පඩි වැඩි කිරීමෙන් මේ රට දියුණු කළ නොහැකියි. වඩා හොඳ ක‍්‍රමය වනුයේ උද්ධමනය අඩු කිරීමයි. ඒ සඳහා නිෂ්පාදනය වැඩි කළ යුතුයි. පොඩි මිනිහාට සුළු ව්‍යාපාර කැරගෙන යාමට බැංකු අත දිය යුතුයි. ලක්ෂපතියන් හා කෝටිපතියන් බිහිකළ හැක්කේ බැංකුවලට පමණය. රාජ්‍ය බැංකු ඔවුනට අත දෙනවා නම් රට දියුණු කළ හැකියි. නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා මහජන බැංකු ශාඛාවක් විවෘත කරමින් එසේ කීවේය.