කෝට්ටේ මහා නගර සභාව සතු නාවල කොස්වත්තේ ළමා ක්‍රිඩාංගනයක් රුපියල් කෝටි 4කට ජී.ඒ.ජොකින් නම් පුද්ගලයකුට විකිණීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවකට එරෙහිව නඩුවක් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා ඉදිරියේ දී අද කැඳවිණි. පොදු පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රසන්න රවින්ද්‍රලාල් පැමිණිල්ල ඉදිරිපත් කෙළේය. 2011.10.01- 2012.9.30 අතර කාලයේදී පර්චස් 38.5ක් වූ එම ළමා උයන හා රුපියල් කෝටි 6 වටිනා එහි ක්‍රීඩා උපකරණ ද විකිණීයැයි පැමිණිකරු අධිකරණයට දැන්වීය. රාජ්‍ය දේපොළ පොදු පරිහරණයට ගැනීම හා විකිනීම යටතේ මේ නඩුව පවරා ඇත. නගරාධිපති ජනක රණවක හා ඉඩම ගත් ජි.එච්. ජෝකින්ට ලබන ජනවාරි 8 වැනිදාට උසාවි එන ලෙස නොතිසි නිකුත් කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩදාගෙන ඡන්දය දුන්නට හොද වැඩේ. (නි)
මිනිස්සුන්ගේ දේපල මේවා
ලංකාවේ ලංකාවට අයිති දෙයක් නැද්ද
කවුද කියන්නේ
මේකනම් විහිලුවක් වෙන්න බැහැ. (නි)
රොහාන්,රාජ්‍ය දේපොළ ගොඩක් විකුණලා ඉවරයි. මේ රට ඉවරයි. අධිකරණයත් ඉවරයි. (නි)
දැන් කාලේ අය ගාණකට ආවොත් ගෙදර අයත් විකුණාවි (ස)
මෙයාලා ගෙදර අයවත් විකුණයි (ස)
නොවික්කේ මොකද්ද ???????????(ස)
ළමා උයන එයාගේ බූදලයක් ද?(ස)
බලාගෙන ගියාම කෝට්ටෙත් හොඳ හොඳ දේවල් වෙනවනේ (ස)
රොහාන්, ලංකාවේ දේශ පාළුවෝ ඔක්කොම හිතන්නේ මේ රට එයාලගේ බූදලයක් කියලයි. එහෙම ලියාගන්න කියලා අපේ "බුද්ධිමත්" ඡන්ද දායකයෝ කතිරේ ගහන්නෙම රට උලාකන අපේක්ෂකයින්ටමයි. ඉතින් අධිකරණයෙන් හරි තීන්දුව දුන්නාම , ඔය දෙගොල්ලන්ටම කේන්තියි (ස)
සොඳුරු කෝට්ටේ ……………..! (ස)
ඕනෑනම් ඉතිං මාස කිහිපයක් රිමාන්ඩ් කරයි. (නි)
මෙයාට ලංකාවේම පාලනය දෙන්න තිබුණේ (ස)
මන්ත්‍රීතුමාට ජනතාවගේ උපහාරය! (නි)
ඉහළින් පිහිටක් ආරක්ෂාවක් නැතුවා වගෙයි. (නි)
රජයේ දේපල මෙහෙම විකුනන්ට තමන්ගේ දේපල කියල හිතුවද . (ස)
ජනතා දේපල එහෙම විකුනන්න පුලුවන්ද (දී)