දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත අභියාචනාධිකරණය කළ දැනුම්දීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද ප‍්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තුව උත්තරීතර බව කී කතානායක අනුර බණ්ඩාරනායක මහතා ඇතුළු පූර්වතමයන්ගේ තීන්දු සිහිපත් කරමින් පැවැසූවේ පාර්ලිමේන්තුවේ උත්තරීතර බව සුරකින බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නොයන බවත් කතානායකවරයා නිවේදනය කළේය. කතානායකටද දෝෂාභියෝග විභාග කරන තේරීම් කාරක සභාවේ සාමාජිකයනටද නොතීසි ලැබී තිබිණි. එය වරප‍්‍රසාද කඩවීමකියි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කතානායක හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියෙන් තමාට පැවැරී ඇති බලතල යටතේ තමා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කරන ලදැයි කී කතානායකවරයා, මෙම කාරක සභාව වගකිව යුත්තේ තමාට පමණකැයිද කීය. මේ නිසා තමාට හෝ මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ට හෝ කිසිදු නියෝගයක් නිකුත් කිරීමට පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ බලයක් නැතැයි කතානායකවරයා ප‍්‍රකාශ කළේය. මෙය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ බලාධිකාරියට යටත්වෙන කරුණක් බවත් මේ පිළිබඳ නීතිමය තත්ත්වය තමාගේ විශිෂ්ඨ පූර්වගාමියා වන දිවංගත අනුර බණ්ඩාරනායක මහතා 2001 ජූනි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙන ලද ඓතිහාසික නියෝගය මගින් විස්තරාත්මක ලෙස පැහැදිලි කර ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය. මෙය මුළුමණින්ම පාර්ලිමේන්තුවට අයිති කරුණක් බවද ඊට මැදිහත්වීමට කිසිදු පිටස්තර ආයතනයකට බලයක් නොමැති අතර එවැනි මැදිහත්වීමක් ඇති වුවොත් එය පාර්ලිමේන්තුවේ බලතල සහ වගකීම් බාල්දු කිරීමක් ලෙස සලකා ඉවත දැමිය යුතු බවද හිටපු කතානායකවරයා ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. කතානායකවරයා මෙම ප‍්‍රකාශය කළේ කතානායකවරයාට සහ දෝෂාභියෝග චෝදනා පිරික්සීමේ විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ වරප‍්‍රසාද ප‍්‍රශ්නය පිළිබඳව සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමිනි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම හරි කියමුකෝ. එතකොට ඔය පාර්ලිමේන්තුවට යන අයගේ අධ්‍යාපන සුදුසුකම් කොහොමද? මේවගේ ලොකු වැඩ කරන නිසා මීට පස්සේ නාම යෝජනා දීම සඳහා නීතිය පිලිබඳ පිළිගත් විභාගයක් සමත් වීම අනිවාර්‍යය කලයුතුයි නේද?(ස)
මොකද්ද ඒ ගමන ප්‍රශ්නය (දී)
මොකද්ද ඊට හේතුව (දී)
එසේ කරන්න එතුමාට බලයක් තියෙනවා (දී)
මේවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
එතකොට එහෙම කලාම අධිකරණයට අගරු කළා නොවෙයිද (දී)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුනගේ (ස)
එහෙමවත් කියලා බලමු. (නි)
මෙයාලට ගිය රට (ස)
අයියෝ සල්ලි
කතානායකට තරම් බලයක් තියනවාද (දී)
මොකද්ද ඊට හේතුව
මොකද්ද උසාවි තීන්දුව (දී)
අධිකරණෙ ඉන්නෙත් මිනිස්සුනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේත් මිනිස්සුනේ. තමන්ගේ බලය අනෙකකුට යටවෙනවාට කවුද කැමති? (නි)
දෙයියෝ සාක්කි
එය එසේම විය යුතුයි (ස)
මින් ඉදිරියට අධිකරණ නිතියට මිනිසුන් යටත් විය යුතු නැහැ. ජනතා නියෝජිතයින්ට ව්‍යවස්ථාකයෙන් විශේෂ වරප්‍රසාද හිමිවන්නේ නම් ඔවුන් පත්කර යැවූ මහජනතාව පරමාධිපත්‍යයි. එහෙයින් ජනතා පරමාධිපත්‍යට අධිකරණය යටත් වන්නේය. ඒ වරප්‍රසාදයට ජනතාවට අයිතිය. මහජන නියෝජිතයින්ට බලනොපාන අධිකරණ නීති මහජනතාව පිළිපදින්නේ මොන හේතුවකටද ? සියලු අධිකරණ වසා දමන්න. නීති හැදීමට සහ නීති ක්‍රියාත්මක කිරීමේ බලය ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට පවරගන්න. නිතීඥ වෘර්තිය අහෝසි කරන්න. දැන් 2/3 බලය ආණ්ඩුවට තිබෙන නිසා එයද පහසු කටයුත්තකි. (නි)
මොකද්ද අප්පේ ඒ බලය (දී)
එසේ කරන්නේ එතුමාට කිසිම බලයක් නැහැ (දී)
එතුමාට එහෙම කරන්න බලයක් ඇති (දී)
එකත් එහෙමද (දී)
එන පොට හොඳ නෑ . (ස)
මට හිතෙන්නේ කථානායක හරි. මොකද පෙනී යන හැටියට මෙහි වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා.(ස)
ඒ කල වැඩේ සාධාරණද අසාධාරනද (දී)
මමනම් විරුද්දයි ඒ වැඩේට (දී)
මතු රැකෙනා ශිල්පයමයි උගතමනා (ස)
නොදන්නා කමටයි අහන්නේ එහෙම කරන්න පුලුවන්ද (දී)
පාර්ලිමේන්තුවට ඉහලින් යන්ට ඔයාලට දෙයින්ගේ හාල් කැවිලද බොලව් (ස)
අයියෝ මොකද ඒ
කඩේ යන අයට කඩේ යන්න ලෑස්ති වෙන්න කියලාද කියන්නේ..?(නු)
රටේ තත්ත්වය අවධානම් සහිතයි වගේ..!(නු)
පක්ෂෙත් ඔයාලාගේ කතානායකත් ඔයාලාග් අර ඇමතිත් මේ ඇමතිත් ඔක්කොම ඔයාලාගේ ආණ්ඩුවත් ඔයාලාගේ රටත් ඔයාලාගේ සම්මානනීය මිනිසුන්ට මොනවත් නැහැ.. ඉතිං මොනවාද කරන්න බැරි..? (නු)
ඉනුදුරු අනාගතයේදි අපිට නඩු අහන්න පාර්ලිමේන්තු යන්න වෙයිද දන්නෙ නෑ...නේද.?(නු)
අපහාස කළා නේ එතකොට අධිකරණයට (දී)
ඔව් සිල්වා අපි මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු (ස)
කවුද දන්නේ මොනවා වෙයිද කියලා (දී)
එහෙමනම් මමත් උසාවියෙන් එන නියෝග පිලිපද්දීන්නේ නැ! මොකද අපිනේ දියවන්නාවට මේගොල්ලන්ව යැව්වෙ..!(නු)
එතුමාට එසේ කරන්න බලයක් තියෙනවාද (දී)
මෙතන තිබෙන අවුල අධිකරණයට මේ අය කැඳවන්න බලයක් තිබෙනවද නැද්ද කියන එකට වඩා මේ කරන දෙයින් අධිකරණය හෑල්ලුවට පත්වීමේ අවධානමයි. මෙහෙම වුණාම රටේ මිනිසුන්ගේ අධිකරණය ගැන තිබෙන විශ්වාසය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක අනතුරුදායක දෙයක්. අද රටේ හැම දෙයක්ම දේශපාලනීකරණයට යට වෙලා තිබෙන වෙලාවේ මේ වැඩෙන් අධිකරණයත් පහත් තත්වයකට පත් කිරීමෙන් මේ අය කරන්නේ විශාල අපරාධයක්. (නි)
මොනවා වෙන්න යනවාද මන්දන්නේ නැහැ (දී)
නොදන්න කමට අහන්නේ එහෙම පුලුවන්ද (දී)
කථානායකතුමනි, වත්මන් රාජ පරම්පරාවේ මෙකල දහම් මග යමින් සත්‍යය තේරුම් ගෙන බොහෝම පිං රැස්කර ගන්නා සැබෑම පිංවතා ඔබමය. රට වැසියන්ට පෙනෙන හරි මග තේරුම් ගත් මැතිඳුනි, සැමට සෙත සළසන්න. (නි)
ලංකාවේ නිතිය පුදුම දෙයක් (දී)
අපි නම් නෙවෙයි ඔන්න කලේ (දී)
කොහොමද එතුමාට තියෙන බලය (දී)
මොකද එසේ කරන්නේ (දී)
එසේ කරන්න එතුමාට බලයක් තියෙනවාද (දී)
මෙය නිවැරදියි. ව්‍යවස්ථාදායකය ජනතාවට වග කියනවා. අධිකරණය වග කියන්නේ නැහැ. ඒක නිසා අධිකරණයට , ව්‍යවස්ථාදායකට බලපෑම් කළ නොහැකි විය යුතුයි. ගොඩක් අදහස් දාන අය හිතන්නේ අධිකරණය හරි සුද්දා හරි , කොටියා හරි කමක් නැහැ ආණ්ඩුව එලවන්න ඕනෑ කියලා. නමුත් ඒකෙන් වෙන බලපෑම හිතන්නේ නැහැ. (නි)
ලලිත්, මොනවා කිවත් වැඩක් නැහැ. මොන ඡන්දයක් තිබ්බත් දිනන්නේ ඔය කියපු කට්ටියමයි (ස)
ඒක කොහොමද වෙන්නේ
බලය කියන්නේ ඔන්න ඕකට තමයි
කොහොමත් එක දෙයක් නම් පැහැදිලියි. මේ රටේ දැන් විපක්ෂයක් කියලා එකක් නැහැ. (නි)
දැන් ඉතින් ත්‍රෛ නිකායික මහා සඟරුවනේ ඉල්ලීමත් අහකයි. .. ඔබ වහන්සේලාට ලැජ්ජාවක් තියේනම් ඊළඟ වතාවේ 'අපේ හාමුදුරුවනේ' කියාගෙන එනවිට රජකාලේ හිටපු එඩිතර හාමුදුරුවරු කළා වගේ පත්ත නික්ඛුන්ජන කම්මය පනවා වදාරන සේක්වා.(ස)
නීති හදන අය හා නීති ක්‍රියාත්මක කරන අය අතර කිසි අවබෝධයක් නෑ වගේ (ස)