කොළඹ කොල්ලුපිටියේ මිහිදු මාවතේ රාජ්‍ය නොවන කාර්ලායලයක් විවෘත කිරීමට ජනාධිපති පැමිණිවිට ඝාතනය කිරීමට හැකි බව පවසමින් ඒ සඳහා රුපියල් කෝටි හතක් අවශ්‍ය බව කොටි සංවිධානයේ තිදෙනෙකුට පැවසීයැයි රාසලිංගම් මධනී නම් කොටි සැකකාරියක පාපොච්චාරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජසිංහ කෑගල්ල පළාත් බද මහාධිකරණයේදී සාක්කිදෙමින් අද ප්‍රකාශ කළේය. 2007.12.21 හා 2008.2.6 අතර කාලයේදී ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කෑගල්ලේදී ඝාතනය කිරීම සඳහා තැත්කළැයි යාපනය තින්නවේලියේ රාසලිංගම් තාමරේ මදනි හෙවත් ගුණ්ඩු මධනිට එරෙහිව මේ නඩුව පවරා ඇත. ජනාධිපති ඝාතනය සඳහා රුපියල් කෝටි හතක් වැඩි බවත්, රඹුක්වැල්ල ඝාතනයට රුපියල් ලක්ෂ 20ක් අවශ්‍ය බවත් ඇය සිය පාපොච්චාරණයේදී කියා ඇතැයි ගජසිංහ මහතා සිය සාක්කියේදී ප්‍රකාශ කළේය. මාහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබුවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කවුරුත් එකයි. (නි)
ලංකාපුත්‍ර කියන කෙනා අහුවුණොත් මම දනී කරන දේ. (නි)
තව ටික දවසකින් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්. තව ටික දවසක් දෙන්නකෝ. (නි)
කොටි සෙල්ලම ඉවර නැද්ද (ස)
කීර්ති කොටියට පන්දම අල්ලන්න එපා (ස)
මොනවා කරලා මදිද
හැම අයවැයකින්ම පස්සේ අතීතයේ සුරංගනා කතාවක් කීවාම පොඩි එකාව රවටාගන්න පුළුවං.. ඒ වගේම මැතිවරණයක් ළං වෙනකොට ලස්සන සුරංගනා කතා අහන්න පුළුවං..!(නු)
වැලිකඩට දාලා සමූහ මරණ දණ්ඩනය දුන්නානම් හරි (ස)
බටහිරට සංක්‍රමණය වූ දෙමහල ජනයාගේ වෛරය තුලින් අහිංසක දෙමල ජීවිත විනාශ වීම නතර කළ ජනපති තුමාට ඒ අයගේ ආදරය හිමි විය යුතුයි..! නමුත් එසේ වෙන බවක් නොපෙනෙන්නේ ඒ අයගේ ජන්ම වෛරය නිසාද?(නු)
ත්‍රස්තවාදය ගාවා නොගත් නව කතාවක් නිර්මාණය කරන්න අපිට නොහැකිද? (නි)
අනේ මන්දා ඕවා ඇත්තද කියලා? (නි)
එතකෙට මරාගෙන මැරෙන කොටි කිහිපදෛනක් කෝටි ගානක් අරගෙන කොළඹට ගෙනාව අයට නඩු නැද්ද?(නු)
රටේ ප්‍රධානියාව මරන්න හදපු අය සහ ඔය අනිත් කොටි ටිකයි සේරම තියාගෙන කන්නට දිදී හුරතල් කරන්නෙ නැතිව රජද්‍රෝහියෝ කරලා කරන්න ඕන වැඩ කොටස කලානම් ඉවරයිනේ..!(නු)
ඔය කොටි කත නිදහස් කරන්න. (නි)
මරාගෙන මැරුණට එයාගේ පවුලේ අයගේ නඩත්තුව ගැන හිතලා සල්ලි ඉල්ලන්න බැරිද? (නි)
කොටි කත සල්ලි ගන්නවා..? එහෙනම් කොටි නෙමෙයි වෙන්න ඇති..!(නු)
කෝටි ගාණක් අතට ලැබුණහම සේරම හරි කියලා එයා හිතන්න ඇති. (නි)
මම නම් කියන්නේ මේ සල්ලි කතාව ඇත්ත කියලා. දුප්පත් ළමයි තමයි මේවට වැඩිපුරම බදවා ගන්නේ. (නි)
ඔන්න අලුත් කතාවක්. (නි)
අපරාදෙ 2008 ජූනි වල වගේ කවුරුහරි ඕක ගෙව්වනම් දැං රට දියුණුයි..!(නු)
කොහොමත් කොටි සංවිධානයට සම්බන්ධ සහ සම්බන්ධව සිටි කිසිවෙක් වැඩිය විශ්වාස කරන්න හොද නැහැ. (නි)
සනත්, මරාගෙන මැරෙන කෙනා ඉන්නේ වෛරයත්, තණ්හාවත් දෙකම පොදිබැදගෙනයි. (නි)
කොටි කිවුවහම ගැහැණුත් එකයි. පිරිමිත් එකයි. (නි)
මරාගෙන මැරෙනවා නම් සල්ලි මොකටද? (නි)
කෝටි හතකට වඩා වටිනා ඒ ජීවිතය රැකගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමයි. (නි)
මිනීමරන සංස්කෘතිය සදහටම නැති කිරීමට නම් එල්ලුම් ගස ගෙන ආ යුතුයි. (නි)
මම හැම දිනකම කියවන ලංකාදීපය ෆේස් බුක් හරහා ලැබීම ගැන මට හරිම සතුටුයි. (නි)
සදහටම හිරේ තියන්න ඕනි (ස)
මරාගෙන මැරෙන කෙනෙක් සල්ලි වෙනුවෙන් වැඩ කරනවා කියන එක මට නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)
මේ කොටි සදහටම රටින් ඉවත්කර යුතුයි (ස)