මව සහ දියණිය විවාහ කර ගැනීම, පළමු කසාදය වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වූ රියදුරකුට අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙනවිරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය.
අගතියට පත් පාර්ශ්වයට රුපියල් 75000ක වන්දියක් ගෙවීමට ද නියම කැරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ කොස්ගම කුකුළු ගොවිපොළක දැරණියගල නිරෝෂන් දසනායක (29) නම් රියදුරාටය.
දකුණු ඇස්වත්තේ පදිංචි 44 හැවිරිදි වැන්දඹු මව 2009 වසරේ ගැටහැත්තේ දී විවාහ කරගෙන, ඊට පසුව 2012දී 20 වැනි වියේ පසුවූ ඇගේ දියණිය දැරණියගලදී විවාහ කරගැනීමෙන් බහු විවාහයක් කර ගැනීම මත අවිස්සාවෙල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සේනාරත්න මහතා ඔහුට එරෙහි නඩු පැවරීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුකුළු කොටු රියදුරා අම්මයි දුවයි බැඳලා
ප්‍රසන්න Sunday, 19 May 2013 05:12 PM
අම්මටට දඩුවම් කළ යුතුයි අම්මට වඩා අවුරුදු 14ක්ම බාල කොල්ලෙක්ව බැදලා හිටියට.(නදී)
රත්නායක Sunday, 19 May 2013 05:17 PM
මම මැද පෙරදිග වසර 4 හිටියා ලංකාවේ එක පිරිමි කෙනෙක් අම්මාව දුවව දෙපාරකට බැදලා ලොකු දුවගේ අවුරුදු 12 ගෑනු ළමයාව දුෂණය කරලා තිබුණා. මිනිහා දැන් ඉතාලියේ මේවට වැරදි අම්මලා. තමුන්ගේ හැගීම් පාලනය කරගන බැරිව ළමුන්ගේ ජීවිතත් නැති කරනවා. මැදපෙරදිග ගිය කාන්තාවන් අතර ඔය වගේ දේවල් සුලබයි.(නදී)
රංගි Sunday, 19 May 2013 05:18 PM
ඇග හිරිවටෙනවා මේවා කියවද්දී? අහන්නත් අප්පිරියයි. දැන් දැන්,,, ජීවත් වෙන්නේ මිනිසුන් නෙමේ යි. ලංකාවේ තිරිසනුන්. තිරි සනාටත් තියනවා ඔවුන්ට ආවේනික ඌ ජීවන රටාවක්.(නදී)
චම්න්ද Sunday, 19 May 2013 05:36 PM
වැඩකරුවෙක්.(නදී)
නෙතුමි Monday, 20 May 2013 12:27 AM
රටක් ආර්ථික අතින් අකණ්ඩව පිරිහීගෙන ගියත් එය නොබෝ කලකින් ගොඩගත හැක. නමුත් සාරධර්ම වටිනාකම් හැගීම් දැනීම් අතින් පිරිහුනොත් ඉතා කේදනීයයි. ලංකාව දැන් පත්වේගෙන යන්නේ ඒ තැනට වගේ.(නදී)
චමී Monday, 20 May 2013 12:30 AM
තනි අතින් අප්පුඩි ගහන්න බැනේ. කාන්තාවනි විවාහයට පෙර ඔහු ගැන හොදට හොයා බලන්න. නැතුව මේවගේ මෝඩ නොවී. තම ආරක්ෂාව තමන් සතුයි.(නදී)
දයා අලහාකෝන් Sunday, 19 May 2013 05:45 PM
මිනිහා තනියම කුකුල් කොටුවක් පටන්ගන්න හිතලා වගෙයි.(නදී)
රුවන් Sunday, 19 May 2013 05:47 PM
අදහන්න ඕනේ පුද්ගලයෙක්නේ තව අයව බැඳලද දන්නැහැ මටත් මෙයාගේ යහළුවෙක්වෙන්න ඇත්නම්?(නදී)
හසාන්-සෞදි Monday, 20 May 2013 12:38 AM
එහෙමනම් කුකුළා කොටුව පැනලා.(නදී)
ප්‍රිය Monday, 20 May 2013 12:37 AM
අම්ම කියන උත්තරීතර ගැහැණිය බුද්දිමත් නොවුනොත් මේවගේ දේවල් වෙනවා, කොල්ලටවත් කෙල්ලටවත් බැනල වැඩක් නැහැ. මොකද අම්මගෙයි වරද. විනාශ කලේ විපරීත බුද්දිය. දරුවෝ දහම් පාසල් යවන්න. ධර්මය කියල දෙන්න. පසුව ලොකු මිනිහෙක් කරන්න.(නදී)
ඩී.උපුල් Sunday, 19 May 2013 05:56 PM
ගැහැණුන්ගේ නුවණ හැඳිමිටේ කියන්නේ මේකනේ. නැත්නම් මේ 21 වෙනි ශත වර්ෂයේ මේ විදිහට රැවටෙයිද?(නදී)
ධම්ම Sunday, 19 May 2013 06:07 PM
මේවට ගැහැනු එකඟවෙන එකනේ පුදුමේ!(අ)
සරත් Sunday, 19 May 2013 06:36 PM
පුදුම කාලයක් තමයි මේක. අම්මෙක් , දුවත් එක්ක එක කොල්ලෙක් බදිනවා.(නදී)
සරත් Sunday, 19 May 2013 06:39 PM
මේ කතා අහද්දී රන්ගි, අංග හිරි වැටිලා නතර උනොත් ඇති.(නදී)
සේරම් පැරිස් Sunday, 19 May 2013 07:55 PM
තව ටික කාලයක් මිනිහට එළියේ ඉන්න දුන්නනම් අම්මව දුව ගත්ත එකේ මිනිපිරියත් ගන්න තිබුන . ශ්‍රී ලන්කන් බහු බුත .(නදී)
සත්‍යා Sunday, 19 May 2013 08:37 PM
රටක පිරිහීම පැතිකඩක් , නුගත් කම ,නීතියට ගරුනොකිරිම ,දුත්පත් කම . (ත)
අමිළ Sunday, 19 May 2013 10:31 PM
කොටන කුකුලට කොහෙත් එකයි.(නදී)
දුමින්ද Sunday, 19 May 2013 05:01 PM
මෙයා හොඳ වැඩකාරයෙක් නේ.(අ)
දුමින්ද Sunday, 19 May 2013 05:01 PM
මෙයා හොඳ වැඩකාරයෙක් නේ.(නදී)
රිස්වාන් ඩුබායි Sunday, 19 May 2013 05:06 PM
අර කතාවකුත් තියෙනවා නේද කුකුලා හැම කිකිලියකමට කොටනවා කියලා ඉතින් මේ කුකුළු කොටු රියදුරාටත් ඒ පුරුද්ද තියෙන්න ඇති.(නදී)
රංජනී Sunday, 19 May 2013 05:11 PM
කුකුල් ගොවිපලෙන් ලැබුන අත්දැකීමක් වෙන්න ඇති.(නදී)