.(නදී)

:       0       0

පොඩි පුතා Monday, 04 March 2013 05:15 PM

සුබපැතුම් ඔබට (දී)

:       0       0

යොහාන් Sunday, 03 March 2013 03:45 PM

පුතා කොහොම හරි හොදට ගහලා අර කොන්ත්‍රාත් අත්සන් නොකල ක්‍රීඩකයන්ගේ අඩුව පුරවන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 579 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


අහුන්ගල්ලේදී වෙඩි කෑ පෙදරේරුවා මරුට
2024 මැයි මස 10 381 0

අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.


නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක්
2024 මැයි මස 10 185 0

නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් (විමුක්ති එස් රුද්‍රිගු) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්


ඕෂද නෙත්මාල්ට ඉංග්‍රීසි විෂය අහිමි වුණේ කාගේ වරදින්ද
2024 මැයි මස 10 431 0

මව ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස


අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි සියල්ල කඩා වැටේ
2024 මැයි මස 10 221 0

විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩ


පොලිස්පතිගෙන් පොලිස් පරීක්ෂක සමන්ට එරෙහිව පැමිණිල්ලක්
2024 මැයි මස 10 627 0

තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2082 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1821 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site