
(සුරංග රාජ නායක)
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා දමා තිබූ කාමරවල තිබී විදේස් රටවලින් පරිත්‍යාග ලෙස ලැබුණ සහල්, පරිප්පු සැමන්, චීස් හා වෙනත් ආහාර ද්‍රව්‍ය තොගයක් කල් ඉකුත්ව ගුල්ලන්ට බිලි වී තිබියදී කොළඹින් පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරින් විසින් අද (25) සොයා ගනු ලැබිය.
දිට්වා සුළිකුනාටුවෙන් ආපදාවට පත් ගම්පොල ජනතාවට බෙදාදීම සදහා ගම්පොල උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණ වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ඇතුළු භාණ්ඩ ජනතාවට ලබා නොදී ගොඩ ගසා තිබීම නිසා එම ද්‍රව්‍ය විනාශ වී තිබුණි.
එහි ඊයේ (24) ගිය විගනන අංශ වෙත ප්‍රාදේශීය ලේකම්වරියගේ බාධා කිරීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය අද 25 දින එහි පැමිණියේය.
නමුත් ඔවුන්ට ද අද පෙරවරුවේ සිට සවස හතර පසුවන තුරු ප්‍රාදේශීය ලේකම්වරිය විසින් බාධා කිරීම නිසා එම ශීල් තබා තිබූ ගබඩා කාමර විවෘත කර ගැනීමට නොහැකිවිය.
පසුව එම නිලධාරීන් ඉහළ උපදෙස් ලබා ගනිමින් පොලිසිය ඉදිරිපිටදී මේ එක් ගබඩාවක් කඩා විවෘත කිරීමේදී මෙම භාණ්ඩ තොගය හමුවුණි.
පසුව අනික් ගබඩා දෙකද විවෘත කර අවස්ථාවේදී ඒවාහි ද විවිධ වූ ද්‍රව්‍යයන් ගොඩ ගසා තිබී හමුවුණි.
රුපියල් කෝටියකට අධික මෙම ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳ කිසිදු ලේඛනයක සඳහන් නොවී තිබූ අතර මාස හතක් පුරා මෙම ද්‍රව්‍යය ආපදාවට ලක් වූ වන්ට බෙදාහැර නොතිබුණි.
සිද්ධිය පිළිබඳව ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය මාධ්‍යට ඊයේ (24) පැවැසූ දේ නිළධාරීන් ඉදිරියේ අද (25) බොරුවක් බවට පත් විය.
මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ගෙන් අප කළ විමසීමකදී ඔහු සදහන් කෙළේ විමර්ශන වාර්තා තමන් වෙත ලැබුණ පසු ඒවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යොමු කර මෙම සිද්ධින්ට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd