IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොටි කත ජනපති ඝාතනයට කෝටි හතක් ඉල්ලලා

කොළඹ කොල්ලුපිටියේ මිහිදු මාවතේ රාජ්‍ය නොවන කාර්ලායලයක් විවෘත කිරීමට ජනාධිපති පැමිණිවිට ඝාතනය කිරීමට හැකි බව පවසමින් ඒ සඳහා රුපියල් කෝටි හතක් අවශ්‍ය බව කොටි සංවිධානයේ තිදෙනෙකුට පැවසීයැයි රාසලිංගම් මධනී නම් කොටි සැකකාරියක පාපොච්චාරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගජසිංහ කෑගල්ල පළාත් බද මහාධිකරණයේදී සාක්කිදෙමින් අද ප්‍රකාශ කළේය. 2007.12.21 හා 2008.2.6 අතර කාලයේදී ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කෑගල්ලේදී ඝාතනය කිරීම සඳහා තැත්කළැයි යාපනය තින්නවේලියේ රාසලිංගම් තාමරේ මදනි හෙවත් ගුණ්ඩු මධනිට එරෙහිව මේ නඩුව පවරා ඇත. ජනාධිපති ඝාතනය සඳහා රුපියල් කෝටි හතක් වැඩි බවත්, රඹුක්වැල්ල ඝාතනයට රුපියල් ලක්ෂ 20ක් අවශ්‍ය බවත් ඇය සිය පාපොච්චාරණයේදී කියා ඇතැයි ගජසිංහ මහතා සිය සාක්කියේදී ප්‍රකාශ කළේය. මාහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබුවාය.



අදහස් (0)

කොටි කත ජනපති ඝාතනයට කෝටි හතක් ඉල්ලලා

අශේන් Friday, 16 November 2012 01:45 AM

ත්‍රස්තවාදය ගාවා නොගත් නව කතාවක් නිර්මාණය කරන්න අපිට නොහැකිද? (නි)

:       0       0

මෝරාළ Thursday, 15 November 2012 04:11 PM

මිනීමරන සංස්කෘතිය සදහටම නැති කිරීමට නම් එල්ලුම් ගස ගෙන ආ යුතුයි. (නි)

:       0       0

සුනිල් පෙරේරා Friday, 16 November 2012 02:22 AM

බටහිරට සංක්‍රමණය වූ දෙමහල ජනයාගේ වෛරය තුලින් අහිංසක දෙමල ජීවිත විනාශ වීම නතර කළ ජනපති තුමාට ඒ අයගේ ආදරය හිමි විය යුතුයි..! නමුත් එසේ වෙන බවක් නොපෙනෙන්නේ ඒ අයගේ ජන්ම වෛරය නිසාද?(නු)

:       0       0

හේරත් Thursday, 15 November 2012 04:41 PM

කෝටි හතකට වඩා වටිනා ඒ ජීවිතය රැකගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ වගකීමයි. (නි)

:       0       0

අසංක Thursday, 22 November 2012 06:44 PM

ලංකාපුත්‍ර කියන කෙනා අහුවුණොත් මම දනී කරන දේ. (නි)

:       0       0

විජිත Thursday, 15 November 2012 04:46 PM

මරාගෙන මැරෙනවා නම් සල්ලි මොකටද? (නි)

:       0       0

අජිත් Thursday, 15 November 2012 04:30 PM

කොටි කිවුවහම ගැහැණුත් එකයි. පිරිමිත් එකයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 15 November 2012 04:34 PM

සනත්, මරාගෙන මැරෙන කෙනා ඉන්නේ වෛරයත්, තණ්හාවත් දෙකම පොදිබැදගෙනයි. (නි)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 04:43 PM

කොහොමත් කොටි සංවිධානයට සම්බන්ධ සහ සම්බන්ධව සිටි කිසිවෙක් වැඩිය විශ්වාස කරන්න හොද නැහැ. (නි)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 15 November 2012 05:20 PM

අපරාදෙ 2008 ජූනි වල වගේ කවුරුහරි ඕක ගෙව්වනම් දැං රට දියුණුයි..!(නු)

:       0       0

විමල් Saturday, 17 November 2012 05:25 AM

වැලිකඩට දාලා සමූහ මරණ දණ්ඩනය දුන්නානම් හරි (ස)

:       0       0

ප්‍රසන්ත Thursday, 22 November 2012 09:45 AM

කොටි සෙල්ලම ඉවර නැද්ද (ස)

:       0       0

ෆාරු Thursday, 15 November 2012 05:43 PM

ඔන්න අලුත් කතාවක්. (නි)

:       0       0

සුභාෂිණි Thursday, 15 November 2012 06:15 PM

මම නම් කියන්නේ මේ සල්ලි කතාව ඇත්ත කියලා. දුප්පත් ළමයි තමයි මේවට වැඩිපුරම බදවා ගන්නේ. (නි)

:       0       0

මාතා Thursday, 15 November 2012 06:27 PM

කෝටි ගාණක් අතට ලැබුණහම සේරම හරි කියලා එයා හිතන්න ඇති. (නි)

:       0       0

ලයනල් Thursday, 15 November 2012 06:37 PM

කොටි කවුරුත් එකයි. (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 15 November 2012 07:40 PM

මරාගෙන මැරුණට එයාගේ පවුලේ අයගේ නඩත්තුව ගැන හිතලා සල්ලි ඉල්ලන්න බැරිද? (නි)

:       0       0

නදී Thursday, 22 November 2012 11:09 AM

තව ටික දවසකින් හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්. තව ටික දවසක් දෙන්නකෝ. (නි)

:       0       0

ශාන්ත Thursday, 15 November 2012 08:35 PM

ඔය කොටි කත නිදහස් කරන්න. (නි)

:       0       0

කීර්ති Saturday, 17 November 2012 11:44 AM

හැම අයවැයකින්ම පස්සේ අතීතයේ සුරංගනා කතාවක් කීවාම පොඩි එකාව රවටාගන්න පුළුවං.. ඒ වගේම මැතිවරණයක් ළං වෙනකොට ලස්සන සුරංගනා කතා අහන්න පුළුවං..!(නු)

:       0       0

ජගත් Tuesday, 20 November 2012 10:41 AM

මොනවා කරලා මදිද

:       0       0

සරත්බන්දුල Thursday, 15 November 2012 09:36 PM

රටේ ප්‍රධානියාව මරන්න හදපු අය සහ ඔය අනිත් කොටි ටිකයි සේරම තියාගෙන කන්නට දිදී හුරතල් කරන්නෙ නැතිව රජද්‍රෝහියෝ කරලා කරන්න ඕන වැඩ කොටස කලානම් ඉවරයිනේ..!(නු)

:       0       0

අනිල් ඩුබායි Thursday, 15 November 2012 09:53 PM

එතකෙට මරාගෙන මැරෙන කොටි කිහිපදෛනක් කෝටි ගානක් අරගෙන කොළඹට ගෙනාව අයට නඩු නැද්ද?(නු)

:       0       0

සරත් Thursday, 15 November 2012 03:48 PM

කොටි කත සල්ලි ගන්නවා..? එහෙනම් කොටි නෙමෙයි වෙන්න ඇති..!(නු)

:       0       0

නිශාන්ත Thursday, 15 November 2012 03:46 PM

මේ කොටි සදහටම රටින් ඉවත්කර යුතුයි (ස)

:       0       0

සනත් Thursday, 15 November 2012 04:08 PM

මරාගෙන මැරෙන කෙනෙක් සල්ලි වෙනුවෙන් වැඩ කරනවා කියන එක මට නම් විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

ජසී Thursday, 15 November 2012 04:11 PM

සදහ‍ටම හිරේ තියන්න ඕනි (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 16 November 2012 12:31 AM

අනේ මන්දා ඕවා ඇත්තද කියලා? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 15 November 2012 04:16 PM

මම හැම දිනකම කියවන ලංකාදීපය ෆේස් බුක් හරහා ලැබීම ගැන මට හරිම සතුටුයි. (නි)

:       0       0

උපාලි Tuesday, 20 November 2012 11:44 AM

කීර්ති කොටියට පන්දම අල්ලන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site