
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඊ.ටී.අයි. ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ලබන 15 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (12) දා නියෝග කළේය.
ඒ අනුව ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප දෙනවාද නැද්ද යන්න තීරණය එදිනට ලබා දීමට නියමිත බවද මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් පැවසීය.
අදාළ සැකකරුවන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින අතර ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd