ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
දෘෂ්‍ය, ශ‍්‍රවණ මෙන්ම බාහිර ආබාධ සහිත දු දරුවෝ තමන්ගේ නොයෙක් කලා කුසලතා රැස්ව සිටි සභාව හමුවේ පෙන්නුම් කළහ. චිත‍්‍ර, රචනා යන තරඟ වලින් ජයග‍්‍රහණය කළ දරුවෝ ඇමතිවරයා අතින් කුසලතා සම්මානද ලදහ.
විවෘත අංශයේ චිත‍්‍ර තරඟයෙන් දෙවැනි ස්ථානය ලබාගත් තොටගල විශේෂ පුහුණු පාසලේ ඉගෙනුම ලබන දිනුෂා බණ්ඩාර දියණිය කෙරෙහි කාගේත් අවධානය යොමු විය. අත්පය හරිහැටි කි‍්‍රයාකාරී නොවීමේ දුර්ලභ රෝගයෙන් පෙලෙන ඇය එම ජයග‍්‍රාහී චිත‍්‍රය ඇඳ තිබුණේ පාට කූරු දත්වලින් අල්ලා ගැනීමෙනි.
කුසලතා සහතිකය ලබා ගැනීමට පැමිණි ඇය දුටු අමාත්‍යවරයා මහත් සෙනෙහසින් වඩාගෙන සිප වැළඳ ගත්තේය. තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ඇයට රුපියල් විසිපන් දහසක්ද, ඇය ඇතුළු ප‍්‍රථම, දෙවැනි තෙවැනි හා සිව්වැනි තැන් ලබාගත් දු දරුවන්ට එක් කෙනකුට දෙලක්ෂ විසිපන් දහස බැගින්ද දෙන බව ඔහු කීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවයාජ ආදරයක් (දී)
සත්තකින්ම මේ ඡායාරූප දැක්කම පුදුම අනුකම්පාවක් දැනෙන්නේ (ස)
බොහොම සංවේදි අවස්තාවක් !!!! (ස)
දෙවියන් දුවට දුන්නා වූ මහගු හැකියාවට ස්තුතියි. ඇමති තුමන් ඉතා සතුටින් ඉන්නේ (ස)
ඔබ රටට ශක්තියක් නම්බුවක් (දී)
ගරු ඇමති තුමණි, ඔබ ශ්‍රේෂ්ඨයි..මේ දරුවන් වෙනුවෙන් කල හැකි යමක් කරන්න බලන්න (ස)
මේ දක්ෂ ළමයින්ට මගෙන් මල් මිටක් !! (දී)
අහිංසක ළමයෙක් (දී)
තවත් මේ දරුවන්ට සැලකීමට රජයට හැකියාව ලෑබේවා! රංජි ශාන්ත මේ වගේ දේකටවත් අදහස් දෑක්වීමට නොදන්නා ඔබ වැනි අය ගැන කණගාටුයි (ස)
දෑසට කඳුළු එනවා. දුවට මගෙන් සුභ පැතුම් , සුභ අනාගතයක් (ස)
පුත්තා වත්තු මනුස්සානං .... මෙහෙම පින්කම් දකින්න ලැබීමත් සතුටක් ...ඔබට අපේ ප්‍රණාමය...මේ දරුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා . (ස)
පුතේ නුඹ අපිට ආඩම්බරයක් (දී)
හැමෝම සතුටින් ඉන්නේ (දී)
ඇත්තටම දුකයි. ඒත් ආඩම්බරයි (දී)
අත පය තියෙන අපේ මිනිස්සු කරන සමහරවැඩත් එක්ක මේවා බෝසත් වැඩ (දී)
අපේ ළමයි දක්ෂයි (දී)
ආබාධිත ළමුන් අපේ ගම්වලත් ඉන්නවා. ඒත් ඒ දෙමවිපියන්ට අවබෝධ්‍යක් නැහැ ඒ ළමුන්ට මගපෙන්වීමට.ඒ වගේම මුදලුත් නැහැ. අඩුම තරමෙ රජයෙන් මගපෙන්වීමක්වත් කරනවානම් ග්‍රාමසේවක , පවුල් සෞඛ්‍ය සේවිකාව ඔය ඔක්කොම ගමේ ඉන්නවනේ. අපි කිව්වට ඒ අය තේරුම් ගන්නේ නැහැ.(ස)
වාසනාවන් පුතේ වාසනාවන්...... (දී)
ඇමතිතුමණි ඔබ තුමන් මිනිසුන්ගේ දුක හඳුනන උතුමෙක් . ඔබට පින් (ස)
මේක මෙහෙම අගයලා හරියන්නේ නැහැ, ජාත්‍යන්තරයට වැඩක් මේ කරලා තියෙන්නේ (දී)
දුවේ ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා (ස)
පුතේ නුඹ විශිෂ්ටයි..ඔබට මුළු ලොවම ජය ගන්න වාසනාව ලැබේවා (ස)
අපේ රටට ලොකු ආඩම්බරයක් (ස)
පුතේ නුඹ විශිෂ්ටයි..ඔබට මුළු ලොවම ජය ගන්න වාසනාව ලැබේවා (ස)
චූටි දුවේ .. ඔබ මේ ලෝකේ ඉන්න දක්ෂම දියණියෙකි. ඔබට ජයෙන් ජය (ස)
හැගුම්බර දසුනක් සහිත පුවතක් (ස)
උනනවා ඇසට කදුලක්..දරුවනි (ස)
අපි අගය කරන්න ඕනේ ඒ ළමයාව (දී)
දුවේ පුතේ නුඹ නම් විශිෂ්ඨයි.. ඔබ සියළු දෙනාට දළදා සමිදු පිහිටයි..!(නු)
නුඹයි අපේ අනාගතේ.. ඇමතිතුමනි මෙවයැනි දරුවන්ට තවත් උදව් කරන්න.. අපිත් ඔබතුමා සමගයි.. සිරි දලදා සමිදු පිහිටයි..!(නු)
මනුෂ්‍යත්වය ඉස්මතුවුණ උදාර අවස්තාවක්.ඔබ සැමට තෙරුවන් සරණයි !(ස)
ඒක් අංගයක් විකල වුවද දක්ෂතාවයක් තිබේ නම් එය ඇගයීම, ප්‍රශංසා කල යුතුය. (ත)
දුවේ ඔබට මම සුභ පතනවා (දී)
ගොඩක් සතුටුයි මේ වගේ හපන්නු දැක්කම (ස)
ඔබට සුබ අනාගතයක් රත්තරන් දුවේ (ස)
ඇමතිතුමනි මේ අය හැමදාම අගය කල යුතුයි.එක් දිනකට පමණක් සිමා කරන්න එපා.සියළු දේනාටම දෙවිපිහිටයි (ස)
අගය කරන්න ඕන ළමයෙක් (දී)
දුවේ ඔබගේ අවිහිංසක සිනාවත්, අසීරුවෙන් කල දස්කමත් ප්‍රශංසනීයයි (ස)
හොඳ ආදර්ශයක් (ස)
දරු පැටියට දෙවි පිහිටයි (ස)
මේ අසරණ දරුවන්ට පිහිට වෙමු (ස)
අෙප් සුබ පැතුම් (ස)
මෙය සංවිධානය කල සැමට මාගේ ප්‍රනාමය. සංවේදි ඡායරූප කිහිපයක්....(ස)
ගරු ඇමති තුමනි , මේ වගේ දරුවන්‍ට තව උදව්කරන්න (ස)
ඇමතිතුමා ඇත්තටම දරු සෙනෙහසින් ආදරය දක්වන බවත් අහිංසක දැරියගේ සිනාව දැක්කම හිත පිරෙන බවත් කිවයුතුයි ලංකාදීපයට ස්තූතියි (ස)