අම්බලන්ගොඩ පොලිස් අධිකාරි ඒ.ආර්. මිරැන්ඩ් මහතාගේ මෝටර් රියට වෙට්ටු දමමින් බළපිටිය තැබෑරුම දක්වා යතුරු පැදියෙන් ගමන් කළ තරුණයෙක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මත් පැන් බී යතුරු පැදිය පැදවූයේ දැයි සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වැඩේ (ස)
අයියෝ සල්ලි
ඉදලා ඉදලා කොටලා තියෙන්නේ හොට පැටළෙන ගහකටනේ. (නි)
මට නම් උදාහරණයට ඉදිරිපත් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. (නි)
බොහොමයක් තරුණයෝ යන්නේ එහෙම තමයි. ඒ විදියට ගිහින් තමයි එලොව යන‍්නෙත්. (නි)
රුවනිට මේචචර රිදිලා තියෙන්නේ මොකෝ දන්නෙ නැහැ. (නි)
මෙතන 'වෙට්ටු දමා' කියන්නේ කාර් එකට ඉස්සර කරගෙන යාමක්ද? නැත්නම් අනතුරුදායක විදියට පදවාගෙන යාමක්ද? කාර් එකට ඉස්සර කළාටද දන්නේ නැහැ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? (නි)
කනගාටුයි නමුත් කමක් නැහැ
ලණුව ලිහාගත්ත ගවයොත් ඔය වගේ තමයි පාර පුරා යනවා (ස)
නියම පාඩමක්
නොබී හිටියත් වරදකට ඈඳලා ගනීවි (ස)
මෝටර් සයිකල්කරුට තනියෙන් ඕක කරන්න බැහැ. අනෙක් වාහනයේ කෙනාත් මේකට හවුල් වුණේ නැත්නම් කොහොමද එකම වාහනයට කීප සැරයක් ඉස්සර කරන්නෙ? (නි)
නිත් ගරුක වෙන්න
sp මහත්තයත් හදිසි වැඩකට යන ගමන් වෙන්න ඇති (ස)
හොද වැඩේ
පාන් කෑවොත් ඔහොම්මමයි (ස)
නොබී හිටියත් බිලා හිටිය කියලා පැමිණිල්ලේ ඇති (ස)
ඉල්ලන් කාලා
ලොක්කෙක්ගේ පුතෙක් මේ වැඩේ කරානම් මොකද වෙන්න ???
ඔය එස්පීලා, ඩීඅයිජීලා ඇතුළු අනෙක් ලොක්කෝ අපට වෙට්ටුදාලා යද්දී අල්ලන්න කවුරුත් නැහැ. පොඩි එකා තමයි මාට්ටු. (නි)
පාරේ වෙට්ටු දමා ගියොත් කාටත් ඕක තමයි කරන්න ඕනේ (දී)
බීලා නොහිටියත් කමක් නෑ. දඩුවම් කරන්න ඕන ආයේ ඕවගේ වැඩ නොකරන්න. (ත)
ලොකු ලොක්කෙක් මෙහෙම කළා නම් ඉන්පස්සේ මොනවා වෙයිද? අනේ මන්දා ? (නි)
ලොක්කෝ පාරවල් වල යන විදියට අපි දන්න වෙට්ටු දාලා අපේ ජීවිතය බේරගන්නවා තමයි. (නි)
ඔන්න ඔය වගේ අයට පොලීසියෙන් ගැහුවට පව් නෑ. (ත)
පොඩි එකා පොඩි වෙට්ටුවක් දාන්න ගිහින් ඉල්ලන් කාලා... (නි)
ඕන විදියකට වාර්තා හදා ගිනියි. (ත)
මෙවැනි උණ රෝග වලින් පෙළෙන්නන්ට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුයි. (ත)
ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නෑ එන්නේ....අඩියක් ගසාලා, වෙට්ටුත් දමාලා,යනවිට බලාලා,එස් පී දැකලා,...........වෙරි ටික හිදීලා...........................
නොබී ඉදලා තිබුණත් වැඩේ හරිම තමයි. (ත)
අපිට කවුද බය? අපි කාටද බය? දෙන්නම් ඇට්ටි හැලෙන්න.... හා හා එහෙනම් කාලම එන්නකෝ..
රිය අනතුරු වලට මුහුණ දෙන්නෙත් ඔහොම ගිහිල්ලා තමයි. (නි)
මෝටර් බයික් පදින හැමෝම වෙට්ටු දාලා තමයි යන්නේ. (ත)
කාට උනත් හොද පාඩමක් (දී)
අද ලංකාවේ වාහන යන හැටියට ඕවා නම් මොනවද? (ත)
අයියට කන් වෙයි නත්තලටයි, අවුරුද්දටයි දෙකටම ඇති වෙන්න. (ත)
වෙට්ටු දැම්මනම් දැන් මට්ටු වෙයි. (ත)
මත්පැන් බීලාද බලන්න ඇයි අර පොලිස් බැලුන් නැද්ද? (නි)
ඉල්ලන් කෑම සහ තරුණ විසේ.... (නි)
ඉතින් රිය අනතුරක් වෙලා නෙහනේ ,මොකටද ප්‍රශ්න කරන්න අල්ල ගෙන ගියේ .මේක යකාගේ නීතියක් නේ ,සමහර පොලිස් අයට ලොකු උණක් තියෙන වනේ .මිනිස්සු වැන්දේ නැත්නම් අගට හරි නෙහ වගේ ,(අ)
මෝටසයිකල් කාරයට දැන් සනීපෙන් ඉන්නවාද දන්නේ නෑ (අ)