අග විනිසුරුවරියට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ  ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගයට එරෙහි පෙත්සම් විමර්ශනය කළ යුතු ආකාරය පිළිබඳව අභියාචනාධිකරණයෙන් යොමු කැරුණු අයදුම්පත් හතක් දෙසැම්බර් 13 හා 14 දිනයන් හි විභාගය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ රජතුන් කට්ටුවක් අද තීරණය කෙළේය. නිමල් ගාමිණි අමරතුංග, කේ. ශ්‍රී. පවාන් සහ ප්‍රියසාද් ඩෙෆ් යන විනිසුරුවරු ඊට අයත් වෙති. පාර්ලිමේන්තු කතානායකට හා දෝෂාභියෝගය විමසා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මේ ගැන දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීට නියෝග කෙළේය. . සභාපති විනිසුරු නිමල් ගාමිණි අමරතුංග මහතා පැවැසුයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාකරන බවයි ලිඛිත කරුණු දැක්වීමට තේරීම් කාරක සභාවට සතියක් කල් ඇති බව අධිකරණය සඳහන් කරයි. මෙම විභාගෙය වෙනුවෙන් කතානායකට හා තේරීම් කාරක සභාවට නොතීසි නිකුත්කර තිබුණ ද එහි සාමාජිකයන් හෝ ඔවුන් වෙනුවෙන් නීතිඥවරු අද පෙනී සිටියේ නැත. මේ අතර පාර්ලිමේන්තු කතානායක චමල් රාජපක්ෂ මහතා පෙරදින පැහැදිලිවම ප්‍රකාශ කෙළේ තමාට හෝ තේරීම් කාරක සභාවට නියෝග දීමට පිටස්තර කිසිවකුටත් බලයක් නැති බවයි.