දැඩි උණුසුමත් සමඟ ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති ළැව්ගිනිවලට හසුවුණු නිවාස හා ගොඩනැගිලි 300කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි පැවැසෙයි. එක් මරණයක් ද වාර්තා වේ.

ළැව් ගිනිවලින් වැඩිම බලපෑම වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට සිදුව ඇති බව ද සඳහන් වෙයි.

මේවනවිට වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. පවතින අවදානම සැලකිල්ලට ගනිමින් පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන්න බව ද පැවැසෙයි.

තද සුළං හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ළැව්ව්ගිනි තත්ත්වය තවත් දින ගණනාවක් පැවතීමේ අවදානම ද පවතින බව කාලගුණ බලධාරීන් පැහැදිලි කර තිබේ.