ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් ලබා ලකුණු 165 ක් ඉදිරියෙන් සිටියේය. එංගලන්තය පළමු ඉනිම  ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 සහ දෙවැනි ඉනිම  ඕවර 79 කදී කඩුලූ 3 ට 161 (නික් කොම්ප්ටන් 34, ජෙනතන් ට්‍රෝට් නොදැවී 66, ඉයන් බෙල් නොදැවී 24) ඉන්දියාව පළමු ඉනිම  ඕවර 143 කදී කඩුලූ 9 ට 326 (ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, විරාට් කෝලි 103, මහේන්ද්‍ර සිං දෝනි 99, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 29, ජේම්ස් ඇන්ඩසන් 81/4, ගේ‍්‍රම් ස්වාන් 76/3)