ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (06) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 216 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඇලෙස්ටියාර් කුක් නොදැවී ලකුණු 136 ක් ද, ජොනතන් ට්‍රෝට් නොදැවී ලකුණු 21 ක් ද ලබා සිටියහ. ඉන්දියාව පළමු ඉනිම  ඕවර 105 කදී සියලූ දෙනා දැවී 316 (ගෞතම් ගාම්බීර් 60, විරේන්ද්‍ර සෙවැග් 23, චෙටෙෂ්වර් පුජාරා 16, සචින් තෙන්ඩුල්කාර් 76, යුවරාජ් සිං 32, මහේන්ද්‍ර සිං දෝනි 52, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ජේම්ස් ඇන්ඩසන් 89/3, මොන්ටි පනීසාර් 90/4) එංගලන්තය පළමු ඉනිම  ඕවර 73 කදී කඩුලූ 1 ට 216 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 136, නික් කොම්ප්ටන් 57, ජොනතන් ට්‍රෝට් නොදැවී 21)