කෝඩුකාර අබුල් හසන්ගේ (නොදැවී 100) ශතකය නිසා බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (21 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 8 ක් දැවී ලකුණු 365 ක් ලබා සිටියේය. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වී සිටින 20 හැවිරිදි අබුල් හසන් අංක 10 පිතිකරු ලෙෂ පන්දු 108 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් ලබා සිටියේය. බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 86 කදී කඩුලූ 8 ට 365 (තමීම් ඉක්බාල් 32, ශාරියාර් නෆීස් 26, මුෂ්ෆිකුර් රහීම් 38, නසීර් හොසේන් 52, මහ්මුදුල්ලා නොදැවී 72, අබුල් හසන් නොදැවී 100, ෆිඩෙල් එඞ්වල්ස් 81/5, ඩැරන් සැමී 61/2)