ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී 440 ක් රැුස්කර ලකුණු 284 ක් ඉදිරියෙන් සිටියේය.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම සඳහා ලකුණු 156 ක් පමණක් රැස්කළේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 156
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 129 කදී කඩුලූ 8 ට 440 (එඞ් කවන් 36, ඬේවිඞ් වෝනර් 62, ෂේන් වොට්සන් 83, මයිකල් ක්ලාක් 106, මයික් හසී 34, මිචෙල් ජොන්සන් නොදැවී 73, ශාමින්ද එරංග 106/2, ධම්මික ප‍්‍රසාද් 102/3)
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 284 ක් ඉදිරියෙන්
නඩරාජා Thursday, 27 December 2012 03:02 PM
ඔස්ට්‍රලියාවට ජය නියතයි..(නු)
හේරත් එස් Thursday, 27 December 2012 03:15 PM
ඔට්ටුයි අපි දිනනවාමයි..!(නු)
සංජීව Thursday, 27 December 2012 04:13 PM
අපට ෆාස්ට් පිච්වල සෙල්ලම් කරන්න බැරි බව නැවත ඔප්පු වෙනවා.. (නු)
රොෂාන් Thursday, 27 December 2012 04:19 PM
තව දවසකින් ඉවර වෙයි.. ඊට පස්සේ අපේ අයට සාප්පු සවාරි යන්න දවස් තියෙනවා..!(නු)
යොහාන් Thursday, 27 December 2012 05:08 PM
සල්ලි බෙදාගන්න කලිං තරග දිනලා ඉන්න .. ලංකාවෙ ක්‍රිකට් විනාශ වෙයි වගේ..!(නු)
ගමගේ Thursday, 27 December 2012 05:13 PM
ඒක ඇත්ත.. අපේ කණ්ඩායම ප්‍රතිසංවිධානය කරන්න දැං කාලෙ ඇවිල්ලා..!(නු)
තත්සරණී Thursday, 27 December 2012 05:22 PM
අපේ වීරයන්ට ජය වේවා.. අපිට හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවං.. අපේ වීරයෝ ඔක්කොම දක්ෂයි.. සංගා ඇතුළු හැමෝටම සුභ පැතුම්..!(නු)
ආනන්ද Thursday, 27 December 2012 06:22 PM
සාප්පු සවාරිය යන්නත් දැං වෙලාව තියෙනවා..!(නු)
ආනන්ද Thursday, 27 December 2012 06:49 PM
මල්ලිලා ඕවා ගණන් ගන්න එපා. ෂොපින් එහෙම ගිහිල්ලා, ටිකක් විනෝද වෙලා එන්නකෝ ලංකාවට. (නි)
කමල් Thursday, 27 December 2012 08:11 PM
දිනුවා නම් හුරේ දායි. පැරදුනහම කාගෙත් බැණුම් තමයි. ක්‍රීඩාවක් කියන්නේ මේකට තමයි ළමයිනේ. (නි)
මාලක Thursday, 27 December 2012 08:15 PM
තත්සරණි ක්‍රිකට් ගැන දන්න දෙයක් නැහැ. ක්‍රිකට් වීරයෝ හිටියේ ඉස්සර. දැන් ඉන්නේ ක්‍රිකට් මුදලාලිලා. (නි)
ජගත් Thursday, 27 December 2012 08:23 PM
අපේ පන්දු රැකීම අන්තිමයි. ඒකයි ඔහොම වෙන්නේ. (නි)
කෝලිත Thursday, 27 December 2012 08:27 PM
ආනන්ද මෙහෙම කතා කියන්න එපා. ලංකාවෙ වගේ මෙහෙ ලාබෙට බඩු නැහැ..!(නු)
දීපා Thursday, 27 December 2012 01:47 PM
අපෝ! අපි මේකත් පරදීවි. (නි)
සිල්වා Thursday, 27 December 2012 02:08 PM
ඔන්න නියම ක්‍රීඩකයෝ. (නි)
සනා Thursday, 27 December 2012 09:33 PM
විස්සයි විස්ස තිබුණානම් හොදයි..!(නු)