එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 33 දෙනකුගේ ගිනි අවි සෙනසුරාදා (1) පාවිච්චි නොකරන ලෙස ඇමැති ආරක්ෂක අංශය එම මන්ත්‍රින්ට ආරක්ෂාව සපයන පොලිස් නිලධරයනට දන්වා ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු එජාප මන්ත්‍රීන් පිරිසක් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාට පැමිණිලි කළහ. මන්ත්‍රී ආරක්ෂාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පිරිසකට එක් විදිහකටත් තව පිරිසකට තව විදිහකටත් සලකන්නේ ඇයි දැයි ප්‍රශ්න කළහ. එවැනි තහනමක් පාර්ලිමේන්තුවෙන් පනවා නැතැයි නියෝජ්‍ය කතානායක පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 42කි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරවැඩ වලට විතරක් තිබුණහම මදෑ. (නි)
ආරක්ෂාව නැති වුණත් පැන්ෂන් එක තියෙනවා නම් කමක් නැහැ. (නි)
ආරක්ෂාවට සුරයක් බැන්දා නම් හරි. (නි)
රටට දැයට වැඩක් නැති අය කියලා තේරුම් ගිය නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ..!(නු)
එම මන්ත්‍රීවරු 33 දෙනාගේ ආරක්ෂාව නෙමෙයි.. ගිනි අවි පාවිච්චි කරන්න එපා කියලයි තියෙන්නේ.. මොකක් හරි වැදගත් හේතුවක් ඇති.. අපි නොදන්න..!(නු)
ඒක මහා පුදුම වැඩක් නේ එහෙම ආරක්ෂාව දීලා වැඩක් තියෙනවාද (දී)
මහ ජන නියෝජිතයන්ට මොකටද ගිනි අවි.. කාටද ඒ අය බයවෙලා තියෙන්නෙ..?(නු)
මම නම් දන්න විදියට නීතියෙ මුක්තිය තියෙන්නෙ ජනාධිපති උතුමාණන්ට විතරයි.. අනිත් හැමෝම නීතියට යටයි..! රට කොයිබටද? (නු)
ශනිදා වාසනාව... සටන් පාඨ නැති වෙලාවට ඇදෙන ලොතරයි...(නු)
නාල්න්ද එල්ලාවල මතක් උනා.. ඇයි දන්නෙ නහැ..!(නු)
රනිල් මහත්තයාගේ ඉල්ලීමක් වෙන්න ඇති.(නු)
අද ගිණි අවි වලටත් කෙම්මුර දවසක් වගේ . පුදුම දේවල්නේ අපි දැන් අහන්නේ ..(ස)
අපි අහලා තියෙනවා අවිගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කියමනක්. (නි)
සෙනසුරාදා ගිනි අවි තහනම් කරන්නේ මොකක් නිසාද?(නු)
මෙයා මෙච්චර බයයි කියල මම දැනගෙන හිටියේ නැහැ...(ස)