(සුජිත් හේවාජුලිගේ)

2026 උසස්පෙළ විභාගයේ කාලසටහන වෙනස් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය  කීවාය

අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, පෙර  නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාග කාලසටහන වෙනස් නොකර  ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.

සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බවද ඇය එහිදී පෙන්වා දුන්නාය.