ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ඕස්ටේ‍්‍රලියා සංචාරයට සහභාගීවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් වර්ණනා කිරීමට ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයියෝ අමතක නොකළහ. මෙහිදී මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර වඩාත් රුචිකත්වයක් දක්වන පහරවල් මෙන්ම, ඔවුන් පිතිකරුවන් ලෙස ඔවුන් පන්දු යවන්නන් මෙල්ලකරණ ආකාරය පිළිබඳවද කතාබහ ඇතිවිය
. දකුණු අප‍්‍රිකාවට එරෙහිව, පර්ත් නගරයේ වකා ක‍්‍රීඩාංගනයේදී ඓතිහාසික ලකුණු සංඛ්‍යාවක් හඹා යන ඕස්ටේ‍්‍රලියාව කඩුලු තුනක් දැවී දිවා ආහාරය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී, ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයෝ තිදෙනා, තණ නිල්ලට අවුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් පිළිබඳව මෙසේ විස්තර ගෙන එන්නට පටන් ගත්හ.
මෙයවනවිට අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවෙනි ස්ථානය හොඹවන ශ‍්‍රී ලංකා පිලේ වමතින් දඟ පන්දු යවන රංගන හේරත්ගේ හැකියාව මෙන්ම, ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලින් ගැනද ඔවුහු කතා කළහ

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මුදලට පාවා දුන්න සිද්ධිය ගැන මුකුත් කියල නෑද්ද (ස)
ලෝකේ ඉන්න අංක 1 කණ්ඩායම අපි (ස)
ස්තුති..... ස්තුති.... (දී)
අපි දිනනවා ඒක සිකුරුයි (දී)
මටනම් සැකයි මොකද්ද ඊට හේතුව කියලා (දී)
අපි දක්ෂයි.......අපි දක්ෂයි.......අපි දක්ෂයි.......(දී)
අහු වෙන්න එපා ඕවාට, සුද්දන්ගේ කපටි වැඩ (දී)
ස්තුති ඔබ සැමට (දී)
අපේ ටීම් එකේ සුබ පැතුම් .(ස)
ලංකාව දිනනවා .(ස)
මම හිතන්නේ ඔස්ට්‍රේලියා පිලේ උපක්‍රමයක් මේ (දී)
ලංකා ක්‍රීඩකයෝ ඔය කතා වලින් හිස උදුම්මෝ ගන්න එපා මොකද මේක උපක්‍රමයක් වෙන්න පුළුවන් (දී)
බොහොම ස්තුති...බොහොම ස්තුති... (දී)
මෙය ඉතා හොඳ පුවත් පතක් . අපි හැමදාම ලංකාදීපය සමගයි .(ස)