(සුජිත් හේවාජුලිගේ)

එල්නිනෝ හේතුවෙන් වගා හානි සිදුවූ අයට වන්දි ගෙවීම එන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති අයි'.යූ.කේ කළුආරච්චි මහතා පැවසීය.

එම වන්දි ගෙවීම් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර සති දෙකක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.

එළඹෙන මහ මහකන්නයේදී කෘෂි ආයතන වල උපදෙස් මත නියමිත වගා කාලසටහනකට අනුව වගා කටයුතු ආරම්භ කරන්නැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.