IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උගන්ඩා ජනපති එයි

උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි විශේෂ ප්‍රභූ අංගනයේදී ගුවන් හමුදා උත්තමාචාරයන් ඔවුන් වෙනුවෙන් පිරිනැමිණි. විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහත්වරු අමුත්තන් පිළිගත්හ.



අදහස් (0)

උගන්ඩා ජනපති එයි

තිස්ස Tuesday, 13 November 2012 01:15 PM

රාජ්‍ය තාන්ත්‍රික වැඩක්ද

:       0       0

අසෝක Tuesday, 13 November 2012 01:34 PM

අනේ මන්ද මොකද මේ වෙන්න යන්නේ? (ස)

:       0       0

නිශාන් Tuesday, 13 November 2012 01:25 PM

ස්වාසිලන්තයේ රජතුමාට වගේද ??? (ස)

:       0       0

මධු Tuesday, 13 November 2012 01:55 PM

කාලෙකින් සුදු මහත්තයෙක් ලංකාවට ආවෙ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:36 PM

අඩුමගාණේ අපේ රටට විදෙස් නායකයෝ එන එක ගැන හරි අපිට සතුටු වෙන්න පුලුවන්. (නි)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 02:39 PM

ට්‍රිෂාන්, ගයාන්, වරුණ ඔබ හරි. (ස)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:42 PM

කවුරු වුණහම මොකද, අපිට වාසියක් වෙනවා නම්? (නි)

:       0       0

සෝබා Tuesday, 13 November 2012 02:52 PM

අපිට ඉන්නේ මේ වගේ අය තමයි (ස)

:       0       0

සිතාරා Tuesday, 13 November 2012 03:10 PM

අරාබි රටවල ලොක්කෝ තමා ලංකාවට උදව්වට ඉන්නේ. යන්නෙත් එහෙට පමණි. බටහිර රටවලට යන්නත් බෑ, එහෙන් එන්නෙත් නැහැ. (ස)

:       0       0

රජිත් Tuesday, 13 November 2012 07:57 PM

උගන්ඩාවත් රටක්ද ? (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 13 November 2012 10:51 AM

ස්වාසිලන්තේ කට්ටියට පස්සෙ උගන්ඩාවෙන්.....ඊ ලඟට කොහෙන්ද? (ස)

:       0       0

පෙරේරා Tuesday, 13 November 2012 03:25 PM

මේ උදා වී ඇත්තේ ලාංකීය ජනතාවගේ දෙනෙත් හැරීමට කාලයයි. (නි)

:       0       0

ලක්මන් Tuesday, 13 November 2012 11:03 AM

ආධාර ගලා එනවා..අනේ අපේ සල්ලි (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 11:08 AM

ඉස්සෙල්ලා ස්වාසි ලන්තෙන්, දැන් උගන්ඩාවෙන් ඊලඟට සෝමාලියාවෙන්ද ?? (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 13 November 2012 10:53 AM

මම ජීවත් වෙන්නේ උගන්ඩාවේ, උගන්ඩාව අපිට වඩා වේගයෙන් ඉදිරියට යනවා (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 13 November 2012 03:44 PM

කවුරු හරි ඉදල හිටල හරි මේ පෑත්තෙත් ඈවිත් යන එකනම් හොඳයි! (ස)

:       0       0

අශෝක Tuesday, 13 November 2012 11:16 AM

මේ වගේ රටවල්වල ජනාධිපතිවරුද එන්නෙ..? මෙලෝ වැඩක් නැහැ..!(නු)

:       0       0

මධු Tuesday, 13 November 2012 04:10 PM

ඔවු ඉතිං. වෙන කවුරු එන්නද මෙහෙට. (නි)

:       0       0

ට්‍රිෂාන් Tuesday, 13 November 2012 11:36 AM

දැං මේ ස්වාසිලන්තයටය් උගන්ඩාවටයි සමච්චල් කරන අය ලංකාවෙ ගන හිතන් ඉන්නෙ කොහොමද? අමතක කරන්නඑපා වරුණ. ලුම්බිණි අපේ ආර්ථිකයත් ඩොලර් බිලියන පනස් දෙකයි.. අපේ ජනාධිපති චීන ජපන් ගියාම ඔමොම කට්ටිය අදහස් දක්වනවා ඇති නේද?(නු)

:       0       0

වීරසේකර Tuesday, 13 November 2012 04:37 PM

අනාත උන රටකට එන්නෙත් අනාත රටවලින්මයි (ස)

:       0       0

පද්මි Tuesday, 13 November 2012 11:40 AM

මූණ නම් ටිකක් අමුතුයි‍‍‍‍‍‍‍.............. (ස)

:       0       0

ගයාන් Tuesday, 13 November 2012 11:25 AM

උගන්ඩාවෙන් ලංකාවට ආවා වගේ තමා ලංකාවෙන් ලන්ඩන් ගියාම සුද්දො හිනාවෙන්නේ..!(නු)

:       0       0

ජූඩ් Tuesday, 13 November 2012 11:36 AM

මමහිතන්නේ මේ ගොල්ල එන්න ඇත්තේ ලංකාවෙන් ආධාර ඉල්ලගන්න වෙන්න ඇති..!(නු)

:       0       0

අතුල Tuesday, 13 November 2012 11:44 AM

මේ පාරත් ජය වේවා! සුභ අනාගතයක්! (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 12:06 PM

ඒක තමයි ට්‍රිෂාන් අපිත් මේ තේරුම් කරලා දෙන්න හදන්නේ ලොකු ලොකු රටවල් වල නායකයෝ මෙහෙ එන්නෙ නැහැ.. අඩුම තරමේ රුසියන් නායකයන්වත් මෙහෙ එන්නෙ නැහැනේ..!(නු)

:       0       0

දයා-සවුදි Tuesday, 13 November 2012 11:51 AM

ස්වාසිලන්තයේ රජතුමාට ‍වගේ මෙතුමාටත් අර පහසුකම් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

ජූඩ් Tuesday, 13 November 2012 12:12 PM

එයාලා කන කෑම ලංකාවෙ නම් හොයාගන්න හරිම ලේසියි. (නි)

:       0       0

වාසල Tuesday, 13 November 2012 12:27 PM

උගණ්ඩාව ලංකාව තරම් දියුණූ නැතත් ඒ අය අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දක්වනවා. හරිම නිදහස් රටක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 13 November 2012 12:51 PM

දේශපාලකයා සතු සැබෑ යුතුකම නම් පාපකාරී ලොවක සැබෑ යුක්තිසහගත බව පිහිටුවාලීමයි. (නි)

:       0       0

හිල්මි Tuesday, 13 November 2012 05:34 PM

ඔබ හරියටම හරි සිතාරා.. මොකද මේ අදහස් දාන අයට තේරෙන්න් නැහැ අරාබි රටවලින් ලැබෙන ආධාර ඒගොල්ල හිතන්නේ අරාබි රටවලුත් තියෙන්නේ අප්‍රිකාවෙ කියලා.. මේ ජෝඩුව නවතැන් ගෙන තියෙන්නේ කොහෙද කියලා හොයලා බලන්න..!(නු)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 13 November 2012 12:49 PM

මම අහලා තියෙන්නේ නම් ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හරිම ඉහළයි කියලා. හැබැයි මේකේ අදහස් දැක්කහම නම් මට එහෙම හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site