ඉසුරු සොයා ජාවාරමුනට රුපියල් හාර ලක්ෂය බැගින් ගෙවා යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගිය තව සිය දෙනෙක් පිටුවහල් කරනු ලැබ අද පස්වරු තුනට පමණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. පසුගිය දින තුනේ 426 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට එවනු ලැබූහ. මේ වසර ආරම්භයේ සිට ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළු වූ පිරිස 15500ක් බව ඕස්ට්‍රේලියා රජය කියයි. තම මානුශිව වැඩ පිළිවෙල අදාළ වනුයේ හිංසා හා වධවීමේ අනතුර ඇති අයට මිස ආර්ථික වාසි පතා හොරෙන් එන අයට නොවේ යැයි ඕස්ට්‍රේලියා ආගමන ඇමති ක්‍රිස් බෝර්න් පවසයි. මෙසේ එන අය ශ්‍රී ලංකාවට ද දකුණු පැසිපික් සාගරයේ නාවුරු හා පැපුආනිව්ගිනියේ මානුස් දූපතට ද යවන බව ඔහු කියයි. ජාවාරම්කරුවනට දෙන මුදල් වලින් පලක් නැතැයි ද, එයින් ජීවත අනතුරට පත් වීම හැර අන් දෙයක් නොවන්නේ යැයි ද ඔහු සදහන් කරයි. මේවසරේදී ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට සිටි 1200 දෙනා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටුවෙන් ගොස් ගුවන්යානයෙන් පැමිණේ (ස)
අනාගතය අප කාගෙත් හොද සරු කර ගන්න මීට පස්සේ ඔය සේරම හරි පාරෙන් යන්න (ස)
අයියො සල්ලි
ඔබ සැම සාධරයෙන් පිළිගනිමු , මිනි මතුවට මව් බිම පාවා නොදෙනු (ස)
ආනන්ද ඔයාගෙ කවි වස් කවිද ? සෙත් කවිද ?(ස)
කොහේ ගියත් අවසානේ ලංකාවටම එපැයි එන්න (ස)
අපේ රට අනවසර දැනුවත් මදිද?
දුක් විදගෙන යන්නේ මෙහෙම එන්නද? (දී)
දැන් 200ක් යැවුවා නම් හරි. (නි)
මොනවා කරන්නද ලංකාවේ ජීවත්වෙන්න බැරිනම්? (නි)
සිංහලයා හම්බ කළොත් ඉතිං ලංකාවට තමයි. (නි)
ඇයි දෙයියනේ මේ රට දාලා යන්නේ ... මෙහේ කන්න නැතත් අභ්‍යාවකාශ යානා තියෙද්දි (ස)