අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පක්ෂග්‍රාහී ලෙසත්, නිගරු ලෙසත් ක්‍රියා කළැයි කොළඹ අලුත්කඩේට රැස්වූ නීතීඥවරු පිරිසක් ප්‍රකාශ කළහ. ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ රටවැසියකුට චෝදනාවක් ඉදිරිපත් කළ විට උත්තර බැඳීම සඳහා සාධාරණ කාලයක් දීම රටේ නීතිය බවයි. එහෙත් අගවිනිසුරුවරියට ඒ අවස්ථාව නොලැබුණු බව ඔහු කීවේය. ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ කෙනෙකු අගවිනිසුරුට කැමති වූවත් නැතත් ඇය අධිකරණයේ ඉහළම ආසනය හොබවන බවයි. එවැනි කෙනෙකු අවමානයට ලක් කිරීම නුසුදුසු බවයි. විධායකය හා ව්‍යවස්ථාදායකය එක්ව ස්වාධීන අධිකරණයේ කොන්ද කඩා දමා ඇතැයි ද ඔහු කීවේය. විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය එකිනෙකාට ගරු කළ යුතු බවත්, ඉන් එක් පාර්ශ්වයක් හදිසි තීරණ ගැනීම වලංගු නොවන බවත් කීවේය. ජේ සී වැලිඅමුණ මහතා පැවුවේ නීතියේ ස්වාධිපත්‍යය සුරැකීමට මහජනයා වෙනුවෙන් නීතීඥයන් අරගල කරන බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට චෝදනා තුනකට වැරදිකරු බව කියන එක වැරදිද ? මේ පිළිබදව ඇයගේ නිර්දෝෂීභාවය රටට ඔප්පු කළ හැකිද ? එතකොට පාර්ලිමේන්තුව ගත් තීරණය වැරදිද ? මාසයක් ඇතුළත මෙවැනි දෝෂාභියෝගයක් විභාග කර අවසන් කළයුතු බව කියන්නේ අපේ ව්‍යවස්ථාවමයි ! එතකොට මේ පිළිබදව අධිකරණය දැනුම්වත් වී නැද්ද ? මාසයක් ඇතුලත තීරණ ගැනීමට ඉදිරිපත්වූ සාක්ෂි ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කිරීමට අධිකරණයට නොහැකිවූ බවද මේ කියන්න උත්සාහ කරන්නේ? ටිකක් අපැහැදිලිභාවයක් තිබෙනවා වගේ. (නි)
හදිස්සි නැතුව් සාධාරණ තීන්දුවක් දෙන්න (දී)
තීඥයන් හැම විටම කටයුතු කරන්නෙ මුදලට. ඒත් මෙතනදි ඇයි මෙතරම් කම්පාවට පත්වුණේ කියලා හිතෙනකොටත් පුදුම හිතෙනවා. අගවිනිසුරුතුමියට වු අපහාසයට මෙයලට ඔච්චර ඩොං ගියේ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සමහරුන්ගේ අරමුණ පළිගැනීමමයි. (නි)
මිනිසුනේ, දැන්වත් මොළය පාවිච්චි කරපල්ලා. (නි)
තුන් හතර ගමන් හිතලා තීරණයක් ගන්න ඕනේ (දී)
යුද්දෙ නිසා අපි අදුරේ ජීවත් උනා.. දැං අදුරේ මිය යනවා..!(නු)
ජනතා බලය ඔබ සමගයි(නු)
අධිකරණයට ජය වේවා..!(නු)
නීතියක් නැති රටක ජීවත් ෙවනවාට වඩා මිය යෑම වටී..!(නු)
ව්‍යවස්ථාවේ තියෙන විදියට නේද කටයුතු කළේ? එහෙනම් ඇයි දැන් මෙහෙම කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා..!(නු)
අපි ඔබ සමගයි. දළදා සමිදු පිහිටයි. (නි)
ජයවේවා ඔබට
කාටත් අනිතිමට යන්න තියෙන තැන අධිකරණය ඒක රැක ගන්න.!(නු)
ලක් ජනතාවම ඔබ සමගයි(නු)
ඔය කතාව ඔබතුමාලා නොකිවුවට අපි දන්නවා. (නි)
මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)
සුබ පැතුම්(නු)
ඕක හරියන්නේ නැතිවෙයිද? (නි)
කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ..!(නු)
ජනතාව වෙනුවෙන් නීතිඥයන්ට පාරට බහින්න වෙලා තියෙන්නේ.. (නු)
දුර රටක හිටියත් අපිට අපේ රට ගැනව ලොකු දුකක් තියෙනවා.. අපි කවදා හරි එන්න ඕන මේ රටට නේද කියලා... රණවිරුවො රට බේරාගත්තේ මේවා කරන්නද?(නු)
පංචශ්‍රීලය කඩන ඕනෙම කෙනෙකුට දඩුවම් උරුමයි.. වංචාව හොරකම බලයට නිලයට යට විය යුතු නැහැ..!(නු)
ඒ කියන්නේ මොන නරක වැඩක් කළත් කවදාවත් අගවිනිසුරු අස්කරන්න බෑහැ කියන එකද? (නි)
රටක නීතියේ ආධිපත්‍ය විනාශ වීම භයානක දෙයක්....(නු)
මේ ගොල්ල එතුමියවත් දේශපාලන වේදිකාවට අරන් නැතිකරයිද දන්නෙ නැහැ..!(නු)
දැන් නීතිඥවරුන් හිතුමතේට උසාවි වහනවා වගේ හෙට අනිද්දා වෙද්දී මිනිස්සුත් හිතුමතේට උසාවි එයි නේද? (නි)
නින්ද ගිය මිනිස්සු නැගිට්ටවා ගත්තත් හොරට නිදාගන්න එකා නැගිට්ටවනවා බොරු. (නි)
ඉක්මන කොටයි (දී)
ඉක්මන කොටයි
හොදට හිතලා මතලා තීරණ ගන්න ඕනේ (දී)
මෙතන තියෙන්නේ පැහැදිලි පළිගැනීමක්. (ත)
ඇයි මේ තරම් ඉක්මණට මහජනතාවට බලපාන දැවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න බැරි? (නි)