තම ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ හත්සියයක් පමණ පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට කොටකෙතනදී කාන්තාවෝ 15 දෙනෙක් අභිරහස් ලෙස මරා දමනු ලැබූහ.
පොලිස් අත්අඩංගුවට ගෙන මුදහල ගැමියෙක් පසුව සිය දිවිනසා ගත්තේ තමාට එල්ල වූ අභූත චෝදනා නිසා ගමට මුහුණ දිය නොහැකි බව කියමිණි.
පොලිසිය සැකපිට අත්අඩංගුවට සැකකරුවකු අධිකරණයට පවසා ඇත්තේ තමාට කෘර වදහිංසා කර බලෙන් කටඋත්තර ගත් බවයි.
කොටකෙතන, ඕපාත, වරාපිටිය, දිඹුල්වල ගම් හතරක දී මෙම ඝාතන සිදුවීම නිසා ජනජීවිතය අවුල්වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් මුරපොළ හා වෙස්වළාගත් පොලිස් කණ්ඩායම් ගණනාවක් දිවා රෑ යොදවා සිටියදී නාඳුනන පුද්ගලයකුට ගමට ඇතුළු වීමට ඉඩක් නැති බව ගැමියෝ කියති.
ගමට ඇතුළු වන හැම කෙනකුම තම අනන්‍යතාවය සඳහන් කළ යුතු බවත් එසේ නොකර ඇතුළු වීමට ඉඩක් නැතිව තිබියදී කාන්තාවන් මරා දැමීම බලවත් අභිරහසක් බවත් ගැමියෝ පවසති.
ඡායාරූප ලසන්ත නිරෝෂණ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයි ඒ මිනිස්සු
ධනුකේ , ඔබ හරි. මේ ලංකාවේ බොරුවට වියදම් කරන සල්ලිවලින් මේ ගමට කැමරා දාලා හරි ඔය මිනීමරුවන් අල්ලන්න, දෙයියන්ගේ පිහිටෙන්. ඒ අල්ලලා විතරක් මදි. හරි දඩුවම් දෙන්න. රජකාලේ ,නැතිනම් අරාබි දඩුවම් දෙන්න කියලා මේ රජයෙන් ඉල්ලනවා (නි)
මෙච්චර දේවල් රටේ සිද්ධ වෙද්දී ඇයි වගකිවයුත්තන් නිහඩව ඉන්නේ? (නි)
කනගාටුයි
පාලකයෝ මේවා නැති කරන්න වගබලා ගන්න ඕනේ (දී)
මේ කවුද? මොනවද මේ කරන්නේ? (නි)
අර හිරේ ඉන්න කෙනාගේ ගෝල බාලයො හැම තැනම ප්‍රචාරයක් ගෙනියනවා පොලිසිය බොරුවට එයාලව ඇතුළට දැම්මට ඒගොල්ලො නෙමෙයි මිනී මරුවො කියලා. (නි)
නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන හැඩයි. (නි)
කෝ පෝරකය... (නි)
"මට වදහිංසා කරලා කට උත්තර ගත්තා" කියපු ගමන් උසාවියෙන් සැකකරුවන්ව නිදහස් කළේ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. එහෙම කරන එක සාමාන්‍ය දෙයක් නම් වෙන්න බැහැ. ජනාධිපතිතුමනි, ඒ ගැන සොයා බලන්න. සමහර විට කවුරු හරි බලපෑම් කළාද දන්නෙ නැහැ උසාවියට. (නි)
පොලිසිය කලින් සිද්ධි වලට සම්බන්ධ මිනී මරුවො ඇල්ලුවෙ නැහැ කියලා කියන එක සාධාරණ නැහැ. කලින් මිනීමැරුම් 4ම කළ අය ඒවා කරලා තිබ්බෙ අර ප්‍රාදේශිය සභාපති නියම අපරාධකාරයා නෙමෙයි කියලා පෙන්නලා ඇප ගන්න සැලසුම් කරගෙන බව අහු වුණා නේද? මේකත් එයාලගෙම තව කෙනෙක්ගෙ වැඩක් වෙන්න බැරිද? (නි)
කවුද මේවාට වග කියන්නේ
ඕකට හරියන එකම විසඳුම අර කුඩු මුදලාලිගෙ නෑ හිතමිතුරු සනුහරේම (චරිතය හොඳ නැති අය පමණක් හෝ) කහවත්තෙන් ඉවත් කිරීම විය හැක. බරපතල වුණත් එහෙම නොකර වෙන මොනවා කළත් හරියන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ. (නි)
පාලකයිනි මේ ඔබේ චන්ද දායකයින්. මේ අය ආරක්ෂාකර දෙන්න (දී)
කහවත්ත ප්‍රදේශයේ සඟවා ඇති වටිනා නිධානයක් ගොඩ ගැනීමට දරන උත්සාහයක ප්‍රතිඵලයි මේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ඇති ඵෙතිහාසික සියලු නිධාන දැනටමත් ගොඩ දමා හමාරයි. පවුල් පිටින් රටේ සශ්‍රීකත්වය මංකොල්ල කන අයද මේවා පිටුපස සිටින බව සියල්ලෝම නොදන්නා කරුණකි. (නි)
අසරණ මිනිස්සු පව් (දී)
කොටකෙතන කාන්තාවන්ට මහත් අපල කාලයක්. කෝකටත් ටික දවසකට ගම අතහැරලා ගිහින් ඉඳලා ආවා නම් හොඳයි වගේ. (නි)
නීතිය කරවන අයට මොකද මේ වෙලා තියෙන්නේ..?(නු)
අන්න හොදයි. බුරුලක් දෙන්නම එපා. අපි ඉන්නවා කොටකෙතන ජනතාව සමග. (නි)
රට අගතියට ගිහින් තව යන්න යන්න ගොඩක් නොහිතන පතන දේවල් වෙයි (දී)
පව් නේ
පව් නේ
ඔහොම නෙමෙයි, මිනියත් පාරට ගෙනත් උද්ඝෝෂණය කරන්න ඕනෑ. (නි)
කතාව ඇත්ත
කහවත්තට පොලිසියක් අවශ්‍ය නැතේ
සැගවුණු අභිරහසක්. ඇත්තෙන්ම බියජනක සිද්ධියක්ය. (නි)
එතකෙට පහුගිය දවස්වල කිව්වෙ ඔක්කොම ඇල්ලුවා කියලා.. නිකං ලෝකෙට පෙන්න කරන දේවල් නිසා මිනිස් ජීවිත කීයක් අහිමි උනාද? වියදම් ගියාත් මම ඉල්ලා හිටිනවා මේ ප්‍ර දේශයේ පුරාවටම ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරන්න කියලා.. 24/7 එය අධීක්ෂණය විය යුතුමයි.. අම්මාවරුන් ඝාතනය කරන පව් කාරයා ඇල්ලීමට හැමෝම එකතුවෙමු..!(නු)
පෝරකය නැති පාඩුව.. ජනාධිපතිතුමනි වහාම පෝරකයට වැඩදෙන්න..!(නු)
වසන්ත ඇයි ඔයාට මොකක් වෙලා වගේද පේන්නෙ ???(නු)
අයියෝ සල්ලි
වත්මන් ලංකාවේ මිනිසුන් ඇයි මෙතරම් දරුණු? (නි)
අයියෝ සල්ලි
මේ වැස්සේ සීතලේ, කුණාටුවේ, මොකක්ද මේ ජරමරේ? (නි)
රටේ නීතියක් නැති නිසයි මෙහෙම වෙන්නේ (නි)
අයියෝ සල්ලි
අමල්ට මොකක්ද තියෙන අමාරුව? (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ දේශපාලන බලපෑම් නිසා. (නි)
හංගපු ආයුධ පෙන්නන්න එක්කෙනෙක් දෙන්නෙක් එක්ක ගියානම් සේරම නවතීවි. (නි)
පිරිමි නැති ගමක්ද මේක? (නි)