2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරුවනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරති. මෙම හේතුමත ඔවුහු මෙවර නත්තලද සැමරීමට තීරණය කර ඇත්තේ නිර්මාංශවයි.
අපි‍්‍රකා මහද්වීපය ලිබියා කාන්තාරය හරහා උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිර දෙසටත්, පැලීයන බවත්, එමෙන්ම ඕස්ටේ‍්‍රලියා මහද්වීපය දෙකඩ වී යන බවත් දැනට විවිධවූත් ස්වභාවික විපත්වලට ගොදුරුවන ක්වින්සිලන්ත ප‍්‍රාන්තයේ ත‍්‍රිකෝණාකාර බිමක් ඉතිරිවෙන බවත් (2012 ඉකුවේෂන් සොල්විඞ් අන්තර්ජාල වෙබ් අඩවිය) පසුගිය කාලය තුළ සිදුවූ දෑ සහ විද්‍යාත්මක කරුණුද ගෙනහැර දක්වමින් කියා සිටියි.
ක‍්‍රිස්තියානින් පවසන්නේ බයිබලයේ කිසිදු තැනක නියත වශයෙන්ම ලෝක විනාශය සිදුවන දිනයක් හෝ වේලාවක් සඳහන්ව නොමැති බවයි. කෙසේ වෙතත් ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සහ බෞද්ධයෝද සිටිති.
ඕස්ටේ‍්‍රලියානුවන් 20%ක් කිසිදු ආගමකට නොමැතිව සිටිති. ස්වභාවික විපත් ගැන බියජනක මානසිකත්වයක් ඇතිකර මිනිසුන් අතර විවිධ බලපෑම් ඇති කිරීමට ආගම් නාමයෙන් ඇතැමුන් සැරැසෙතියි තව පිරිසක් කියති. පොළොව රත්වීමේ වේගය වැඩිවීමත් සමග බලවත් රටවල් වල පවතින සිය රසායනික අවි පිපිරීමෙන් විනාශයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිබව තවත් සමහරුන්ගේ මතය වේ.
ඇමරිකාවේ විවිධ ආර්ථික හා සමාජ ප‍්‍රශ්නවලින් හෙම්බත්ව සිටින එහි ජනතාවගේ ජනතා නැගිටීම් වළක්වා ගැනීමට ක‍්‍රිස්තියානි ආගමෙන් කැඞී ගිය පිරිසක් ඇමරිකන් රජයේ මුදලින් මෙවැනි ප‍්‍රචාරයන් ගෙන යන බව තවත් සමහරු පවසති. කෙසේ වුවද, චීන, කාම්බෝජ සහ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් පවසා සිටින්නේ ගෞතම බුද්ධශාසනය වසර 5000ක් පවතින බවත්, ඉන් තව වසර 2420ක් ඉතිරිව ඇති බවත්, එම කාලයේ ලෝක විනාශයක් නොවනු ඇති බවත්ය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ලෝක විනාසද අනේ (දී)
ඔච්චර වීරයෝ ඉන්න රටේ (දී)
ලෝක විනාසය වෙන්නම ඕනි (ස)
බොරු කතාවක්,එහේ මිනිස්සු ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑ (ස)
ලෝකයත් ලෝකයාත් යාකරන සාධාරණ මාවත් අබිබවා නොයමු. එවිට ලෝකය රැකෙනූ ඇත. (නි)
2500දී ලෝක විනාශය සිද්ධවෙයි. එතකල් සුලු සුලු විනාශ සිද්ධවෙනවා. (නි)
ඕස්ටේ‍්‍රලියාවේ ඕස්ටේ‍්‍රලියානුවෝ නත්තල සමරන්නේ නිර්මාංශවයි කියා මම නම් පිළිගන්නේ නැත. (නි)
ඔව් මමත් හිතනවා බෞද්ධයෝ නම් කවදාවත් යාඥා කරන්නේ නැහැ. ඒත් මොකද ලංකාවේ වෙන අපරාධ ගැනවත් නිකමටවත් කතා කරන්නේ නැහැනේ. (නි)
මෙන්න සත්‍යය. අපි එකමුතු වෙමු. (නි)
ලෝක විනාශය කවදා,කෙසේ සිදුවේද කියා ලත නොවී අසල්වැසියා සමග සාමයෙන් සහයෝගයෙන් ජීවත් වීම කාලෝචිත වේ. (නි)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමයි. (නි)
මොන ලෝක විනාසද අනේ (දී)
එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවට අශෝක කර ඇති ප්‍රකාශය කරුණාකර ඉල්ලා අස්කර ගන්න. ක්‍රිස්තියානි මුස්ලිම් කවුරු පිළිගත්තත් සිංහල බෞද්ධයන් දෙවියන් ඉදිරියේ කන්නලව් කර ලෝක විනාශයන් වළක්වාගන්න කටයුතු කරන ජාතියක් නොවෙයි. හිතට එන දේවල් වචන වලට පෙරළන විට මීට වඩා විචාරශීලි වන්න. (නි)
ඔන්න වීරයින්ගේ වැඩ
මොනවාද මේ විකාර
අබේරත්න මෝඩයිද (ස)
මටනම් හිනා යනවා මේ කියන කතා අහලා (දී)
ලෝකය විනාශ වෙන්න තව ගොඩ කාලයක් යනවා, බය වෙන්න එපා (දී)
ඔස්ට්‍රලියාව කියන්නේ තාක්ෂනය අතින් හොද රටක් නේද (දී)
ඕස්ටේ‍්‍රලියාවේ මෙහෙම කතාවක් ගැන මම නම් කවදාවත් පිළිගන්නේ නැහැ. (නි)
ලෝක විනාසය කියන්නේ මොකද්ද (දී)
මම නම් හිතන්න ලෝක විනාසය දැම්ම වෙන්න් නැහැ (දී)
අයියෝ ඕක වෙන්නේ නැහැ (දී)
මේක විශ්වාස කරන්නත් බැරි පුවතක් (දී)
බුදු දහමට අනුව ලෝක විනාශය දැම්ම වෙන්නේ නැහැ (දී)
වරදක් නෑනේ ආගමානුකූලව ඉන්නවානම් (ස)
දැන් හදිස්සියේ ලෝක විනාශය නොවුණොත් මිනිස්සු කියයි එයාලා දෙවියන්ට යාඥා කළ නිසයි ඒක එහෙම නොවුණේ කියලා. (නි)
මගේ ණය වගයක් තියෙනවා. දෙසැම්බර් පහු වෙනකල් බලලම ගෙවලා දානවා. (නි)
මම ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. මම මෙහෙම කතාවක් ඇහුවමයි. සෑම්,සහන් ,අබේරත්නගේ සටහන් මමද අනුමත කරමි. (ස)
මම ඉන්නෙ කුවීන්ස්ලන්ත ප්‍රන්තයේ, බ්‍රිස්බන් සිටි එකේමයි. මෙහෙ මිනිස්සු එහෙම කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. (නි)
ලෝකය විනාශ වෙන්න තව ගොඩාක් කල් යනවා
පවු කරලා නැත්නම් මොකටද බය වෙන්නේ? කොහොම හරි නිර්මාංශ වීම නම් බොහොම හොදයි. (නි)
ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සිටිති......" බෞද්ධයෝ එසේ නැත. (නි)
මේ දිනවල ලෝකයේ සිදුවෙමින් යන පැහැදිලි වෙනස ලෝක විනාශය නොවේවා කියා පතමු. (නි)
2000 හේදීත් මේ කතාවම කිවුවා නේද? (නි)
බය වෙන්නේ මොකටද මැරෙන්න තියෙනවානම් මැරෙනවා (දී)
"ක‍්‍රිස්තියානින්ගේ අරමුණ වන්නේ එකට එක්වී දෙවියන් ඉදිරියේ යාඥා කිරීමෙන් ඕනෑම විනාශයකින් පෘතුවිය ගළවාගත හැකි බවයි. මෙම මතයේම මුස්ලිම්, හින්දු සහ බෞද්ධයෝද සිටිති......" බෞද්ධ දර්ශනයට අනුව ඔහොම මතයක් බෞද්ධ අපට නැත. බෞද්ධ දර්ශනය විකෘති නොකර දන්නා දෙයක් ගැන පමණක් කතාකළොත් හොඳයි. (නි)
බයට නිර්මාංශ වුණා කියලා ඒවා වළක්වන්න බැහැ. (නි)
නිර්මාංශ වුණත් සුරාපානයනම් අතහරින එකක් නෑ (ස)
බය වෙන්න දෙයක් නැහැ
අයියෝ මනුෂ්‍ය ජීවිතයක හැටි (දී)
මිනිස්සු මැරෙන්න මොන තරම් බයද (දී)
අපි හිතුවේ ඕස්‍ට්‍රේලියාව බය මුරලිගේ දග පන්දු වලට විතරයි කියලා. (නි)
මොන බෞද්ධයාද හිතන්නේ එකට එක් වී සර්වබලධාරී දෙවියෙකු යැදීමෙන් ලෝක විනාශය නවත්වාගත හැකියි කියලා? (නි)
මමත් මේ ගැන ඉන්ටෙර්නෙට් එකේ තොරතුරු සෙවුවා. මේ ලින්ක් එකේ හැටියට ලෝක විනාශය පිළිගන්න බැහැ. http://www.youtube.com/watch?v=QL3hBX27-7o (නි)
බිය නොවන්න අපි කවුරුත් මැරෙනවා (දී)
ඔන්න වැඩකාරයෝ බය වෙලා (දී)
මේ තරම්තාක්ෂණයක් තියෙන මිනිස්සු මොකද බය වෙලා (දී)
මාර බයක්නේ තියෙන්නේ මැරෙන්න (ස)
බුදු බන ඇත්ත බව තේරෙනවාද දැන් .(දී)
බෞද්ධයෝ එසේ නැත. බෞද්ධයන්ට දෙවිකෙනෙක් නැත. (නි)
පව් අසරණ මිනිස්සු (දී)
ඇයි මේ ලෝක විනාශය ගැන කතා නොකර බෞද්ධයොයි ක්‍රිස්තියානි දෙගොල්ල පැටලෙන්න හදන්නේ? අපේ එකම වරද ගැටලුවට උත්තර නොසොයා අළුත් ප්‍රශ්ණයක් හදා ගන්න එකයි..!(නු)