වසර 18කට පෙර කොටියන් විසින් මිසයිල ප්‍රහාරයකින් පුනරින් ඉරණතිවු අහසේදී බිම හෙළූ ඇන්ටනෝව් 24 ලයන් එයාර් යානයේ ගමන් කළ සාමාන්‍ය වැසියන් ඇතුළු 55දෙනෙකුගේ සිරුරු පුනරීන් කවුදාරිමුන වැල්ලෙන් ගොඩ ගැනීම මන්නාරම දිසා විනිසුරු එම් අයි වහාබ් මහතා අදිරිපිට දී අද (9) උදේ ඇරැඹිනි.
යානය බිම හෙළූ බවට පරණ කොටි සාමාජිකයකු කළ ප්‍රකාශයක් අනුව සිරුරු ගොඩ ගැනෙයි.
තමන් කිසි දිනක සාමාන්‍ය වැසියන් මරා නොදමන බව කොටි සංවිධානය එදා කී කතා බිඳ වැටෙන ප්‍රබල සාධකයක් ලෙසද මේ සිද්ධිය සැලැකේ.
මේ යානයේ මගීහු 48 දෙනෙක් ගමන් කළහ. විදේශ නියමුවන් සිවුදෙනා සමග කාර්ය මණ්ඩලයේ හත් දෙනෙක් ද වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ ඉතිං පුල්ලි මකාගත් කොටියා ඇමතිකමටත් සුදුසුයිනේ. (නි)
කොටින් සුද්ද කරන්න හදන ඇමරිකන් කට්ටිය කෝ දැක්කාද මේවා (දී)
මේවා අපරාධ නොවෙයිද (දී)
අහිංසක මිනිස්සු නේද මේ (දී)
කෝ ලංකාවට ඇගිල්ල දික් කල මානව හිමි කම් කට්ටිය (දී)
මේවා හොද වැඩද (දී)
කොටි විතර ද? අනිත් අයත් මිනිමැරුවා.අපේ අයව නොමරා මරනවා දැන්.අදටත් මිනිමරනවා.පුබුදු එවා දන් නෑ වගේ ???? (ස)
කෝ මේ ඇමරිකාවට එන්න කියන්නද
මානව හිමිකම් කඩලා තියෙන්නේ අපිද දැන් (දී)
කනගාටුයි ඇත්තටම (දී)
මේවට ප්‍රචාරය නොදිය යුතුයි (ස)
මැරිච්ච අයගේ මළසිරුරු ගොඩගන්න හදන්නේ දැන්ද? එහෙමනම් 88 89 මළ සිරුරු මොනතරම් තියෙනවද? (නි)
මතක් වෙනකොට මටනම් ඉන්න බැහැ (දී)
ඕවා ගොඩගත්තා කියලා දැන් ඉතිං පණ දෙන්න බැහැනේ. (නි)
මේවා ගොඩගැනීමේ අරමුණ මොකක්ද? (නි)
ඉතුරු කොටි ටිකටයි, කොටින්ට කත්අදින අනෙක් කට්ටියටයි හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
එදා කොටි මැරුවා. අද? (නි)
පෙර කල විපාක (දී)
කොටින්ට ඒ තරම් තාක්ෂනයක් තිබිලා තියෙනවාද (දී)
එතකොට මාතලෙන් හම්බුණු මලසිරුරුවලට මොකද වුණේ? (ත)
අනේ මෙහෙම රටක්. මේක මාතලේ සිදුවීම වහන්න කරන වැඩක්. (ත)
ඒකටත් එක්ක කොටින්ගේ ලොක්කට අපේ අයව නොමරා මරනවා දැන්. (ත)
මොන විපතකද ඒ (දී)
කවුද පිළිගත්තේ කොටි සාමාන්‍ය වැසියන් මැරුවේ නෑ කියලා? (ත)
හොදයි. (ත)
කොටින්ට සුදු හුණු ගාන අපේ කට්ටිය කෝ? මොකද නිශ්ෂබ්ද? (ත)
කාටද මේ අවනඩුව කියන්නේ (දී)
කොටින්ගේ නිමාව ගැන අපි සැමදා සතුටු වෙනවා. (ත)
සමහර අයට රටේ භීෂණ යුගයක් තිබුණදවත් මතක නෑ. (ස)
මතක තියා ගන්න මේ මැරිලා තියෙන්න අපේ අහිංසක මිනිස්සු (දී)
මාතලේ සිරුරුගැන එදා හිටපු බලධරයන්ගෙන් තමා අහන්න වෙන්නේ . (ස)
මිසයිල ලංකාවට ආවේ කොහොමද (දී)
හැමෝටම පින් සිද්ද වෙන්න දැන් නම් මෙවන් තත්වයක් නැහැ (දී)
යුද්දේ කාලේ වුන අදුරු මතකයක් (දී)
ඇමරිකාවේ මාමාලාට මේවා පෙන්නේ නැද්ද (දී)
මොනවා කලත් දැන් ඒ වගේ දේවල් නැහැනේ (දී)