මහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන සියලූම විදේශිකයන්ට මින් මතුවට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හැකි වන පනතක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත. මීට පෙර පැවැති නීතිය වූයේ එරටට එන විදේශිකයන් වෛද්‍ය වියදම් දැරිය යුතු බවයි. නව නීතිය ගෙන ඒමට හේතු වී ඇත්තේ එරටට පැමිණෙන විදේශිකයන් අසනීප වූ විට නොමිලේ ප‍්‍රතිකාර නොකළහොත් මානව අයිතිවාසිකමක් කඩ කළා යැයි චෝදනා කිරීමට ඇති ඉඩකඩයි. මෙම නීතිය හේතුවෙන් නොමිලයේ වෛද්‍ය සත්කාර ලබා ගැනීමට ලෝකයේ අනෙකුත් රටවලින් ”ලෙඩ සංචාරකයින්” එංගලන්තය වෙත පෝලිමට එන්නට පටන් ගනිතියි භීතියක් ද පවතී. බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකුම මේ ක‍්‍රමයට විරෝධය දක්වා අගමැතිට ලියුම් ලියා ඇත. පෞද්ගලික අංශයේ රෝහල්වලට මෙම නීතියේ බලපෑමක් නැත. ඔවුන් කියනුයේ දැනට එංගලන්තයේ පදිංචිකරුවන් ඕනෑ එපාකම් පිරිහැමීමට තරම් වත් පහසුකම් හෝ ඉඩ කඩ නැති තරමට දුර්වල තත්ත්වයකට වැටී ඇති එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයට මෙය කිසිසේත්ම දරා ගත හැකි නොවන බරක් වන බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඒ ඒ එක පාරටම (දී)
එංගලන්තයට පැමිණෙන වැඩි දෙනා එරට වැසියන්ට වඩා ඉතා නිරෝගි සම්පන්න අය වෙති..!(නු)
ඔන්න වැඩ..!(නු)
එංගලන්තයේ දැං නම විතරයි..!(නු)
ලෝකට පරකාසේ ගෙදරට මර ගාතේ කියන්නේ ඕකට තමයි..!(නු)
අනේ හොදයි
අපේ පළාතේ පැරණි වලව්වක් තියෙනවා. ඉස්සර බොහොම උජාරුවට හිටිය වලව්වක්. දැන් නම් මිනිස්සු කියන්නේ පොල් සම්බෝල වලව්ව කියල. එංගලන්තෙත් දැන් ඒ වගේ තමයි.ඒ වුනාට තවම අපේ වගේ පොඩි රටවලට ඉස්සර හයිය අරන් චන්ඩි පාට් දානවා. (නු)
මේ මොකද එකපාරටම සත්ත්ව කරුණාවක් (දී)
මොනවා උනත් හරිම හොද වැඩක් (දී)
රක්ෂණයක් නැත්නම් එහේ බෙහෙත් ගන්න බෑ (ස)
ගොඩාක් හොද වැඩක්
බලන්න කොයි තරම් හොද වැඩක්ද (දී)
අනිවාර්යෙන්ම පෝලන්තයේ අය ඔක්කොම එය අර එකසැරයක් ආව වගේ. (ත)
ආ.. ඔහෙ ඉන්නෙ රජ ලෙඩ්ඩුනෙ..!(නු)
කලිනුත් එංගලන්තයේ ඔය නොමිලයේ බෙහෙත් දෙන එක තිබ්බා.. නමුත් ඔක නැවැත්තන්න තිරනය කලේ වියදම් යන සැත්කම් කරන්න වෙන රටවල් වලින් පෝලිමට එංගලන්තයට එන්න ගත්තා.. පටන් ගත්තොත් ලංකාවේ අයටත් ටිකට් හදන් ගිහින් බෙහෙත් කරන් එන්න පුලුවන්(නු)