අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිදු නොවීය. මහේස්ත්‍රාත් උසාවියේ සිට ඉහළම උසාවිය දක්වා අධිකරණවල නීතීඥවරුන් වැඩවර්ජනය කිරීම ඊට හේතුවයි.
ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් අලුත්කඩේ ද, තවත් ප්‍රදේශ කිහිපයක නීතීඥවරු විරෝදතා පෙළපාලිද පැවැත්වූහ.
පානදුර උසාවිය ඉදිරිපිට දැන්වීමක් අලවා තිබුනේ නීතීඥවරුන්ගේ වර්ජනය නිසා සියලු නඩු 19 වැනිදා දක්වා කල් දැමූ බවයි.
අලුත්කඩේ විනිසරුවරු අද සියලු නඩු කල් තැබූහ. සෙසු පළාත්හි ද, සියලු නඩු කල් දැමීය.
බලපිටිය උසාවියේදී........ (වීඩියෝව වැලිගොඩගේ දීපාල්)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිසුන් ගසාකන, බොරුව ඇත්ත කරන මේගොල්ලොත් දැන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලනවා. අනේ මන්දා... (නි)
දැන්වත් කෙළින් තීරණයක් ගත්ත එක හොදයි. (නි)
මහජන බලය සියලු බලවේග වලට යටවේ, ඉදිරියටම යන්න, මෙතන දාල තියෙන සමහර අදහස් වලට සැලෙන්න එපා (දී)
කොන්දක් තියෙන මිනිසුන්. ඔබලාට ජයෙන් ජය ( දී)
හිත යටින් දුක ඇති .පොකටි ඒක මතක් වෙනෙකාට (දී)
මෙහේ පාකිස්ථානයක් නොවුණට ලිබියාවක් වෙන්නේ නැහැ කියලා කාටවත්ම හිතුනෙම නැද්ද? (නි)
මෙහේ පකිස්ථානයක් නොවුණට ලිබියාවක් වෙන්න නම් බැරිකමක් නැහැ. (නි)
රේට ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ඔබට ජයෙන් ජය! (නි)
සමගිය බලය වේ. සිහළුනේ, අවදි වෙවු! (නි)
ඒකාධිපතිත්වයට තිත තබමු. (නි)
ඉන්ද්‍රජිත්, මේ නීතී මහත්වරු කන්නෙ රජරට ගොවියො වගා කරන හාල් නෙමෙයි වෙන්න ඇති නේද? වර්ජනය කරලා මා සදහන් කළ ප්‍රශ්න එකක්වත් විසදන්න බැහැ. මේ ප්‍රශ්න විසදන්න තියෙන එකම ක්‍රමය මේ ප්‍රශ්න පිළිබදව ජනතාව තුල පුලුල් සන්වාදාත්මක මතයක් බිහි කිරීම මිසක් වර්ජනය කිරීම නෙමෙයි. එවිට රජයට ඇතිවන පීඩනය තුළ රජයට යම් දෙයක් කරන්න සිදු වේවි. මෙවැනි ක්‍රියාදාමයකට හවුල් වීම සෑම පුරවැසියකුගේම යුතුකමක්. එහෙත් මේ නීතිඥ මහත්වරු එවැනි ක්‍රියාදාමයකට දායක වී නැහැ. ඒ අතින් ගත් කල මේ මිනිස්සු තමන්ගෙ බඩගෝස්තරය ගැන පමණක් හිතන කුහකයන් පිරිසක්. සෑම දෙයකටම වර්ජනය කළ යුතුයි කියන ඔබ වැනි අය සිටින තෙක් මේ ප්‍රශ්න විසදන්න බැහැ. (නි)
රට නැත්තට නැති වෙයි (දී)
ඒකමුත්ව නැගි සිටින්න යුත්තිය අගයන මිනිස්සු ඹබ සමගයි.
මේ මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ කොන්දක් තියෙන නිසා නෙමෙයි තමන්ගෙ පන්තිය රෑක ගන්න. පාරට බහිනව නම් මීට වඩා විශාල ප්‍රශ්න තියෙනව මේ රටේ. රජරට වකුගඩු රෝගීන් 120,000ක් ඉන්නව, මේ මිනිස්සු ඉන්නෙ මරණ වරෙන්තුව අතින් අරගෙන. මේ වන විටත් 50,000 කට ආසන්න ප්‍රමානයක් මිය ගිහින් තියෙනව. මේවා ගැන රජයට කිසිදු වැඩපිලිවලක් නැ. රජය බහු ජාතික සමාගම් වලට යටවෙලා. ඔෂධ සාමාගම් වල මාෆියව නිසා දහස් ගනන් රෝගීන් දුක් විදිනව එත් රජය කොමිස් මුදල් වලට යටවෙලා. ගොවියට තමන්ගෙ අස්වැන්න විකුන ගන්න විදිහක් නැ. අලි මිනිස් ගැටුම් නිසා මිනිස් ජිවිත හා දේපල විශාල වශයෙන් විනාශ වනව. එත් මේ ප්‍රශ්න ගැන මේ මිනිස්සු කටක් අරින්නෙ නැ හේතුව මේ ප්‍රශ්න එකක්වත් තමාගේ පන්තියෙ මිනිසුන්ට අදාල නැති නිසා. (දී)
යුක්තිය පසදලින්න (දී)
යුකිත්ය උදෙසා කෑ මොර දෙන්නයි රටකට දැයකට හිත ඇති මිනිසුනි,.... (නි)
සුනිල්ට එරෙහි ඉන්ද්‍රජිත්ගේ තර්කය නියමයි නේද? (නි)
විපක්ෂයට නැගී සිටීමට ශක්තියක් නැතිකල ඔබලා හෝ මෙසේ නැගී සිටීම ගැන සතුටුයි. (නි)
මෙයාලා ඇත්ත බොරු කරනවානේ. (නි)
අහන්නත් සතුටුයි (දී)
හොඳ ආරම්භයක් .... ඔබට ජය (දී)
ඔබ සැමට ජයවේවා (දී)
ඒක විතරයි. හරියට තිබ්බේ (දී)
රට විනාස මුකයට (දී)
නැවත පන ගන්න වෙනවා (දී)
නිතිය සුරැකීමට පෙළ ගැසෙමු (දී)
හරි ලස්සනයි, උගතුන් පාරේ නටන නැටුම්. (නි)
අයියෝ සල්ලි
"එවිට රජයට ඇතිවන පීඩනය තුළ රජයට යම් දෙයක් කරන්න සිදු වේවි. මෙවැනි ක්‍රියාදාමයකට හවුල් වීම සෑම පුරවැසියකුගේම යුතුකමක්." ඉතින් සුනිල් අනෙක් අයට කියකියා ඉන්නේ ඇයි ඔයාම පටන්ගන්නකො. කෙරෙන්නේ නැති තොවිල් වලට කෝඳුරු තෙල් නොසොයා මේ පටන්ගත් රැල්ලට එක්වී යුක්තිය දිනාගන්න එන්න. ඔයා කියන විදියට කරන්න නම් ලංකාවේ ජනතාවත් ආනයනය කරන්න වෙනවා. (දී)
අයියෝ හැසිරෙන කැත (දී)
දැන් අපේ රටේ ප්‍රභාකරන්ලා ගොඩක් ඉන්නවා. (නි)
සුනිල් කියන සේරම ඇත්ත. ඒත් ඔය හැම එකටමත් නීති වෘත්තිකයින් එළියට බහින්න ගියොත් මොකක්ද එතකොට වෙන්නේ? බහුජාතික සමාගම් වල කොමිස් හුටපට ගැන ඒවාට සෘජුව සම්බන්ධ ගොවි, වෛද්‍ය, පරිසර ආදී සංවිධාන මොනවද කරලා තියෙන්නේ? බොහෝ විට ඒ අංශවල ගැටලුත් අන්තිමට විසඳලා තියෙන්නේ උසාවියම තමා. වකුගඩු රෝගීන් ගැන උසාවි වර්ජනයකින් විසඳුම් දෙන්නේ කොහොමද? රටේ සියලු ප්‍රශ්න එක පිරිසකට විසඳන්න කියලා කියන ඔබතුමා ඔය ලැයිස්තුවේ මොන ගැටළුවටද අඩුගානේ යෝජනාවක්වත් විසඳුමක් හැටියට දීලා තියෙන්නේ? ඔබටත් තියෙන්නේ ආණ්ඩු විරෝධයක් ලෙස වෙස්වලාගත් වෘත්තීය ඉරිසියාව මිස අනෙකක් නොවේ. (නි)
සුනිල් විතරයි මෙතනින් හරි. (නි)
කොන්ද පණ තියන මිනිසුනේ සුඹලට ජය (ත)
සුනිල්, ඔය ප්‍රශ්නයට අදාළ අයවත් කට අරින්නේ නැහැනේ. (නි)
සාධරණ අගයන මිනිසුනේ , නැගිටපල්ලා! මෙය සිදුවෙන්න තිබුණේ මීට කලිනුයි. (නි)
නියමයි. ජයවේවා. අපි හැමෝම ඔබ සමගයි. (ත)
නියමයි. ඕකනේ ඕන උනේ (දී)
මොකද වෙන්නේ.....? (නි)
අපි කාටද කියන්නේ මේවා (දී)
දැන් අසරණ වෙන්නේ කවුද (දී)
නඩු කල් දදා මිනිස්සු අමාරුවේ දාන කොට නං කවුරුවත් පෙලපාලි යන්නෙ නැ. (දී)
අනෙක් පරීක්ෂණෙත් බලලම ඕක කළා නම් නේද වඩා හොද? (නි)
හැමතැනම තියෙන්නේ බොරුව, ආත්මාර්ථකාමීබව... (නි)
තව පොඩ්ඩක් කලබල නොවී හිටියොත් වැඩේ හොදටම කරන්න පුලුවන් වෙයි. (නි)
අලි බොරුවනෙ. මාසේ පඩි නැහැනෙ. උසාවි නොගිහින් ඉන්න බැහැනෙ. (නි)
අධිකරණයෙන් දුන් සමහර නඩු තීන්දු ගැනත් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. (නි)
සුනිල්ගේ අදහස හරියටම හරි. (නි)
කෝට් බැවවල් දාගෙන පාරෙ යන්නෙ කොහොමද මන්දා. මේ දවස්වල හරි ගිරීස්මෙ (දී)
සුනිල් හරියටම හරි. (නි)
ඉස්සෙල්ලා දෝශාභියොගය එපා කිවුවා දැන් සාධාරණ පරීක්ෂනයක් ඔනැලු (දී)
බලාගෙන මහතුනේ, රෑට රෑට සුදු වෑන් එන්නත් බැරි නැහැ. පාකිස්ථානේ වගේ මෙහේ බැහැ කියල කිවුවේ මම නම් නෙමෙයි ඔන්න. (නි)
ඉදිරියටම යන්න. අපි ඔබ සමගයි. (නි)
77 ඉදලා යන්න තිබුණු පෙළපාලියක්නෙ දැන් යන්නෙ. (නි)
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පාරට බැස්ස නීතිඥවරුන්ට ජාතියේ උපහාරය! (නි)
ඔහොම යමු. (නි)
ඉදිරියටම යමු. (නි)
එතකොට බැංකු ගිණුම් කතාවත් බොරුද? (නි)
මේ සේරම එකයි. (නි)
අධිකරණෙත් යකාට ගියාවේ. අපේ සටන අපි ගෙනියනවා. අපිට ඕනෑ සාධාරණයක් නැහැ. අපිත් සටන් කරන්න දක්ෂ අය. අපේ කෙනා වෙනුවෙන් අපි සටනේ. අනෙක් අයත් හෙට පටන් ගනී. දෙගොල්ලොම එකයි. (නි)
මෙහෙම වැඩ නොකරන්න හොද පාඩමක් උගන්වමු. අපි ඔබ සමගයි. (නි)
ඔබට ජය! හොදම දෙය වන්නේ සාධාරණ පරීක්ෂණයක් කිරීමයි. (නි)
යුද්ධය දිනපු එක ඇත්ත. ඒත් ඒක එහෙමයි කියලා මෙහෙම මේ දේවල් වෙන්න දෙන්න බැහැ. (නි)
හිටියත් ඉතින් කරන්නේ නඩු කල් දම දමා දුප්පත් මිනිස්සුන්ව අසරණ කරන එකනේ. (නි)
ඉන්ද්‍රජිත් කියපු වෘත්තීය ඉරිසියාව සුනිල්ට විතරක් නෙමෙයි අපේ පාඨකයින් ගොඩකටම තියෙනවා. විශේෂයෙන් විද්වත් වෘත්තිකයින් පාරට බහිනකල් මොවුන් බලා ඉන්නේ අදහස් වලින් තරහ පිරිමහගන්න. ගොවි හෝ කම්කරු සටන් වලට මේ වගේ ඇනුම්පද කියන්නේ නැත්තේ ඔවුන් ගැන මේ කට්ටියට එතරම් ඉරිසියාවක් නොදැනෙන නිසයි. මේක තමා තිත්ත ඇත්ත. (නි)
ඔබගේ වෑයම විශිෂ්ටයි. ජය වේවා! (නි)
මුලු ලංකාවෙම මෙහෙම වර්ජනය කළා නම් කොච්චර හොදද? ජය වේවා! (නි)
බලතණ්හාවෙන් නටන්නන් හට හොද පාඩමක්. (නි)
මිනිසුනේ, දැන්වත් එකතු වෙයල්ලා! (නි)