ඉතාලියේ ශ්‍රී ලාංකික සියදිවි නසා ගැනීමේ රැල්ලට තවත් එක් මරණයක් එක් විය.
නාපොලි නගරයේ ජීවත්වූ තවත් ශ්‍රී ලාංකිකයකු (30) සිය දිවි නසා ගත්තේ ය. ඒ අනුව මේ වසරේ මියගිය එකොලොස් වැනියා ඔහුය. මිය ගිය සියලු දෙනාම තරුණයෝය.
මේ අතර රෝම අගනුවර බීමතින් ප්‍රතිවිරුද්ධ දිසාවට මෝටර් රථය ධාවනය කිරීමෙන් තවත් ශ්‍රී ලාංකියෙක් (30) බරපතල තුවාල ලබා දින කිහිපයක් සිහිසුන්ව රෝම මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති. එක්දරු පියකු වන ඔහුගේ බරිය තම සැමියාගේ තත්ත්වය දැක රෝහලේ සිහිසුන්ව ඇද වැටිණි. වෛද්‍යවරුන් ඇයට ද ප්‍රථමාධාර ලබා දුන් අතර එහිදී අනාවරණය වූයේ ඇය සති හතරක ගැබිනියක බවයි. මේ බව ඔවුන් නොදැන සිටියහ.
අධික ලෙස බීමතින් රිය පැදවූ ඔහුගේ මිතුරා (35) මෙයට පෙර ද රිය අනතුරු පහක් සිදු කිරීමේ වරදට රියදුරු බලපත්‍රය අත්හිටවූ අයෙකි.
ප්‍රතිවිරුද්ධ දිසාවට රිය පැදවීමත් අධික ලෙස බීමත්ව සිටීමත් රියදුරු බලපත්‍රයක් නොමැතිවීමත් යන කරුණු මත ඔහුට විරුද්ධව පොලිස් නීතිය ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන් ඉතාලියත් ලංකාවක් වෙලා..(නු)
අනේ අපේ රටේ අය ලෝකෙ කොහෙ ගියත් සුභ මොහොතින් මත් පැන් ටික පානය කරලා තමයි වැඩ පටන්ගන්නෙ...!(නු)
මේ අයට ඉතින් මොනවද කියන්නේ (ස)
අපොයි ඔව මෙයාලා අපිවත් කාල රටත් කනවා අපිටත් දැන් මෙහෙ ඉන්න අමාරු කාලයක් උදාවෙලා තියෙන්නේ (නු)
කොහොමත් අපේ අය ප්‍රතිවිරුද්ධ දිසාවල යන්න දක්ෂයිනේ (ස)
සූදුව නිසා බෙල්ල වැල දාගෙන.. සුරාව නිසා පණ අදිනවා.. මේ අය මැරෙන්න ඉතාලි ආවනේ ලක්ෂ ගනන් ගෙවාගෙන..!(නු)
නරක මිතුරු ඇසුර මාරාන්තිකය. (නි)
ඉක්මන් සුව ලැබේවා කියා පතනවා.. මොනවා උනත් ලංකාවෙ පුද්ගලයෙක්...!(නු)
අපේ අය කොහේ ගියත් ප්‍රති විරුද්ධ දිසාවටම වැඩ කරලනේ පුරුදු....එකෙන් මේකෙන් දුක් විඳින්නේ ළඟ ඉන්න අය...(නු)
ලංකාවේ හිටියා නම් කොහොමත් ඉතින් කාගෙන් හරි පිහි පාරක් කාලා හරි, වාහනයකට යටවෙලා හරි මැරෙන එකනේ. (නි)
පුළුවන් කමක් තියෙනවානම් යන්නේ නැහැ (දී)
රටේ නම කතා නොකර ජීවත් වෙන්න බලන්න..!(නු)
බුදු සරණයි..!(නු)
පිට රට ඉන්න හැමෝම හිතට ගන්න ඕන ආපු කාරණය මොකද්ද කියලා.. එහෙම හිතනවා නම් මේ වගේ විපත් අඩු කරගන්න පුළුවං... ඉක්මන් සුවය පතනවා..!(නු)
පොලියට සල්ලි අරගෙන ඉතාලි ඇවිලල්ා ඒවා ගෙවාගන්න බැරිඋනාමව තමයි මෙහෙම කරන්නෙ..! මේ රටවල දැං රැකියා නැහැ.!(නු)
කොල්ලනේ ආපහු එන්න (ස)
අධික ලෙස බීමතින් රිය පැදවූ ඔහුගේ මිතුරා අවුරුදු 26යි.. කාර් 10ක් විතර හප්පපු කෙනෙක්.. මම දන්නවා එයාව.!(නු)
අනේ අම්මපා, මෙයාලව උල තියන්න වටිනවනේ මේ කරන දේවල් වලට. (නි)
ලාංකිකයන්ගේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණය තමයි නූගත්කමයි බීමත්කමයි..!(නු)
ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ ඉතින්. (නි)