බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක (100,000) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය.
මෙම තරගාවලිය හෙට සහ අනිද්දා (1 සහ 2) ලොන්ඩන් පෙදෙස සී. ආර්. සහ කොළඹ රාජකීය විදුහල් යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ. කුසලාන, පළඟ, බඳුණ සහ පළිහ අවසන් තරග ඇතුළු දෙවැනි දිනයේ සියලූම තරග රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 24 ක් සහභාගි වන මෙම තරගාවලිය අන්තර්ජාතික රග්බි සංගමයේ නව නීති රීති වලට අනුව පැවැත්වේ.
ඒෂියන් ෆිනෑන්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සනාදන දළුගොඩ මහතා විසින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතාට අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්‍ෂයක් ??? ලැජජයි (ස)