කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න බවත් හෙට අනිද්දාට කොටකෙතනේ පදිංචියට එන බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා ගැමියන් සමග කීවේය. කොටකෙතන හා අවට ගම්වල ගැහැණු 15 දෙනෙක් 2008 සිට අභිරහස් ලෙස මරා දමනු ලැබ සිටිති. ගුණවර්ධණ මහතා ගැමියන්ගේ ප‍්‍රශ්න හා දුක් ගැනවිලිවලටද සවන් දුන්නේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ පරිස්සමෙන්
බය නැතුව කරන වැඩ
මමනම් හිතන්නේ දැන් නම් අඩුවෙයි අපරාධ (දී)
බලමුකෝ දැනුත් වෙයිද කියලා (දී)
කහවත්ත කොටකෙතන භීතියට පත් කළ ඝාතන රැල්ල අවසන් කිරීමට පියවර ගන්න.(නු)
නියමයි සර්. අනවශ්‍ය බලපෑම් වලට යට නොවී රාජකාරි කරන්න ඔබට පුලුවන්. (නි)
මිනීමරුවන්ට නියම දඩුවමක් දෙන්න. (නි)
ආරක්ෂාවටත් එක්ක හොදයි (දී)
ඒක හොදයි
දැන් නම් අඩු වෙයි අපරාධ (දී)
ඔය පැත්තේ කෙනෙක් ඉන්නවා. එයා හරිම අහිංසකයි. මං දවසක් හරිම හැගුම්බරව ටී .වී . එකේ කතා කරනවා දැක්කා. (නි)
නියමයි (ස)
අර නාවල සිද්ධියට සම්බන්ධ ළමයත් ඔය පැත්තෙලු නේද ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අසරණ ගැමියන්ගේ ආරක්ෂාව ගැන ඔබතුමා දක්වන උනන්දුවට අපේ ප්‍රණාමය..!(නු)
දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා (දී)
මෙය වෙනත් සැළසුමක් විය නොහැකිද? (නි)
ඒක හොදයි.. අවාවදයට පෙර ආදර්ශය උතුම් කියනවානේ.? මාත් මරුවා සමග වාසේ කියලා ක්‍රියාවෙන්ම පෙන්නනවා..!(නු)
මේ ප්‍රශ්නයට ජයග්‍රාහී විසදුමක් ලබාදීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!
ඔබතුමා විතරක් යනවා නම් හොදයි පදිංචියට.. අපිට මතකයි ඔබතුමාගේ පුතා එහෙම අහිංසක ළමයින්ට ගහපු හැටි.. (නු)
පවුලේ කට්ටියත් එක්කරගෙන යනවද? (නි)
කවුරු පදිංචි උනත් වැඩක් නැහැ දේශපාලන බලපෑම් තියෙනවානම්.. මීට කලිනුත් අවංක නිලධාරීන් කීයක් නම් ගියාද?(නු)
ඒ එස්.පී. වාස් ගුණවර්ධන කියන ඔබ දක්ෂ නිලධාරි මහතෙක් රට තුල මේ වැනි අභිරහස් ඝාතන රැසක් අල්ලපු දක්ෂ නිලධාරියෙක් මම විශ්වාස කරනවා කොටකෙතන ජනතාවත් බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නනට මග පාදා දෙයි.. ඔබ තුමාට මගේ ප්‍රණාමය...!(නු)
ගෙදර අය නැතිව එස්.එස්.පී. මහත්තයා විතරක් ගියොත් කරදයක් වෙන එකක් නැහැ..!(නු)
මේ මිණිමැරුම් ටික හරියට ඉංග්‍රීසි චිත්‍රපටයකට සිදුවීම් වගේ ඔබතුමා ඉක්මනින් විසඳයි කියලා බලාපොරොත්තු වෙනවා .(ස)
අපි දන්නවා ඔබ වයඹ කරපු සේවය. නියම පොලිස් නිලධාරියෙක්. දෙන්න ගේම. අපි ඉන්නවා ඔබත් එක්ක. (නි)
ඔබතුමාගේ ක්‍රියාව අගය කරනවා. නමුත් දැන් ලංකාවේ හැම ගමකටම වගේ ඒ.එස්.පී. කෙනෙක් ඕනෑ වෙන කාලේ ඇවිල්ලා. (නි)
අඩු වෙයි ද වැඩි වෙයිද දන්නේ නැහැ. කතාවක් තියෙනවා මේ වැඩේට දේශපාලකයෙක් සන්බන්ධයි කියල. මෙයාව ගෙනාවේ අපරාධකාරයෝ බේරලා වැඩේ යටගහන්න කියල. කට කතාවක් තමයි. බලමුකෝ ඇත්ත බොරු කාටත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිනෙ!.(ස)
ප්‍රවීන් ඔයා හරි .(ස)
ඇත්තටම ඔබ තුමාගේ අදහසට සුබ පැතුම් .(ස)
අර අහිංසක ළමයා සහ මව පදිංචි මෙම ප්‍රදේශයේ ලු .(ස)
අපි ඔබ සමගයි. (නි)
ඔබතුමාට සුබ ගමන් (ස)
මේකත් හරියට අපේ කාලගුණ දෙපාර්තමේන්තුව වාගෙයි. සමහරවිට සාමය ඇතිවීමට පුලුවන්, සමහරවිට භීතිය ඇතිවීමට පුලුවන්. (නි)
අඩු වෙයි ද වැඩි වෙයිද දන්නේ නැහැ. . බලමුකෝ ඇත්ත බොරු කාටත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිනෙ!.(නු)
ජයවේවා ඔබ තුමන්ට ....ජයවේවා (දී)
හෙට අනිද්දා කියන එකත් ප්‍රමාද වැදී .(ස)
වැඩේට සෙට් වෙනකොටම අදාල නිලධාරියා මාරු කරවන බලධාරියා අල්ලා ගත්තා නම් මේ මාරයො ටික අල්ල ගන්නත් පුලුවන් වෙයි. වාස් මහත්තයො, ඔන්න කරනවා නම් වැඩේ. නෙයිනගෙ සූදුව කතාවටත් වඩා නම කියවෙන දෙයක් වෙයි. ඔබට ජය. (නි)