මහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන සියලූම විදේශිකයන්ට මින් මතුවට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හැකි වන පනතක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත. මීට පෙර පැවැති නීතිය වූයේ එරටට එන විදේශිකයන් වෛද්‍ය වියදම් දැරිය යුතු බවයි. නව නීතිය ගෙන ඒමට හේතු වී ඇත්තේ එරටට පැමිණෙන විදේශිකයන් අසනීප වූ විට නොමිලේ ප‍්‍රතිකාර නොකළහොත් මානව අයිතිවාසිකමක් කඩ කළා යැයි චෝදනා කිරීමට ඇති ඉඩකඩයි. මෙම නීතිය හේතුවෙන් නොමිලයේ වෛද්‍ය සත්කාර ලබා ගැනීමට ලෝකයේ අනෙකුත් රටවලින් ”ලෙඩ සංචාරකයින්” එංගලන්තය වෙත පෝලිමට එන්නට පටන් ගනිතියි භීතියක් ද පවතී. බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකුම මේ ක‍්‍රමයට විරෝධය දක්වා අගමැතිට ලියුම් ලියා ඇත. පෞද්ගලික අංශයේ රෝහල්වලට මෙම නීතියේ බලපෑමක් නැත. ඔවුන් කියනුයේ දැනට එංගලන්තයේ පදිංචිකරුවන් ඕනෑ එපාකම් පිරිහැමීමට තරම් වත් පහසුකම් හෝ ඉඩ කඩ නැති තරමට දුර්වල තත්ත්වයකට වැටී ඇති එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයට මෙය කිසිසේත්ම දරා ගත හැකි නොවන බරක් වන බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එංගලන්තයට එන අයට පිං බෙහෙත්
ලලිත් Tuesday, 27 November 2012 08:37 PM
මොකද ඒ ඒ එක පාරටම (දී)
ලංකාසිරි Tuesday, 27 November 2012 09:06 PM
එංගලන්තයට පැමිණෙන වැඩි දෙනා එරට වැසියන්ට වඩා ඉතා නිරෝගි සම්පන්න අය වෙති..!(නු)
ජෝස් Tuesday, 27 November 2012 09:09 PM
ඔන්න වැඩ..!(නු)
කළුපහන Tuesday, 27 November 2012 09:57 PM
එංගලන්තයේ දැං නම විතරයි..!(නු)
උපාලි Tuesday, 27 November 2012 10:47 PM
ලෝකට පරකාසේ ගෙදරට මර ගාතේ කියන්නේ ඕකට තමයි..!(නු)
ලංකා Wednesday, 28 November 2012 06:13 PM
අනේ හොදයි
තිලක් Wednesday, 28 November 2012 01:06 AM
අපේ පළාතේ පැරණි වලව්වක් තියෙනවා. ඉස්සර බොහොම උජාරුවට හිටිය වලව්වක්. දැන් නම් මිනිස්සු කියන්නේ පොල් සම්බෝල වලව්ව කියල. එංගලන්තෙත් දැන් ඒ වගේ තමයි.ඒ වුනාට තවම අපේ වගේ පොඩි රටවලට ඉස්සර හයිය අරන් චන්ඩි පාට් දානවා. (නු)
ජයම්පත් Wednesday, 28 November 2012 02:22 AM
මේ මොකද එකපාරටම සත්ත්ව කරුණාවක් (දී)
දහම් Wednesday, 28 November 2012 02:30 AM
මොනවා උනත් හරිම හොද වැඩක් (දී)
අජිත් Wednesday, 28 November 2012 07:59 AM
රක්ෂණයක් නැත්නම් එහේ බෙහෙත් ගන්න බෑ (ස)
අජිත් Wednesday, 28 November 2012 08:01 AM
ගොඩාක් හොද වැඩක්
බන්දුල Wednesday, 28 November 2012 09:11 AM
බලන්න කොයි තරම් හොද වැඩක්ද (දී)
තෝමස් Wednesday, 28 November 2012 03:23 PM
අනිවාර්යෙන්ම පෝලන්තයේ අය ඔක්කොම එය අර එකසැරයක් ආව වගේ. (ත)
හේරත් Tuesday, 27 November 2012 07:54 PM
ආ.. ඔහෙ ඉන්නෙ රජ ලෙඩ්ඩුනෙ..!(නු)
තාරක Tuesday, 27 November 2012 08:30 PM
කලිනුත් එංගලන්තයේ ඔය නොමිලයේ බෙහෙත් දෙන එක තිබ්බා.. නමුත් ඔක නැවැත්තන්න තිරනය කලේ වියදම් යන සැත්කම් කරන්න වෙන රටවල් වලින් පෝලිමට එංගලන්තයට එන්න ගත්තා.. පටන් ගත්තොත් ලංකාවේ අයටත් ටිකට් හදන් ගිහින් බෙහෙත් කරන් එන්න පුලුවන්(නු)