අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අටවැනි දිනයේ තරග ලෙස අද (30) තරග අවසන් වන විට එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියේය.
‘බී’ කාණ්ඩයේ රාගම ක‍්‍රිකට් සමාජය (28), එස්.එස්.සී. (26) සහ යුද හමුදා (26) යන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තියුණු තරගයක් නිර්මාණ වී තිබේ. පළමු වටයේ අවසන් දිනයේ තරග ලෙස ජනවාරි 2 වැනිදා පැවැත්වෙන තරගවල ප‍්‍රතිඵල අනුව ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය වේ.
එන්.සී.සී. පිල තරග අටෙන් හයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 31 ක් හිමිකර ගෙන සිටින අතර කෝල්ට්ස් පිල තරග අටෙන් පහක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 27 ක් ලබා සිටියි. ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල පසුවන මුවර්ස් සහ ද්‍රවිඩ සංගම් ප‍්‍රසාද ලකුණු 21 බැගින් ලබා සිටියි.
ගුවන් හමුදා පිල කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් පිල ද, වරාය අධිකාරි පිල කෝල්ට්ස් පිල ද, නාවික හමුදා පිල හලාවත මේරියන්ස් පිල ද, පරාජය කිරීමේ අටවැනි දිනයේ තරගවලදී කැපී පෙනුණි.
මුවර්ස් පිලේ ෂෙහාන් ජයසූරිය (107) සහ එස්.එස්.සී. පිලේ ධනුෂ්ක ගුණතිලක (නොදැවී 106) අටවැනි දිනයේ ශතක ලාභීහූ බවට පත්වූහ.
අජන්ත මෙන්ඩිස් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 23 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත් විය.
පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිලට කඩුලූ 8 ක ජයක්)
පානදුර ක‍්‍රීඩා සමාජය ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 85 (රංග කුරේ 16, ලස්සන පෙරේරා 19, සොහාන් බොරලැස්ස 11/3, රමිත් රඹුක්වැල්ල 2/3)
එන්.සී.සී. පිල ඕවර 10 කදී කඩුලූ 2 ට 86 (උපුල් තරංග නොදැවී 52, චාමර කපුගෙදර නොදැවී 33, චතුර පීරිස් 18/2)
එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරියට කඩුලූ 5 ක ජයක්)
කෝල්ට්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 213 (හර්ෂ විතාන 25, කුසල් ජනිත් 15, මලින්ද වර්ණපුර 44, අක්ෂු ප‍්‍රනාන්දු 67, ඉෂාන් ජයරත්න නොදැවී 29, සනිත ද මෙල් 27/2, මුතුමුදලිගේ පුෂ්පකුමාර 22/2)
වරාය අධිකාරි පිල ඕවර 47.1 කදී කඩුලූ 5 ට 214 (ගයාන් මනීෂාන් 58, අෂාන් ප‍්‍රියංජන් 80, තරිඳු මෙන්ඩිස් නොදැවී 30, ශානුක දිසානායක 34, අකිල ධනංජය 41/2)
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 5 ක ජයක්)
බදුරලිය පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 218 (පබසර වඩුගේ 30, සහන් විජේරත්න 65, නිලූෂාන් නෝනිස් 21, සාලිය සමන් 22, රුවින්ද ශාමෙන් 29, රොෂාන් ලක්සිරි 16, විමුක්ති පෙරේරා 35/4, මාලින්ද පුෂ්පකුමාර 42/2)
මුවර්ස් පිල ඕවර 39.2 කදී කඩුලූ 5 ට 219 (ෂෙහාන් ජයසූරිය 107, ජනක ගුණරත්න 33, දිල්හාර ලොකුහෙට්ටිගේ 20, හර්ෂ කුරේ 34, රොෂාන් ලක්සිරි 41/2, සහන් විජේරත්න 55/2)
බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදාවට ලකුණු 11 ක ජයක්)
ගුවන් හමුදා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 200 (රාජු ගයාෂාන් 83, අජිත් කුමාර 23, අකිල ඉෂංක 31, උපුල් ඉන්ද්‍රසිරි 50/3)
බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 46 කදී කඩුලූ 8 ට 171 (ඩිල්ෂාන් මුණවීර 28, දමින්ද රණවීර 51, ප‍්‍රිමෝෂ් පෙරේරා 33, සංජය ගංගොඩවිල 28, අචිර එරංග 29/2, ප‍්‍රිෂාන් හේවගේ 19/4)
බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී (එස්.එස්.සී. පිලට කඩුලූ 7 ක ජයක්)
බී.ආර්.සී. පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 202 (හෂාන් ගුණතිලක 30, මලිත් කුරේ නොදැවී 81, එරංග ගංගොඩ 33, ගිහාන් දිල්රුක් 15, සචිත‍්‍ර සේනානායක 24/2, කෞෂාල් ලොකුආරච්චි 20/3)
එස්. එස්. සී. පිල ඕවර 33.4 කදී කඩුලූ 3 ට 206 (ධනුෂ්ක ගුණතිලක නොදැවී 106, කෞෂාල් ලොකුආරච්චි 40, භානුක රාජපක්‍ෂ 20, කෞෂාල් සිල්වා 26)
වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (නාවික හමුදා පිලට ලකුණු 24 ක ජයක්)
නාවික හමුදා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 194 (ගයාස් ක‍්‍රිස්ටෝපර් 34, දිලූක තිස්සකුට්ටිගේ 20, චානක රුවන්සිරි 33, යොහාන් කුමාර 39, සුපේෂල ජයතිලක නොදැවී 47, ගීත් කුමාර 31/4)
මේරියන්ස් පිල ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 170 (සචිත් පතිරණ 21, ඇන්ජලෝ ජයසිංහ 39, අසේල ජයසිංහ 49, චානක රුවන්සිරි 48/3)
පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 83 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 324 (අෂේන් සිල්වා 51, මහේල උඩවත්ත 63, තිලකරත්න සම්පත් 41, රුමේෂ් බුද්ධික 56, මුදිත ප‍්‍රනාන්දු 56, තිළිණ තුෂාර 29, අරෝෂ් ජනෝද 71/4)
සී.සී.සී. පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 241 (රෝයි සිල්වා 24, සමීන් කදනාරච්චි 20, හසන්ත ප‍්‍රනාන්දු 25, මධුක ලියනපතිරණ නොදැවී 80, අරෝෂ් ජනෝද 29, දිනුක් හෙට්ටිආරච්චි 33, චමිල් සුමතිපාල 13/2)
ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට ලකුණු 56 ක ජයක්)
ගාල්ල පිල ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 142 (එල්. එම්. හැළඹගේ 48, අනිල් රිදීගම්මනගෙදර 34, අජන්ත මෙන්ඩිස් 23/7, ජනිත් සිල්වා 40/2)
යුද හමුදා පිල ඕවර 20.1 කදී කඩුලූ 3 ට 113 (රිෂාන් කාවිංග 28, සුලාන් ජයවර්ධන 44, සීකුගේ ප‍්‍රසන්න 23, කෞෂල්‍ය ගජසිංහ 25/2)
පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (සැරසන්ස් පිලට ලකුණු 111 ක ජයක්)
සැරසන්ස් පිල ඕවර 43 කදී කඩුලූ 4 ට 251 (ඉමාල් ලියනගේ 20, රජීව් වීරසිංහ 30, දිනුක පෙරේරා 31, සමිත් දුෂාන්ත නොදැවී 93, මොහොමඞ් අස්ලාම් නොදැවී 43, ප‍්‍රසාද් කැල්ලේපොත 33/2)
කුරුණෑගල තරුණ පිල ඕවර 30 කදී කඩුලූ 8 ට 109 (ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ 15, නූර් උල් හක් 23, සමන් ප‍්‍රියන්තක නොදැවී 35, සමිත් දුෂාන්ත 18/3, අමිල මෙන්ඩිස් 24/3)
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්.සී.සී. - කෝල්ට්ස් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි