IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘කඩිනම් තීරණ හරි නෑ‘

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පක්ෂග්‍රාහී ලෙසත්, නිගරු ලෙසත් ක්‍රියා කළැයි කොළඹ අලුත්කඩේට රැස්වූ නීතීඥවරු පිරිසක් ප්‍රකාශ කළහ. ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ රටවැසියකුට චෝදනාවක් ඉදිරිපත් කළ විට උත්තර බැඳීම සඳහා සාධාරණ කාලයක් දීම රටේ නීතිය බවයි. එහෙත් අගවිනිසුරුවරියට ඒ අවස්ථාව නොලැබුණු බව ඔහු කීවේය. ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ කෙනෙකු අගවිනිසුරුට කැමති වූවත් නැතත් ඇය අධිකරණයේ ඉහළම ආසනය හොබවන බවයි. එවැනි කෙනෙකු අවමානයට ලක් කිරීම නුසුදුසු බවයි. විධායකය හා ව්‍යවස්ථාදායකය එක්ව ස්වාධීන අධිකරණයේ කොන්ද කඩා දමා ඇතැයි ද ඔහු කීවේය. විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය එකිනෙකාට ගරු කළ යුතු බවත්, ඉන් එක් පාර්ශ්වයක් හදිසි තීරණ ගැනීම වලංගු නොවන බවත් කීවේය. ජේ සී වැලිඅමුණ මහතා පැවුවේ නීතියේ ස්වාධිපත්‍යය සුරැකීමට මහජනයා වෙනුවෙන් නීතීඥයන් අරගල කරන බවයි.



අදහස් (0)

‘කඩිනම් තීරණ හරි නෑ‘

ඔසන් සලාම් - දෝහා Tuesday, 11 December 2012 06:31 PM

එතකොට චෝදනා තුනකට වැරදිකරු බව කියන එක වැරදිද ? මේ පිළිබදව ඇයගේ නිර්දෝෂීභාවය රටට ඔප්පු කළ හැකිද ? එතකොට පාර්ලිමේන්තුව ගත් තීරණය වැරදිද ? මාසයක් ඇතුළත මෙවැනි දෝෂාභියෝගයක් විභාග කර අවසන් කළයුතු බව කියන්නේ අපේ ව්‍යවස්ථාවමයි ! එතකොට මේ පිළිබදව අධිකරණය දැනුම්වත් වී නැද්ද ? මාසයක් ඇතුලත තීරණ ගැනීමට ඉදිරිපත්වූ සාක්ෂි ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කිරීමට අධිකරණයට නොහැකිවූ බවද මේ කියන්න උත්සාහ කරන්නේ? ටිකක් අපැහැදිලිභාවයක් තිබෙනවා වගේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 12 December 2012 03:21 AM

හදිස්සි නැතුව් සාධාරණ තීන්දුවක් දෙන්න (දී)

:       0       0

කුමාර Tuesday, 11 December 2012 06:51 PM

තීඥයන් හැම විටම කටයුතු කරන්නෙ මුදලට. ඒත් මෙතනදි ඇයි මෙතරම් කම්පාවට පත්වුණේ කියලා හිතෙනකොටත් පුදුම හිතෙනවා. අගවිනිසුරුතුමියට වු අපහාසයට මෙයලට ඔච්චර ඩොං ගියේ ඇයි? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නන්දන Tuesday, 11 December 2012 06:47 PM

සමහරුන්ගේ අරමුණ පළිගැනීමමයි. (නි)

:       0       0

නදුනි Tuesday, 11 December 2012 06:49 PM

මිනිසුනේ, දැන්වත් මොළය පාවිච්චි කරපල්ලා. (නි)

:       0       0

නිමල් Wednesday, 12 December 2012 04:02 AM

තුන් හතර ගමන් හිතලා තීරණයක් ගන්න ඕනේ (දී)

:       0       0

තුසිත Tuesday, 11 December 2012 06:51 PM

යුද්දෙ නිසා අපි අදුරේ ජීවත් උනා.. දැං අදුරේ මිය යනවා..!(නු)

:       0       0

කපිල Tuesday, 11 December 2012 06:53 PM

ජනතා බලය ඔබ සමගයි(නු)

:       0       0

සුමති Tuesday, 11 December 2012 06:55 PM

අධිකරණයට ජය වේවා..!(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 11 December 2012 06:56 PM

නීතියක් නැති රටක ජීවත් ‍ෙවනවාට වඩා මිය යෑම වටී..!(නු)

:       0       0

උද්දික Wednesday, 12 December 2012 04:38 AM

ව්‍යවස්ථාවේ තියෙන විදියට නේද කටයුතු කළේ? එහෙනම් ඇයි දැන් මෙහෙම කියන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජේ.කේ.අමරවීර Tuesday, 11 December 2012 07:03 PM

රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා..!(නු)

:       0       0

කරු Tuesday, 11 December 2012 07:09 PM

අපි ඔබ සමගයි. දළදා සමිදු පිහිටයි. (නි)

:       0       0

නිර්මාල් Tuesday, 11 December 2012 07:06 PM

ජයවේවා ඔබට

:       0       0

ධර්ම Tuesday, 11 December 2012 07:11 PM

කාටත් අනිතිමට යන්න තියෙන තැන අධිකරණය ඒක රැක ගන්න.!(නු)

:       0       0

ජෝර්ජ් Tuesday, 11 December 2012 07:14 PM

ලක් ජනතාවම ඔබ සමගයි(නු)

:       0       0

සම්පත් Wednesday, 12 December 2012 05:28 AM

ඔය කතාව ඔබතුමාලා නොකිවුවට අපි දන්නවා. (නි)

:       0       0

රුවන් Tuesday, 11 December 2012 07:17 PM

මමත් පිලි ගන්නවා ඒ කතාව (දී)

:       0       0

සරණංකර Tuesday, 11 December 2012 07:24 PM

සුබ පැතුම්(නු)

:       0       0

රනා Wednesday, 12 December 2012 06:49 AM

ඕක හරියන්නේ නැතිවෙයිද? (නි)

:       0       0

අජිත් කරු Tuesday, 11 December 2012 07:39 PM

කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ..!(නු)

:       0       0

ලසන්ත Tuesday, 11 December 2012 08:06 PM

ජනතාව වෙනුවෙන් නීතිඥයන්ට පාරට බහින්න වෙලා තියෙන්නේ.. (නු)

:       0       0

චමත් කොරියාව Tuesday, 11 December 2012 08:19 PM

දුර රටක හිටියත් අපිට අපේ රට ගැනව ලොකු දුකක් තියෙනවා.. අපි කවදා හරි එන්න ඕන මේ රටට නේද කියලා... රණවිරුවො රට බේරාගත්තේ මේවා කරන්නද?(නු)

:       0       0

හේරත් එස්. Tuesday, 11 December 2012 08:45 PM

පංචශ්‍රීලය කඩන ඕනෙම කෙනෙකුට දඩුවම් උරුමයි.. වංචාව හොරකම බලයට නිලයට යට විය යුතු නැහැ..!(නු)

:       0       0

දේශප්‍රිය Wednesday, 12 December 2012 08:37 AM

ඒ කියන්නේ මොන නරක වැඩක් කළත් කවදාවත් අගවිනිසුරු අස්කරන්න බෑහැ කියන එකද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 11 December 2012 09:11 PM

රටක නීතියේ ආධිපත්‍ය විනාශ වීම භයානක දෙයක්....(නු)

:       0       0

සදුනි Tuesday, 11 December 2012 09:41 PM

මේ ගොල්ල එතුමියවත් දේශපාලන වේදිකාවට අරන් නැතිකරයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

කුමාර Thursday, 13 December 2012 12:38 AM

දැන් නීතිඥවරුන් හිතුම‍තේට උසාවි වහනවා වගේ හෙට අනිද්දා වෙද්දී මිනිස්සුත් හිතුමතේට උසාවි එයි නේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 11 December 2012 10:56 PM

නින්ද ගිය මිනිස්සු නැගිට්ටවා ගත්තත් හොරට නිදාගන්න එකා නැගිට්ටවනවා බොරු. (නි)

:       0       0

උදයංග Wednesday, 12 December 2012 11:24 AM

ඉක්මන කොටයි (දී)

:       0       0

පාලිත Tuesday, 11 December 2012 11:09 PM

ඉක්මන කොටයි

:       0       0

ලක්ෂිකා Wednesday, 12 December 2012 01:28 AM

හොදට හිතලා මතලා තීරණ ගන්න ඕනේ (දී)

:       0       0

මදූ Tuesday, 11 December 2012 06:15 PM

මෙතන තියෙන්නේ පැහැදිලි පළිගැනීමක්. (ත)

:       0       0

සුමනා Tuesday, 11 December 2012 06:26 PM

ඇයි මේ තරම් ඉක්මණට මහජනතාවට බලපාන දැවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්න බැරි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site