වයස අවුරුදු 4-6 කඩා දරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊජිප්තුවේ කයිරෝ නුවරට දකුණුන් වූ ගම්මානයක දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් හා ගැටීමෙන් කුඩා ළමෝ 47 දෙනෙක් මඳ වේලාවකට කලින් මරුමුට පත් වූහ. තවත් ළමයින් 13 දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අනතුර වීමත් සමග ප්‍රවාහන ඇමැතිවරයා ද දුම්රිය ප්‍රධානියා ද ඉල්ලා අස්වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! ඒ රටේ පාලකයන්ට ලංකාව දිහා බලලාවත් ආදර්ශයක් අරගෙන, ආශ්චර්ය කරා යන හැටි අත්හදා බලන්නවත් තිබුණනේ. (නි)
අන්න ජනතාවට ආදරය කරන නායකයෝ.. ඒකට අපේ රටේ නායකයෝ... අනේ පොඩි දරුවන් ටික..!(නු)
මේක ලංකාවේ වුණා නම් බස් රියදුරාට වරද පටවයි. (නි)
අපේ බන්ධනාගාරයේ නිලධාරීනුත් දැන් මේක ආදර්ශයට ගනීද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ මෙහෙම දෙයක් වෙලා 1000ක් මැරුණත් අස්වීම ගැන නම් කතා බොරු. (නි)
මෙන්න නියම ජනතා සේවකයින්.. (නි)
ඇයි එතුමා ඉල්ලා අස්වුණේ? දුම්රිය පැදෙවුවෙ එතුමා නෙමෙයිනේ. (නි)
රටකට ඇති එකම සම්පත තම ජනතාවයි. එම උතුම් වස්තුව රැක ගැනීමට අපොහොසත් වීම තම අත්වැරද්දක් ලෙස පිළිගත් නායකයන් ලැබීම රටකට ඇති අනෙක් සම්පතයි. අපේ රටේ මෙවන්නක් සිදුවුණා නම්...? (නි)
සිද්ධිය ගැන අපිට කියන්න බැරිතරම් කණගාටුයි. හැබැයි ඔය වගේ සිද්ධි 10ක් වුණත් අපේ කට්ටිය ගැනනම් මොන කතාද? (නි)
දුම්රිය ඇමතිතුමා කොයි
මේ නායකයෝ මනසින් කොයිතරම් උසස්ද? ඒත් දරුවන් ගැන දුකයි. (නි)
ඔබ සැම දෙනාටම නිවන් සැප ලැබේවා (දී)
ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. (නි)
ඇයි අපේ ලංකාවෙත් දෙන්නෙක්ම අස්වුණේ. (නි)
මෙන්න වැදගත් රටවල්... (නි)
ඇයි අපේ සමහර ඇමතිවරුත් ප්‍රසිද්ධියේම කිවුවේ එයාලා මත්පැන් පානය කරනවා කියලා. (නි)
මේ විදියට අපේ රටෙත් වුණොත් පාර්ලිමේන්තු, මණ්ඩල, දෙපාර්තමේන්තු ... ඔක්කොම අද හිස්. (නි)
ඒක තමයි ඒ රටේ සම්මතය. ඒකට අපේ අය (ස)
සිදුවූ අනතුර ගැන අපගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. කීවාට මොකද අපේ රටෙත් මැති ඇමතිවරු ඒ වගේම තමා. බලන්නකෝ ඊජිප්තුවේ වුණ සිදුවීමටම අපේ අය දැනටම අස් වෙන්න පොරකනවා ඇති. ඒ වුණාට අපේ කට්ටිය ම් ඊට ඉඩ දෙන්නේ නැහැ, මොකද ඒ දේශ හිතෙෂි ,අවංක , පරහිතකාමී අපේ ගරු මැති ඇමතිවරු ගියහම කවුද මේ රට නගා සිටුවන්නේ? අපි දන්නවා අපේ විධායක නායක තුමා ඉන්නකම් අපිට ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අනේ අපේ මැති ඇමතිලාට චීරන් ජයතු ! (නි)
ලංකාවේ දේශපාලඥයන්ට උතුම් ආදර්ශයක්. (නි)
හරියට ලංකාවේ වගේමයි. (නි)
අනේ ඇයි ඊජිප්තුවේ පාලකයින් අපේ ලංකාවේ අයව ආදර්ශයට නොගත්තේ? (නි)
ලංකාවට හොද ආදර්ශයක්. (නි)
ඒ රටේ පාලකයෝ ඇත්තටම මහත්වරු. (නි)
දැන්වත් ප්‍රවාහන බලධාරීන්ගේ ඇස් ඇරේවිද මන්දා? (නි)
අන්න නියම ඇමතිලා. නේද මහත්තයෝ? (නි)
අනේ අපේ ලංකාවේ ඇමතිවරු මේක කියවනවද දන්නෙ නැහැ? (නි)
මට හිතෙන්නේ ඔවුන් ගත් තීරණය නිවැරදියි. අපේ ලංකාවෙත් ඔහොමමයි. පොඩ්ඩක් වැරදෙන්න බැහැ, අස්වෙනවා. (නි)
රටම ගිනිගත්තත් අපේ රටේ නම් ඉල්ලා අස්වෙන්නෙ නැහැ. (නි)
පවු ළමයි ටික. (නි)
අපේ රටෙත් කොච්චර දේවල් නම් විනාශ වුණාද? හැබැයි අදාළ ඇමතිලා නම් තාමත් ඉන්නවා. (නි)
ලංකාවේ ඇමතිවරුන්ටත් හොද ආදර්ශයක්. (නි)
ආදර්ශමත් අවංක ඇමතිවරයෙක් සහ දුම්රිය ප්‍රධානියෙක්. ඔවුන්ට ගරුකළ යුතුයි. (නි)
අනේ පවු. ගොඩක් චූටි දරුවෝ ටිකක්. (නි)
අහිංසක මල් කැකුළු පව්..!(නු)