සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ විවිධ හේතු මත තම සේවාදායක නිවෙස්වලින් පලාගොස් අවතැන්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 16 දෙනෙක් පෙරේදා ආගමන විගමන නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. සෝමාලියා කාන්තාවෝ කිහිපදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම කාන්තාවන් සියලු දෙනාම දමාමි හා අල්බාදියා ප්‍රදේශවල සැඟවී සිටි අය බවත් ඔවුන් හාම්පුතාගේ නිවෙස් වලින් පලා ගොස් වැඩි වැටුපකට වෙනත් නිවෙස් වල අනවසරයෙන් වැඩ කරමින් සිට දිනපතා හෝ සතිපතා සේවය හමාර කර විවේක ගැනීම සඳහා තම පෞද්ගලික මුදලින් ලැගුම් හල්වල සිටි අය බව ද කියති. අපචාර ක්‍රියා මත ලංකාවෙන් ගිය ගැහැනු හය දෙනෙක් ද පිරිමි දෙනෙක් ද මීට දින කිහිපයකට පෙර සැකපිට අත්අඩංගට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හරියට හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑනේ (ස)
මමත් ඉන්නේ සෞදි. මම මේ ප්‍රවෘත්තිය ගැන කිසිම වැරැද්දක් කියන්නෙ නැහැ. (නි)
ඕවා ගැන අපි කතාකරලා වැඩක් නැහැ. සම්පූර්ණ වගකීම ඒ රජය විසින් බාරගත යුතුයි. (නි)
මේවට මොනවා කියනවද කියලා හිතාගන්න බෑ (ස)
රට රස්සා වලට යන හැමෝම වැරදි කරන්නෙ නැහැ. අනික රට යන කාන්තාවන් පමණක් නොවෙයි වැරදි කරන්නේ. (නි)
අපේ රටේ නම කැත කරන්න රට ගිය අයට දඩුවම් දිලාත් මදි (ස)
දැන්වත් මේවාට වගකිවයුතු බලධාරීන් පියවර ගතයුතුයි. (නි)
සෞදි අරාබියාවට ගෑහ සේවිකාවන් යැවීම වහාම නතර කරන්න. (නි)
ඒජන්සි ගැන වගකියුත්තන් මීටවැඩිය සොයා බලනවා නම් මෙවැනිදේවල් වෙනඑක අඩුවෙයි නේද? (නි)
මෙවැනි අය දැන් විදින දඩුවම් හොදටම ඇති. හැබැයි එයාලගෙන් සැනසෙන්න ගිහින් ඔයාලා නම් දඩුවම් විදින්න එපා. (නි)
අරාබිෙය් හරියට ඉන්න කෙනාට ප්‍රශ්න නැහැ. වැරදියට ඉන්න කෙනාට ප්‍රශ්ණ තමයි. (නි)
සෞදියේ වැරැද්ද නෙමෙයි මේ. අපේ අයගේ වැරැද්ද. (නි)
සෞදි අරාබියට කිසිම කාන්තාවක් යවන්න එපා (ස)
වෛද්‍ය පරීක්ෂණයකුත් තියලා බලලා ගන්න එක තමයි හොද. (නි)