ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුළත්ව සිටියි. දෙරට අතර පළමු තරගය දෙසැම්බර් මස 14 වැනිදා හෝබාර්ට්හීදි ආරම්භවන අතර තරගාවලිය තරග තුනකින් සමන්විතය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත් දිමුත් ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 60 ක් ලබාගත්තේය. එම තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 10 ක විශිෂ්ට ජයක් ලැබීය. වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් සංචිතයට එක්ව සිටින නමුත් යොවුන් ක‍්‍රීඩක තරිඳු කෞෂාල්ට සංචිතයේ ස්ථානය අහිමිව තිබේ. පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු, නවසීලන්තයට සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියි. ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, සුරාජ් රන්දිව්, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, නුවන් ප‍්‍රදීප්, ධම්මික ප‍්‍රසාද්, දිමුත් කරුණාරත්න අතිරේක ක‍්‍රීඩකයෝ: ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අකිල ධනංජය සහ අජන්ත මෙන්ඩිස්
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට සෙල්ලම් කරන්න
මොකටද ඒ
සුභපතනාවා....
හොදයි
එකකොට ශාමින්ද එරංගට මොකද වුණේ එකපාරටම (ස)
විජය , ඔයාට සිංහල කියවන්න බැරිද (ස)
තරංග පරණවිතාන, චානක වෙලගෙදර, සුරාජ් රන්දිව් වෙනුවට උපුල් තරංග/ළහිරු තිරිමාන්න, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස් ගන්න තිබබා (ස)
සැම අතින්ම පිරිපුන් සංචිතයක් . ජය වේවා ශ්‍රී ලංකා (ස)
තරංග හොද නැද්ද? (නි)