(අංජුල මහික වීරරත්න)

පේදුරු තුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශ වලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් හතර දෙනකු සෙවීමේ කටයුතු කඩිනම් කරන ලෙස ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය.

27 වැනිදා රාත්‍රී 11 ට පමණ බෝට්ටු දෙකකින් මුහුදු ගිය ධීවරයින් තවමත් වෙරළට පැමිණ නොමැති බව වාර්තා වේ.

ප්‍රදේශයේ ඇති වූ තද සුළං හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටු නැවත වෙරළට පැමිණීමට නොහැකි වන්නට ඇති බව සැක කරයි.

ගුවන් හමුදාවේ සහාය ඇතිව සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණු අතර නවීන තාක්ෂණික පහසුකම් භාවිත කරමින් මුහුදු ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව අමාත්‍යංශය කියයි.

අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත යවා ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් පවතී.