ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී අද (13) ආරම්භ වූ සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන එංගලන්ත පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය. පළමු දිනය අවසන් වන විට ජෝයි රූට් (නොදැවී 31) සහ මැට් ප‍්‍රයර් (නොදැවී 34) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. එංගලන්තය පළමු ඉනිම ඕවර 97 කදී කඩුලූ 5 ට 199 (ජෙනතන් ට්‍රෝට් 44, කෙවින් පීටර්සන් 73, ජෝයි රූට් නොදැවී 31, මැට් ප‍්‍රයර් නොදැවී 34, ඉෂාන්ත් ශර්මා 32/2, රවින්ද්‍ර ජඬේජා 34/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd