ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ‘වෝන්-මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු පිල ඉනිමක සහ ලකුණු 201 ක විශිෂ්ට ජය ලබමින් 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (28) ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 103 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී කඩුලූ 7 ක් පමණක් බිඳ වැටුණු අතර ආබාධයන්ට ලක්ව සිටින ප‍්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට නොපැමිණියහ. කුමාර් සංගක්කාරද තුවාල ලබා පිටියෙන් ඉවත් විය.
දෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 440 ක් ලබා සිටි ඕස්ටේ‍්‍රලියානු පිල ඊයේ පෙරවරුවේ ලකුණු 460 කට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 304 ක් රැුස්කිරීමට සිදුවිය.
දිමුත් කරුණාරත්න (1), තිලකරත්න ඩිල්ෂාන් (0) සහ මහේල ජයවර්ධන (0) අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 3 කට කඩුලූ තුනක් බවට පත්විය. තිලාන් සමරවීර (1) මුළු ලකුණු සංඛ්‍යාව 13 දී සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිල දැඩි අසීරුතාවකට ඇද වැටුණි.
කුමාර් සංගක්කාර (27) සහ ඇන්ජලෝ මැතිව්ස් (35) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වුව ද සංගක්කාර තුවාල ලැබීමෙන් සම්බන්ධතාව බිඳ වැටුණි.
මිචෙල් ජොන්සන් යැවූ ඉනිමේ 17 වැනි ඕවරයේ දෙවැනි පන්දුව කුමාර් සංගක්කාර සිය පා ඉන්න දෙසට හරවා යවමින් ලකුණු ලබාගත්ත ද එම පන්දුව සංගක්කාරගේ වම් අතේ වැදීමෙන් පිතිකරුවා දැඩි වේදනාවට පත්විය. ශ්‍රී ලංකා පිලේ භෞතචිකිත්සකවරයා ක‍්‍රීඩාංගණයට පැමිණ පරීක්‍ෂා කිරිමෙන් පසුව සංගක්කාර ඉනිම අතර මග නවතා ක‍්‍රීඩාගාරයට ගියේය.
පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් සිටියදී මිචෙල් ජොන්සන්ගේ පන්දුවක් වැදීමෙන් දකුණු අතේ මහපටැ`ගිල්ලේ ආබාධයකට ලක්ව සිටින ප‍්‍රසන්න ජයවර්ධන පන්දුවට පහරදීමට නොපැමිණීමෙන් ශ්‍රී ලංකා මැද පෙළ අඩපණ විය.
ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නන් හමුවේ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට නොහැකි වීමෙන් තෙවැනි දිනය අවසන් වීමට පෙරම ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 103 කට සීමා විය.
දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා සිඞ්නිහිදී ආරම්භ වීමට නියමිතය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156
(කුමාර් සංගක්කාර 58, ප‍්‍රසන්න ජයවර්ධන 24, මිචෙල් ජොන්සන් 63/4)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම
එඞ් කවන් - ඇ. මහේල ප. ප‍්‍රසාද් 36
ඬේවිඞ් වෝනර් - ඇ. ප‍්‍රසාද් ප. මැතිව්ස් 62
පිලිප් හියුස් - දුවද්දී දැවී ගියා 10
ෂේන් වොට්සන් - ඇ. සමරවීර ප. ප‍්‍රසාද් 83
මයිකල් ක්ලාක් - ඇ. මහේල ප. එරංග 106
මයික් හසී - ඇ. හේරත් ප. ඩිල්ෂාන් 34
මැතිව් වේඞ් - ඇ. එරංග ප. ප‍්‍රසාද් 1
මිචෙල් ජොන්සන් - නොදැවී 92
පීටර් සිඞ්ල් - ඇ. මහේල ප. එරංග 13
නේතන් ලයන් - ඇ. චන්දිමාල් ප. මැතිව්ස් 1
ජැක්සන් බර්ඞ් - ප. එරංග 0
අතිරේක 22
එකතුව ඕවර 134.4 කදී සියලූ දෙනා දැවී 460
කඩුලූ වැටීම:
1- 95(වෝනර්), 2-117(හියුස්), 3-117(කවන්), 4-311(ක්ලාක්), 5-313(වොට්සන්), 6-315(වේඞ්), 7-376(හසී), 8-434(සිඞ්ල්), 9-451(ලයන්), 10-460(බර්ඞ්)
පන්දු යැවීම:
වෙලගෙදර: 14.4.6.38.0, එරංග: 27.2.109.3, ප‍්‍රසාද්: 26.2.106.3, මැතිව්ස්: 16.3.60.2, හේරත්: 39.7.95.0, ඩිල්ෂාන්: 12.1.38.1
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා 1
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. කවන් ප. ජොන්සන් 0
කුමාර් සංගක්කාර - තුවාල ලබා පිටියෙන් ඉවත් වුණා 27
මහේල ජයවර්ධන - ප. බර්ඞ් 0
තිලාන් සමරවීර - ක.මු.කළා ප. බර්ඞ් 1
ඇන්ජලෝ මැතිව්ස් - ප. ජොන්සන් 35
ධම්මික ප‍්‍රසාද් - ඇ. හියුස් ප. ලයන් 17
රංගන හේරත් - නොදැවී 11
ශාමින්ද එරංග - ඇ. කවන් ප. සිඞ්ල් 0
ප‍්‍රසන්න ජයවර්ධන - පන්දුවට පහරදීමට පැමිණියේ නැත
චානක වෙලගෙදර - පන්දුවට පහරදීමට පැමිණියේ නැත
අතිරේක 11
එකතුව ඕවර 24.2 කදී සියලූ දෙනා දැවී 103
කඩුලූ වැටීම:
1-1(දිමුත්), 2-1(ඩිල්ෂාන්), 3-3(මහේල), 4-13(සමරවීර), 4-62(සංගක්කාර පිටියෙන් ඉවත් වුණා), 5-74(මැතිව්ස්), 6-102(ප‍්‍රසාද්), 7-103(එරංග)
පන්දු යැවීම:
ජොන්සන්: 8.0.16.2, බර්ඞ්: 9.1.29.2, සිඞ්ල්: 5.2.0.32.1, ලයන්: 2.0.16.1
තරගයේ වීරයා: මිචෙල් ජොන්සන්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරෑ ඔබ සමඟ මම එකඟයි ...... (ස)
දිනුවම මල් ...පැරදුනහම මුල්.. (ස)
අපොන්සුගේ කතාව ඇත්ත. ලංකාව ටෙස්ට් වල අවසානයේ ඉන්නේ. (නි)
හිතා මතාම පැරදුනු තරඟයක් වගේ. හරිම දුකයි (ස)
මෙයාලා හරියට විනෝද චාරිකාවක් ගිහින් වගේනේ (ස)
ටෙස්ට් ක්‍රිකෙට් ක්‍රීඩා කිරීමට ලංකාවේ තියෙන අදක්ෂතාවය මැනවින් විදහා දක්වපු තරඟයක්.(ස)
ශ්රී ලංකාවේ ක්‍රිකට් විශාල ලෙස පිරිහිලා ......(ස)
අර්ජුන කියපු දේ ඇත්ත කියලා දැන් තමයි තේරෙන්නේ. (නි)
මේ සේරටම නිවාඩු දිලා අලුතින්ම ක්‍රීඩකයෝ තෝරන්න.(ස)
හේරත්, පරදින ක්‍රමය අනුවත් මල් දෙන්න පුලුවන් තමයි. (නි)
හොදින් ක්‍රිකට් පරිපාලනය දන්නා අයෙක් හට එම අභියෝගය භාරදිය යුතුයි. (නි)
1995 ගහපු කණ්ඩායම ගියා නම් අඩුම ගණනේ දවස් පහක්වත් සෙල්ලම් කරනවා. (නි)
මම හිතන්නේ 96 (අර්ජුනගේ) කණ්ඩායම යැවුවා නම් මීට වැඩ හොදයි. (නි)
අර දෙන්නට තුවාල නිසා පැරදුනාය කියයි (ස)
ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් පණ අදින මට්ටමට ඇවිත් තියෙන්නේ. තියෙන ටෙස්ට් මැච් ටිකත් කැන්සල් කරලා කරන මේ විකාර වැඩ හින්දා දවස් දෙකහමාරක් යන්න කලින් මැච් එක ඉවරයි. හුගක් අයට ඕනෑ සල්ලි විතරයි. කාට උවමනා විදියටද පරිපාලණය වෙන්නේ . ඕවර 20 මැච්ම ගැහුවහම හරි. අර්ජුන කියපු දේවල් ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවා. පාලක මණ්ඩලයට මේවට දෙන්න උත්තර තියෙනවද? අලුත් ක්‍රීඩාංගන හදන්න බිලියන ගණන් සල්ලි වියදම් කරාට වැඩක් නෑ .බංගලාදේශෙටත් ටෙස්ට් මැච් පරදියි මෙහෙම ගියොත්. (ස)
හිතලා පැරදුණේ නැහැනේ. කවුරුවත් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. (නි)
කරුණාකර බඩු ටික සුදානම් කරගෙන දැන් පරිස්සමින් එන්න (ස)
කවුද මේවට වගකියන්න ඕනි (ස)
දකුණු අප්‍රිකාව ඇවිත් බිමට දාලා ගිය ඕස්ට්‍රේලියාව අපේ අය මුදුනෙන් තියලා ආවා. අපේ අය ඒ වගේ දේට කොහොමත් දක්ෂයිනේ (ස)
ඔයාලා මතක තියගන්න 2011 ලෝක කුසලානෙන් පසු අපි අපේ වීරයන් එක්කම හිටිය නිසා තමා ඔයාලා උඩපැනගෙන විස්සයි විස්ස ගගා ටී20 ලෝක කුසලානෙ බැලුවේ.අපි එයාලත් එක්ක දැනුත් ඉන්නම ඕන නැත්තම් ඔයාලා ඔය අපහස කරන්නේ අපේ කොල්ලන්ට නෙමෙයි. ලක්මෑණීට (ස)
කියන්න කණගාටුයි මැච් එක පැරදුනේ උවමනාවෙන්මයි. මෙයාලා ලංකාවේ අපිට මැච් එපා කරනවා (ස)
ජය වේවා ඕස්ට්‍රේලියා කණ්ඩායමට. (නි)
චන්දිමාල්, භානුකලාව ටෙස්ට් වලට දැම්මොත් හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අනේ අප්පේ! අපේ ක්‍රිකට්... (නි)
මේ ගොල්ලෝ IPL ගහන්නනම් යනවා ,ඉදිරි තරඟයට තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරන්න (ස)
ක්රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මේකයි. ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ගැන මීටවැඩිය සැළකිළිමත් වියයුතුයි. (නි)
ඔබ හරි අර්ජුන. (නි)