රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සිරුරේ සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ඉන්දියා ජාතික රෙදි වෙළෙන්දන් තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
පන්සියයේ යෝරෝ නෝට්ටු ද ස්විස් ෆ්‍රෑන්ක් නෝට්ටු ද එහි විය.
නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන මහතාට ඇලුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රේගු අධ්‍යක්ෂ තිලක් පෙරේරා මහතාගේ උපදෙස් පිට රේගු අදිකාරී එස් පී අයි බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන යූ අයි විජේපාල, මාලිංග ප්‍රේමදාස, ඩී සී සිරිසේන, ආර් ටී එන් ධර්මසේන, එස් කේ අබේවර්ධන, එල් එම් කුමාරපේලි සහ පී බී එන් ජී ද සිල්වා මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා දඩ නියම කර මුදල් රාජසන්තක කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම පොඩ්ඩක් අප්පිරියාවෙන් නේද බලාගෙන ඉන්නේ සල්ලි දිහා? (නි)
පස්සත් හොඳයි නේ (ස)
රේගුවට සුභ පැතුම් (ස)
12 දෙනෙක් එක්කද ඕක ඇල්ලුවේ. (ස)
කොහොම වුණත් සල්ලි ජරාව තමයි. මොකද සල්ලිවල නොයෙකුත් විෂබීජ, බැක්ටීරියා පිරිලා තියෙන්නේ. මේවා මගින් තමා මනුෂ්‍යයා තුළට තණ්හාව, ආශාව වගේම නොයෙකුත් ශාරිරික ලෙඩ රෝගද ඇතිවීම නොවැළැක්විය හැකි කරැණක්. (නි)
බස්කොන්දොස්තර මල්ලිලා පස්සෙන් සල්ලිගන්න කියන එක මට දැනුයි තේරුනේ . (ස)
රේගු කියන්නේ මේ නිසානේ (ස)
මේවා අධෝ මුඛද, නැත්නම් ඇවිදින සේප්පුද? (නි)
මේවා ජංගම බැංකුද? (නි)
අත් හොදට සෝදාගන්න හොදේ. (නි)
මහත්තුරුනේ ඔය හෑදුනුම්පත තියෙන්නෙ හංගගන්න නමේ .ඕක එලියට දාගන්න, ඕවා අල්ලලා අත් දෙකත් සෝද ගන්න (ස)
දෝනාවල් ද මේවා ? (ස)
අනේ මන්දා මේ වෙන දේවල් ඇහුවම පුදුම පස්සවල් තමයි මේ අයට තියෙන්නේ (ස)
සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි...දෙයියෝ කොහොම මැව්වද සල්ලී (ස)
මුබාරක්ගේ කතාවට මම එකගයි. (නි)
මේවා සෝදලා අවසන් කරන්න පුලුවන්ද? (නි)
නියමයි. රේගුවට සුභ පැතුම්! (නි)
ඔක්කොම නාට්‍ය පෙන්වන්නේ (ස)
ලෝකයේ හෙමින්ම ඇවිදින රස්සාව 1.ස්ටේසන් මාස්ටර් 2.කස්ටම් ඔෆිසර් (නි)
සේරම කට්ටිය පනුබෙහෙත් බොන්න - හරියට රසවත් ආහාරයක් හමුවෙලා වගේ ඉන්න හැටි බලන්නකො..........(ස)
මම මුදල් නෝට්ටුවක් රෝල් කරනවා දැකලා අපේ ආච්චි අම්මා මට එදා කියලා දුන්නා සල්ලි වලට නිග්‍රහ කරන්න එපා කියලා. (නි)
අල්ලපු සල්ලි ඔක්කොම මෙතන තියනවද? මෙයාලගේ වැඩ දන්නෙ ඇතුලෙ අය. කවුද දන්නෑ ඕවා එලියට ගත්තේ (ස)
ඕවා හොදට විශබීජ නාශකයක් දාලා හොදලා ගත්තත් ගද නම් යන එකක් නැහැ..!(නු)
සේවක හැදුනුම්පත් තියෙන්නේ පටියේ එල්ලලා සාක්කුවේ දාගන්න නෙමේ .පෙනෙන ආකාරයට එල්ලගන්නයි (ස)
අයියෝ සල්ලි
අප්පිරියාවේ බෑ (ස)
කට්ටිය අතගාන ජරාව අනුව මේකත් මොන ජරාවක්ද? (ස)