ඉතාලියේ ශ්‍රී ලාංකික සියදිවි නසා ගැනීමේ රැල්ලට තවත් එක් මරණයක් එක් විය.
නාපොලි නගරයේ ජීවත්වූ තවත් ශ්‍රී ලාංකිකයකු (30) සිය දිවි නසා ගත්තේ ය. ඒ අනුව මේ වසරේ මියගිය එකොලොස් වැනියා ඔහුය. මිය ගිය සියලු දෙනාම තරුණයෝය.
මේ අතර රෝම අගනුවර බීමතින් ප්‍රතිවිරුද්ධ දිසාවට මෝටර් රථය ධාවනය කිරීමෙන් තවත් ශ්‍රී ලාංකියෙක් (30) බරපතල තුවාල ලබා දින කිහිපයක් සිහිසුන්ව රෝම මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති. එක්දරු පියකු වන ඔහුගේ බරිය තම සැමියාගේ තත්ත්වය දැක රෝහලේ සිහිසුන්ව ඇද වැටිණි. වෛද්‍යවරුන් ඇයට ද ප්‍රථමාධාර ලබා දුන් අතර එහිදී අනාවරණය වූයේ ඇය සති හතරක ගැබිනියක බවයි. මේ බව ඔවුන් නොදැන සිටියහ.
අධික ලෙස බීමතින් රිය පැදවූ ඔහුගේ මිතුරා (35) මෙයට පෙර ද රිය අනතුරු පහක් සිදු කිරීමේ වරදට රියදුරු බලපත්‍රය අත්හිටවූ අයෙකි.
ප්‍රතිවිරුද්ධ දිසාවට රිය පැදවීමත් අධික ලෙස බීමත්ව සිටීමත් රියදුරු බලපත්‍රයක් නොමැතිවීමත් යන කරුණු මත ඔහුට විරුද්ධව පොලිස් නීතිය ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසුරු සොයා ගොස් විහින් නැහෙන තරමක්
මුතුකුඩ Tuesday, 25 December 2012 10:18 PM
එහෙනම් දැන් ඉතාලියත් ලංකාවක් වෙලා..(නු)
ෂෙරිෆ් Tuesday, 25 December 2012 10:39 PM
අනේ අපේ රටේ අය ලෝකෙ කොහෙ ගියත් සුභ මොහොතින් මත් පැන් ටික පානය කරලා තමයි වැඩ පටන්ගන්නෙ...!(නු)
චමී Wednesday, 26 December 2012 01:43 PM
මේ අයට ඉතින් මොනවද කියන්නේ (ස)
සනත් ඉන්දික Tuesday, 25 December 2012 11:28 PM
අපොයි ඔව මෙයාලා අපිවත් කාල රටත් කනවා අපිටත් දැන් මෙහෙ ඉන්න අමාරු කාලයක් උදාවෙලා තියෙන්නේ (නු)
පැස්කුවෙල් Wednesday, 26 December 2012 02:26 PM
කොහොමත් අපේ අය ප්‍රතිවිරුද්ධ දිසාවල යන්න දක්ෂයිනේ (ස)
නිසලි Wednesday, 26 December 2012 12:40 AM
සූදුව නිසා බෙල්ල වැල දාගෙන.. සුරාව නිසා පණ අදිනවා.. මේ අය මැරෙන්න ඉතාලි ආවනේ ලක්ෂ ගනන් ගෙවාගෙන..!(නු)
චන්ද්‍රා Wednesday, 26 December 2012 02:00 AM
නරක මිතුරු ඇසුර මාරාන්තිකය. (නි)
නීලා Wednesday, 26 December 2012 03:23 AM
ඉක්මන් සුව ලැබේවා කියා පතනවා.. මොනවා උනත් ලංකාවෙ පුද්ගලයෙක්...!(නු)
මධුක Wednesday, 26 December 2012 03:41 AM
අපේ අය කොහේ ගියත් ප්‍රති විරුද්ධ දිසාවටම වැඩ කරලනේ පුරුදු....එකෙන් මේකෙන් දුක් විඳින්නේ ළඟ ඉන්න අය...(නු)
රූපසිංහ Wednesday, 26 December 2012 06:59 AM
ලංකාවේ හිටියා නම් කොහොමත් ඉතින් කාගෙන් හරි පිහි පාරක් කාලා හරි, වාහනයකට යටවෙලා හරි මැරෙන එකනේ. (නි)
අසංක Wednesday, 26 December 2012 07:05 AM
පුළුවන් කමක් තියෙනවානම් යන්නේ නැහැ (දී)
සිල්වා තබුක් Tuesday, 25 December 2012 05:25 PM
රටේ නම කතා නොකර ජීවත් වෙන්න බලන්න..!(නු)
තුමාර Tuesday, 25 December 2012 05:28 PM
බුදු සරණයි..!(නු)
රොකී Tuesday, 25 December 2012 05:41 PM
පිට රට ඉන්න හැමෝම හිතට ගන්න ඕන ආපු කාරණය මොකද්ද කියලා.. එහෙම හිතනවා නම් මේ වගේ විපත් අඩු කරගන්න පුළුවං... ඉක්මන් සුවය පතනවා..!(නු)
ජීවක Tuesday, 25 December 2012 05:42 PM
පොලියට සල්ලි අරගෙන ඉතාලි ඇවිලල්ා ඒවා ගෙවාගන්න බැරිඋනාමව තමයි මෙහෙම කරන්නෙ..! මේ රටවල දැං රැකියා නැහැ.!(නු)
රම්සි Wednesday, 26 December 2012 10:18 AM
කොල්ලනේ ආපහු එන්න (ස)
එස්.එල් Tuesday, 25 December 2012 06:30 PM
අධික ලෙස බීමතින් රිය පැදවූ ඔහුගේ මිතුරා අවුරුදු 26යි.. කාර් 10ක් විතර හප්පපු කෙනෙක්.. මම දන්නවා එයාව.!(නු)
සංජි Wednesday, 26 December 2012 10:48 AM
අනේ අම්මපා, මෙයාලව උල තියන්න වටිනවනේ මේ කරන දේවල් වලට. (නි)
පිටිගල මිලානෝ Tuesday, 25 December 2012 07:23 PM
ලාංකිකයන්ගේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණය තමයි නූගත්කමයි බීමත්කමයි..!(නු)
සුරංග Tuesday, 25 December 2012 08:05 PM
ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්නේ ඉතින්. (නි)