ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී ඊයේ (14) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 299 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට නායක මයිකල් ක්ලාක් (නොදැවී 70) සහ මයික් හසී (නොදැවී 37) පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 101 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. චානක වෙලගෙදර ක‍්‍රියාත්මක වෙමින් ඕස්ටේ‍්‍රලියානු ආරම්භක සම්බන්ධතාව ලකුණු 18 කට සීමා කරමින් එඞ් කවන් (04) පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඬේවිඞ් වෝනර් පන්දු 89 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. ෂේන් වොට්සන් (30) සහ පිලිප් හියුස් (86) එකතුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් වූහ. හිටපු නායක රිකි පොන්ටිං ඉවත්වීමෙන් පසුව අංක 3 ස්ථානයට කැදවූ පිලිප් හියුස් අනගි ඉනිමක් දියත් කරමින් පන්දු 166 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 86 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා වූ චානක වෙලගෙදර ලකුණු 99 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ලෙස වසර කීපයක් කටයුතු කළ තරංග පරණවිතානට මෙහිදී කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අතර යොවුන් පිතිකරු දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ස්ථානයට කැදවා තිබුණි. අද (15 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි. ලකුණු පුවරුව ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඬේවිඞ් වෝනර් - දුවද්දී දැවී ගියා 57 එඞ් කවන් - ඇ. එරංග ප. වෙලගෙදර 4 පිලිප් හියුස් - ප. වෙලගෙදර 86 ෂේන් වොට්සන් - ඇ. මහේල ප. වෙලගෙදර 30 මයිකල් ක්ලාක් - නොදැවී 70 මයික් හසී - නොදැවී 37 අතිරේක 15 එකතුව ඕවර 90 කදී කඩුලූ 4 ක් දැවී 299 පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ: මැතිව් වේඞ්, පීටර් සිඞ්ලි, මිචෙල් ස්ටාක්, බෙන් හිල්ෆනස්, නේතන් ලියොන් කඩුලූ වැටීම: 1-18(කවන්), 2-97(වෝනර්), 3-183(වොට්සන්), 4-198(හියුස්) පන්දු යැවීම: කුලසේකර: 22.2.51.0, වෙලගෙදර: 20.1.99.3, එරංග: 16.3.52.0, මැතිව්ස්: 11.2.35.0, ඩිල්ෂාන්: 4.0.11.0, හේරත්: 17.3.47.0 ශ්‍රී ලංකා කණ්ඩායම: දිමුත් කරුණාරත්න, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, රංගන හේරත්, ශාමින්ද එරංග, චානක වෙලගෙදර
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රලියවනම් අහන්න එපා (දී)
ක්රිකට් බලලත් ඉවරයි. (නි)